අපේ රටේදීම බෝට්ටු නිෂ්පා­ද­න­යට හොඳ කලක් | Page 2 | සිළුමිණ

අපේ රටේදීම බෝට්ටු නිෂ්පා­ද­න­යට හොඳ කලක්

ටක් ලෙස අප දැන් නිෂ්පා­දන ක්ෂේත්‍රය තුළ ඉදි­රි­යට යෑම ආරම්භ කර තිබේ. එක්තරා කලෙක ඉදි­ක­ට්ට­ක්වත් නිෂ්පා­ද­නය කිරී­ම­ට­වත් හැකි­යා­වක් නැතැයි කිය­වු­ණද හැම­දේම පිට­ර­ටින් එන­තුරු දත නියව නියවා බලා ඉන්නේ නැතුව දැන් අප විවිධ නව නිෂ්පා­දන හඳුන්වා දෙන රටක් ලෙස ලොව පිළි­ගැ­නී­මට ලක්ව තිබේ.

මේ වන විට බෝට්ටු නිෂ්පා­දන ක්ෂේත්‍රය තුළද අපි පුරෝ­ගාමී ඉදිරි සල­කු­ණක් තබා ඇත්තෙමු. නාවුක හා ධීවර බෝට්ටු මේ වන විට හරි හරි­යට මෙරට තුළ නිෂ්පා­ද­න­ය ­වන අතර ඉන් වැඩි හරි­යක් Made in Sri lanka ලේබ­ලය යටතේ විදෙස් රට­ව­ලට අප­න­ය­නය කිරී­මට හැකි­යාව ලැබී තිබේ.

බෝට්ටු නිෂ්පා­දන ක්ෂේත්‍රය තුළ වර්ත­මා­නයේ සිදුවී ඇති ප්‍රග­තිය පිළි­බ­ඳව තොර­තුරු සොයා බැලී­මට අපි තීර­ණය කළෙමු. එහිදී ඒ පිළි­බ­ඳව සාකච්ඡා කිරී­මට සුදු­සුම පුද්ග­ලයා අපට මුණ ගැසුණු අතර ඔහු “බෝට්ටු නිෂ්පා­දන තාක්ෂ­ණය දියුණු කිරීමේ ආය­ත­නයේ” කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා වන ගාමිණී බී හේරත් මහ­තායි.

බෝට්ටු නිෂ්පා­දන ක්ෂේත්‍රය තුළ ඇති වී ඇති ප්‍රග­තිය පිළි­බ­ඳව ඉතා ආඩ­ම්බ­ර­යෙන් අද­හස් දැක්වී­මට එක්වූ ඒ මහතා සඳ­හන් කළේ වත්මන් රජය යටතේ බෝට්ටු නිෂ්පා­දන ක්ෂේත්‍රය තුළ සුවි­ශේෂ ප්‍රග­ම­න­යක් සිදු වී ඇති බවයි. මෙම කර්මා­න්තය තුළින් ශ්‍රී ලංකාව රුපි­යල් බිලි­යන 12ක වාර්ෂික අප­න­යන ආදා­ය­මක් උප­යන බවද කී ඔහු අප­න­යන ක්ෂේත්‍රය තුළ ඉදි­රි­යට ගත හැකි කර්මා­න්ත­යක් ලෙස හඳු­නා­ගෙන ඇති මෙම බෝට්ටු නිෂ්පා­ද­නය දිරි ගැන්වීම සඳහා ද වත්මන් රජය අඛ­ණ්ඩව කට­යුතු කර­මින් සිටින බවද සඳ­හන් කළේය.

මෙම සාක­ච්ඡා­වේදී තව­දු­ර­ටත් අද­හස් දැක්වූ බෝට්ටු නිෂ්පා­දන තාක්ෂ­ණය දියුණු කිරීමේ ආය­ත­නයේ කළ­ම­නා­ක­රන අධ්‍යක්ෂ ගාමිණී බී හේරත් මහතා -

මේ වන විට මෙම විෂයය පැවරී ඇත්තේ කර්මාන්ත හා වාණිජ අමා­ත්‍යාං­ශ­ය­ටය. අමා­ත්‍යාං­ශය පැත්තෙන් අපේ කර්මා­න්තය දියුණු කිරී­මට විශාල වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක වෙනවා.

බෝට්ටු නිෂ්පා­දන තාක්ෂණ දියුණු කිරීමේ ආය­ත­නයේ මෙහෙ­වර ඉතා විශා­ලය. අප ආය­ත­නය මඟි­න් බෝට්ටු නිෂ්පා­ද­නය හා අප­න­යන වෙළෙ­ඳ­පොළ දියුණු කිරීම කෙරෙහි අව­ධා­නය යොමු කර­නවා. එයයි අපගේ අර­මුණ වන්නේ. ඊට අම­ත­රව නිෂ්පා­දන ආය­තන සඳහා උප­දේ­ශන සේවා­වද ක්‍රියා­ත්මක කර­නවා.

මේ වන­විට ලංකාවේ බෝට්ටු නිෂ්පා­ද­නය ඉදි­රි­යෙන් සිටි­නවා. අප ධීවර වරා­යන් සඳහා ධීවර බෝට්ටු නිෂ්පා­ද­නය කරන අතර එක්දින ධීවර යාත්‍රා, බහු­දින ධීවර යාත්‍රා, ට්‍රෝලර් යාත්‍රා ආදිය ප්‍රධා­නය. විනෝද කට­යුතු සඳහා බෝට්ටු නිෂ්පා­ද­නය, මගී ප්‍රවා­හන බෝට්ටු, සංචා­රක ක්ෂේත්‍ර­යට අදා­ළව, හෝටල් ලෙස බෝට්ටු නිෂ්පා­ද­නය, බඩු ප්‍රවා­හන බෝට්ටු, ගිනි නිවන බෝට්ටු, ඇම්බි­යු­ලන්ස් බෝට්ටු හා රුවල් නැව් ආදිය නිෂ්පා­ද­නය කර­නවා. එමෙන්ම මේ දින­වල යොට්ස් (රුවල් නැව්) සඳහා විශාල ඉල්ලු­මක් පව­ති­නවා. එම එක නැවක් රුපි­යල් මිලි­යන 600ට අලෙවි කර අප­න­යන ආදා­ය­මක් උප­යන්න පුළු­වන්.

මේ වන විට බෝට්ටු නිෂ්පා­ද­ක­යින් හා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය (FDB) ද දායක කර ගනි­මින් මෙම කර්මා­න්තයේ ඉදිරි දියු­ණු­වට අව­ශ්‍යය අද­හස් හා වැඩ­පි­ළි­වෙළ යෝජනා කර ගැනී­මට උප­දේ­ශන කමි­ටු­වක් ද පත්කර තිබීම විශේ­ෂ­යෙන් අගය කළ යුතුය.

මෙම අප­න­යන ක්ෂේත්‍රයේ ඉදිරි දියු­ණුව වෙනු­වෙන් පසු­ගිය කාලය තුළ ජාතික අප­න­යන උපාය මාර්ගික සැලැ­ස්මක් පිළි­යෙල වුණා. එහිදී මෙම කර්මා­න්තය සඳ­හාත් විශේෂ අව­ධා­න­යක් යොමු කර තිබෙ­නවා.

ඒ විත­රක් නෙමෙයි. ලංකාවේ නිෂ්පා­ද­නය කරන බෝට්ටු හා නැව්වල තත්ත්වය කිසි­යම් විදි­ය­කින් පාල­නය කිරීම සඳ­හාත් තත්ත්ව­යෙන් උසස් කිරීම සඳ­හාත් මෙතෙක් කල් නිය­මිත ක්‍රම­වේ­ද­යක් තිබුණේ නෑ. එම ක්‍රම­වේ­දය දැන් සකස් කර­ගෙන යනවා. එමෙන් ම ලංකාවේ නිෂ්පා­ද­නය කරන බෝට්ටු ලංකාවේ ලියා­ප­දිංචි කර­න්නත් නිසි ක්‍රම­වේ­ද­යක් පැව­තියේ නැහැ. ඒ සඳ­හාත් දැන් අප කට­යුතු යොදා ‍තිබෙනවා.

එමෙන්ම දැනට ලංකා­වට පිට­ර­ටින් එන කුඩා යොට් යාත්‍රා පවා හරි ලියා­ප­දිං­චි­යක් කර තිබුණේ නැහැ. මේ නිසා සංචා­රක ව්‍යාපා­රය පැත්තෙන් ආදා­යම අහි­මි­වී­මක් තිබුණා. මේ පිළි­බ­ඳව ද අව­ධා­නය යොමු කර එම නැව් ලියා­ප­දිංචි කිරීම සඳහා ද වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර­නවා.

මීට අම­ත­රව පිට­ර­ටින් එන යොට්ස් යාත්‍රා ගාල් කිරී­මට ජැටි­යක් (මරිනා) මේ වන විට පෝට් සිටි යටතේ ඉදි­වෙ­මින් පව­තින අතර වැලි­ගම එවැනි දිය­ක­ඩ­න­යක් සඳහා සැලැ­සුම් සකස් කර තිබෙ­නවා. මෙය ඉදි­කි­රීම තුළින් ලංකාවේ බෝට්ටු විශාල ප්‍රම­ණ­යක් ගාල් කිරී­මට හැකි­යාව ලැබෙ­නවා. එමෙන්ම එහි නව බෝට්ටු අංග­ණ­යක්, බෝට්ටු අලු­ත්වැ­ඩියා කරන ස්ථාන­යක් වෙනම ඉදි­ක­ර­න්නට ද සැල­සුම් සකස් කර තිබෙ­නවා. මෙහි අව­සන් අර­මුණ වන්නේ 2025 වන­විට ඩොලර් මිලි­යන 500ක අප­න­යන ආදා­ය­මක් ඉප­යී­මයි.

මෙම බෝට්ටු නිෂ්පා­ද­න­ව­ලට අදා­ළව ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත අන්තර්ජාතික ප්‍රද­ර්ශන රැසක් සඳහා ශ්‍රී ලාංකික නිෂ්පා­ද­ක­යින් යොමු කිරී­මට අපි බලා­පො­රොත්තු වෙනවා. ලබන ඔක්තෝ­බර් මස දකුණු අප්‍රි­කා­වේදී පැවැ­ත්වෙන බෝට් ෂෝ ප්‍රද­ර්ශ­නය, 2020 ජන­වා­රි­යේදී ජර්ම­නි­යේදි පැවැ­ත්වී­මට නිය­මිත ප්‍රද­ර්ශ­නය, ලබන වස­රේදී පැවැ­ත්වෙන ඩුබායි එක්ස්පෝ ප්‍රද­ර්ශ­නය ආදි ජාත්‍ය­න්තර ප්‍රද­ර්ශන රැස­කට අපගේ බෝට්ටු නිෂ්පා­ද­ක­යින් සහ­භාගී කරවා මේ ක්ෂේත්‍රයේ අපගේ අප­න­යන වෙළෙ­ඳ­පොළ පුළුල් කර ගැනීම සඳහා තව තවත් අලුත් ඇණ­වුම් ලබා ගැනීම අපගේ ප්‍රධාන ඉල­ක්ක­යක්.

එමෙන්ම ලංකාවේ බෝට්ටු නිෂ්පා­ද­ක­යන්ගේ සංග­මය තව­දු­ර­ටත් පුළුල් කර­මින් ලංකාවේ බෝට්ටු නිෂ්පා­ද­නය හා අප­න­ය­නය සම්බ­න්ධ­යෙන් සිටින අනෙ­කුත් ආය­තන සමඟ එකතු වී පුළුල් සංවි­ධා­න­යක් හදන්න අපි කට­යුතු කර­මින් සිටි­නවා.

විශාල බෝට්ටු හා නැව් නිෂ්පා­ද­නය කරද්දී ඒවායේ තත්ත්වය සොයා බලන්න පහ­සු­කම් නැහැ. ඒ සඳහා අපිට හොංකොං, එංග­ල­න්තය වගේ රට­ව­ලට යන්න සිදු­වෙ­නවා. එම නිසා දැනට අපි කර්මා­න්තය හා වාණිජ කට­යුතු අමා­ත්‍යාං­ශය සමඟ එක්ව, ජපා­නයේ ජයිකා ආය­ත­න­යත් සම්බන්ධ කර­ගෙන ඉදි­රි­යේදී බෝට්ටු හා නැව් ටෙස්ට් කරන්න ස්ථාන­යක් පිහි­ටු­වන්න කට­යුතු කර­නවා. (මොඩල් ටෙස්ටින් පැසි­ලිටි) එකක් හදන්න අවශ්‍ය දැනුම ලබා ගන්න නිල­ධා­රින් ජපා­න­යට යවන්න බලා­පො­රොත්තු වෙනවා.

අපි පසු­ගි­යදා බේරේ වැ‍වේ බෝට්ටු, යාත්‍රා පටන් ගත්තා. අපිට අවශ්‍ය වන්නේ ජන­තාව මේ සඳහා හුරු කර­වී­මයි. ඒ හරහා බෝට්ටු බල ගම­නා­ග­ම­නය පිළි­බ­ඳ­වත්, විනෝ­ද­යත් සංචා­රක ව්‍යාපා­ර­යත් දියුණු කිරී­ම­ටත් මේ හරහා අව­ස්ථාව සැල­සෙ­නවා. මෙය රජයේ වැඩ­පි­ළි­වෙ­ළක්.

නුවර එළියේ ග්‍රෙගරි වැවේ ද එවැ­නිම බෝට්ටු සංචාර පටන් අරන් තියෙ­නවා. මෙවැනි ස්ථාන තෝරා­ගෙන ඉදි­රි­යේදි තවත් දියුණු කරන්න බලා­පො­රොත්තු වෙනවා.

Comments