රැජින පුංචි තිරයට | සිළුමිණ

රැජින පුංචි තිරයට

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායකගේ නවතම ටෙලි සිත්තම “කුයින්” මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වේ. රට ජාතිය ආගම ගැන මහත් ඇල්මකින් කතා කරමින් සුචරිතවත් දේශපාලන චරිතයක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටින හර්ෂදේව ලිහිණිකඩුව නමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් රහසේ පවත්වාගෙන යනු ලබන වදකාගාරයක් තුළ දී ඔහු විසින් මරා දමන ලද පුද්ගලයන් පිළිබඳ රහසේ කරුණු සොයමින් අන්තරාකාරී ප්‍රයත්නයක යෙදෙන සුරූපී තරුණියකගේ ක්‍රියාදාමයන් පිළිබඳ කතා කරන ටෙලිනාට්‍යක් වන ” කුයින් ” කුතුහලය ත්‍රාසය එක් කරමින් ප්‍රේක්ෂකයාට පෙර නොවිදි හරවත් වින්දනයක් ලබා ගැනීමට ඉඩ සලස්වා ඇත. ශලනි තාරකා, මේනක රාජපක්ෂ, ක්ලීටස් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, කුමාර ජයකාන්ත, දීපානි සිල්වා, ගයාත්‍රි ඩයස්, චමීර ලියනගේ, පියුමි ශ්‍රී නායක, පූජන දන්දෙනිය, දිලූක්ෂි වීරපෙරුම ඇතුළු පිරිසක් රංගනයේ යෙදෙන මෙහි කැමරා අධ්‍යක්ෂණය කපිල සුගත් සහ සුමිත්කුමාරගේ විසිනි. කාවින්ද මලවිආරච්චි, ප්‍රියනාත් විදාන පතිරණ, නිලංක ඇලෙක්සැන්ඩර් එක්ව තිර රචනය කරන ලද “කුයින්” ටෙලි නාට්‍ය ජනක සම්පත් තඹරවිලගේ නිෂ්පාදනයකි.

Comments