පරිප්පු කනවා නම් දැන­ගෙන කන්න | සිළුමිණ

පරිප්පු කනවා නම් දැන­ගෙන කන්න

රනිල භෝග­වල ඇති ප්‍රති­පෝ­ෂක කෑම වේලේ පෝෂණ කොටස් ශරී­ර­යට උරා­ගැ­නීම වළ­ක්ව­නවා

පැරැ­ණියන් එම භෝග ආහා­ර­යට ගත්තේ  සූප විද්‍යා­ත්ම­කව ප්‍රති­පෝ­ෂක ඉවත් කරලා

උය­න්නන් වාලෙ උයලා පරිප්පු කෑමෙන් පෝෂණ ගැටලු රැසක්

 

රිප්පු යනු ලංකාවේ ළමා මහලු කොයි කාටත් නැතු­වම බැරි කෑමකි. එක දව­ස­ක්වත් පරිප්පු නොකන ලක්වැ­සි­යෙකු හොයා ගන්න බැරි තර­ම­ට­මට පරිප්පු ලාංකි­ක­යන්ගේ ආහාර වේල තුළ ස්ථාපිත වී ඇත. පරිප්පු සාමා­න්‍ය­යෙන් පෝෂ­ණීය, විශේ­ෂ­යෙන් ප්‍රෝටීන් බහුල කෑමක් ලෙස පිළි­ගැනේ. රතු පරි­ප්පු­වල ෆෝලික් අම්ලය, විට­මින් බී 9 වගේම යක­ඩත් සරු­වට තිබේ. ඊට අම­ත­රව කැල්සි­යම්, සින්ක්, පොස්ප­රස් ස්වල්ප වශ­යෙන් ඇත.

ඉන්දි­යාවේ හැදෙන පරිප්පු නිසා ඉන්දි­යාව පෝසත් වන නමුත් ලංකාවේ අපේ පෝෂ­ණය පෝසත් වෙන­වාද යන කාර­ණාව ගැන දෙව­රක් හිත­න්නට වී තිබේ. ඒ පරි­ප්පු­වල ගැට­ලු­වක් නොව, අප පරිප්පු ආහා­ර­යට ගන්නා ආකා­රයේ අවුල් සහ­ගත ස්වරූ­පය නිසාය. පරිප්පු පම­ණක් නොව, මුං, සෝයා, කඩල වැනි ඇට වර්ගත් ආහා­ර­යට සකස් කර­ගන්නා ක්‍රමයේ බර­ප­තළ ගැට­ලු­වක් තිබේ.

එයට හේතුව පරිප්පු, මෑ, මුං ඇට, කවුපි, කඩල, බෝංචි, සෝයා බෝංචි, කොල්ලු වැනි ආහාර වර්ග­වල ස්වභා­වි­ක­වම ඇති ශාක පදාර්ථ වර්ග­යකි.

එම ශාක පදාර්ථ විද්‍යා­ත්ම­කව ප්‍රති­පෝ­ෂක (Antinutrients) ලෙස හැඳින්වේ. ප්‍රති­පෝ­ෂක යනු අප ගන්නා ආහා­ර­වල ඇති අත්‍ය­වශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අව­ශෝ­ෂ­ණය කර ගැනී­මට ශරී­ර­යට ඇති හැකි­යාව අඩු කරන ශාක සංයෝ­ග­යන්ය.

ඒවා ශාකයේ ආර­ක්ෂා­වට ඇති ස්වභා­වික සංඝ­ටක වේ.

පයි­ටේට්, ටැනින්ස්, ලෙක්ටින්ස්, ප්‍රෝටීස් ඉන්හි­බි­ටර්ස් (Phytate (phytic acid), Tannins, Lectins, Protease inhibitors) නම් වූ ඒ ප්‍රති­පෝ­ෂක සංඝ­ටක බහු­ලව ඇත්තේ රනිල කුලයේ ඇට වර්ග­ව­ලය. එම ප්‍රති­පෝ­ෂක නිසා අප ගන්නා ආහා­ර­වල ඇති ප්‍රෝටීන, යකඩ, කැල්සි­යම්, සින්ක් , අය­ඩීන් වැනි ක්ෂ්‍රද්‍ර පෝෂක වර්ග අව­ශෝ­ෂ­ණය වැළැ­ක්වීම හෝ නිසි­යා­කා­රව අව­ශෝ­ෂ­ණය කර­ගැ­නී­මට බාධා පැමි­ණ­වීම සිදු වන බව විද්‍යා­ත්ම­කව තහ­වුරු කර ඇත.

අවු­රුදු ලක්ෂ ගණ­නා­වක් තිස්සේ මිනි­සුන් රනිල භෝග ආහා­ර­යට ගත්තේ නැත.

රනිල කුලයේ ශාක නිෂ්පා­දන මිනි­සුන් ස්වකීය ආහා­ර­යට එක් කර­ගන්නේ දැනට අවු­රුදු දස දහ­ස­කට පෙරය.

එනම් කෘෂි­කා­ර්මික යුග­යේ­දීය. නමුත් කල් යත්ම එම භෝග රස­වත්, ගුණ­වත් නමුත් එම භෝග අාහාර ලෙස ගැනීමේ යම් ගැට­ලු­වක් ඇති බව මිනිස්සු තේරුම් ගත්හ. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස එම අහාර භෝග­වල ඇති ප්‍රති­පෝ­ෂ­ක­වල බල­පෑම අඩු කර­ගැ­නීම සඳහා සූප­වේ­දී­මය ශිල්ප ක්‍රම අත්හදා බැලූහ. එහි යහ­පත් ප්‍රති­ඵල අත් කර ගත්හ.

ප්‍රති­පෝ­ෂක ඉවත් කර ගන්නා ආකා­රය.

පැය ගණ­නා­වක්

1. රනිල ඇට වර්ග දියේ පොඟවා තැබීම.

2.■පැල වෙන්න දැමීම

3. වැඩි වේලා­වක් පිස­ගැ­නීම

4. ක්ෂුද්‍ර ජීවී­මය පැස­වීමේ ක්‍රියා­ව­ලි­යට

ලක් කිරීම,

(සෝයා­ව­ලින් සකස් කරන සෝස්, ටොෆු (tofu) , සුෆූ (Sufu) අච්චාරු වැනි ආහාර වර්ග )

ඉහත සූප­වි­ද්‍යා­ත්මක ක්‍රම මඟින් හානි­කර ප්‍රති­පෝ­ෂක නිෂේ­ධ­නය වීම හෝ අඩු වීම සිදු වන බව විද්‍යා­ත්ම­කව සොයා­ගෙන තිබේ.

දැනට අවු­රුදු තිහ හත­ළිහ­කට පෙර ලංකාවේ මිනිස්සු පරිප්පු මෙත­රම් පරි­භෝ­ජ­නය නොක­ළහ. ඒ වක­වා­නුවේ ලක්වැ­සි­යන්ගේ ජන­ප්‍රි­යම කෑම වී තිබුණේ මුං ඇට, කවුපි, කොල්ලු වැනි ධාන්‍ය වර්ගය. ඔවුහු ඒවා පිසී­මට පෙර පැය ගණ­නා­වක් වතුරේ පෙගෙන්න හැරි­යහ. බොහෝ විට රැයක් එළි වන තුරු තැබූහ. උයන්න ගියත් පැය භාග­යක් විතර පිස­ගත්හ. එයින් රනිල පවුලේ ඇට වර්ග­වල ඇති ප්‍රති­පෝ­ෂක විනාශ වීම හෝ ඒවායේ බල­පෑම අවම විය. දැන් බොහෝ දෙනා මේ උප­ක්‍රම භාවිත නොක­රති.

සෝයා ඇට, කඩල, මුං ඇට, පරිප්පු අමු­වෙන්ම අඹරා කෑම­ව­ලට යොදා­ගන්නා ආකා­රය දක්නට ලැබේ. ධාන්‍ය­මය ආහාර නමින් අර පෝෂ, මේ පෝෂ ලෙස නම් කළ ආහාර වර්ග, ටීවීපී, සීරි­යල් වර්ග මහා පරි­මා­ණ­යෙන් වාණි­ජව නිෂ්පා­ද­නය වෙමින් ඇත. ඒවා හඳු­න්වන්නේ ආශ්ච­ර්ය­වත් පෝෂ­ණීය ආහාර ලෙසය.

ඒ වාණි­ජ­මය පම්පෝ­රිය කෙරෙහි විශ්වා­සය තබා අපි ඒවා ගිල දම­මින් සිටිමු. එහෙත් ඒ ආකා­ර­යෙන් සැක­සුණු රනිල ඇට වර්ග­ව­ලින් සකස් කළ ආහා­ර­වල ඇතැයි කියැ­වෙන පෝෂ්‍ය පදාර්ථ නිය­මා­කා­ර­යෙන් ශරී­ර­යට උරා­ගන්නේ නැත. එමෙන්ම අප ගන්නා අනෙ­කුත් ආහා­ර­වල ඇති පෝෂ්‍ය පදා­ර්ථත් උරා­ගැ­නී­මට ඉන් බාධා පැමි­ණ­විය හැකිය. එබැ­වින් අප බලා­පො­රොත්තු වෙන පෝෂ­ණය ශරී­ර­යට නොලැ­බෙ­න්නට පුළු­වන.

සාමා­න්‍ය­යෙන් එළ­වළු, පල­තුරු, මස්, මාළු, බිත්තර සහ හිත­කර තෙල්වලින් සුසැදි සම­බල ආහාර වේලක් ලබා­ගන්නා පුද්ග­ල­යෙ­කුට එම ප්‍රති­පෝ­ෂ­ව­ලින් බර­ප­තළ හානි­යක් වන්නේ නැත. ඒත් මන්ද­පෝ­ෂ­ණ­යෙන් පෙළෙන අය, ගර්භිණී මවු­වරුන්, කුඩා දරු­වන් ඒ වගේම ආහාර වේල තනි­ක­රම ධාන්‍ය හා රනිල කුල­යට අයත් ආහාර මත පද­නම් කර­ගත් නිර්මාංසාහාරි පුද්ග­ල­යන් අතර එය ගැට­ලු­වක් වීමට පුළු­වන.

කෙසේ වෙතත් ප්‍රති­පෝ­ෂක ඉවත් කර­ගැ­නීම සඳහා පැරැ­ණියන්ගේ සුප­වේ­දීය ක්‍රම ශිල්ප නැවත අපගේ කුස්සි­ව­ලට ආදේශ කරගැනීම වර­දක් නැත.

මක්නි­සාද යත් යුරෝපා ජාතීන් මොන තරම් කාර්ය බහුල වුවද තව­මත් මුං ඇට ආහා­ර­යට ගන්නේ පැළ කිරී­මෙන් පසුය. එසේම සෝයා බහු­ලව ආහා­ර­යට ගන්නා චීනය, ජපා­නය, කොරි­යාව වැනි රට­ව­ල්වල ජන­තාව පැස­වීමේ ක්‍රියා­ව­ලි­යට ලක් කළ සෝයා ආහාර හැර වෙනත් සෝයා නිෂ්පා­දන ආහා­ර­යට ගැනීම සිදු නොක­රන තරම්ය.

පරිප්පු ගැන කතා කරන්නේ නම් එහි පොත්ත ඉවත් කර ඇති නිසා, ප්‍රති­පෝ­ෂක ඉවත් කර­ගැ­නී­මට වැඩි කාල­යක් පොඟවා තැබි යුතු නැත. පරිප්පු දෙතුන් වතා­වක් ඉතා තදින් සෝදන්න.

ඒ ජලය ඉවත් කරන්න. පිසී­මට පෙර කාමර උෂ්ණ­ත්වයේ පැය තුන හත­රක් පොඟවා ගන්න. පොඟ­වන දිය­රය ඉව­ත­ලන්න. එම­ඟින් පරි­ප්පු­වල ඇති ප්‍රති­පෝ­ෂක සැල­කිය යුතු මට්ට­ම­කින් අඩු කර­ගත හැකිය. පරිප්පු ආහා­ර­යට ගන්නා විට පරිප්පු ගොඩක් නොකෑ­ම­ටත්, පරිප්පු සමඟ එළ­වුළු, පල­තුරු, මස්, මාළු, කර­වල හෝ හාල් මැස්සන් සහ හිත­කර තෙල් වර්ගත් ආහා­ර­යට එකතු කර­ගැ­නී­මට වග බලා ගැනී­මත් ඉතා වැද­ගත්ය. එසේ නැතිව පරි­ප්පුයි බතුයි හෝ පරි­ප්පුයි පානුයි කෑම කිසි­සේත් නුව­ණට හුරු නැත.

 

Comments