කසාය බොන අපූරු මී මැස්සෝ | Page 2 | සිළුමිණ

කසාය බොන අපූරු මී මැස්සෝ

තීතයේ සිටම අප මුතු­න් මිත්තෝ උණට, සෙම්ප්‍ර­ති­ශ්‍යා­වට, ඇඟ­පත අමා­රු­වට පස් පංගුව නැත­හොත් කසාය පත අට එකට සිදුවා පානය කිරි­මට හුරු පුරු­දුව සිටි­යහ. එසේම දේශිය ආයු­ර්වේද වෛද්‍ය ක්‍රම­යේදි දිය­වැ­ඩි­යා­වට, පිළි­කා­වට මෙන්ම නොයෙක් ලෙඩ රෝග සඳහා කසාය පානය කිරිම සිරි­තකි. මිනි­සුන් මෙන් තම රෝග තත්ව­යන් සම­නය කර ගැනිම සඳහා කසාය බොන මී මැස්සන් ගැන ඔබ මිට පෙර අසා නැතු­වාට සැක නැත. කසාය බොන මේ අපූරු මි මැස්සන් ගැන වර්තා වන්නේ නුව­ර­එ­ළිය වල­පනේ ආදර්ශ මී මැසි ගම්මා­න­ය­කිනි. මධ්‍යම පළාත් කෘෂි­කර්ම දෙපා­ර්ත­මෙ­න්තුවේ තාක්ෂ­ණික උප­දෙස් මත මිට වසර තුනක පමණ සිට ක්‍රියා­ත්මක මෙම ගම්මා­නයේ මී මැසි ජන­පද දෙසී­යක් පමණ ඇත.

පසු­ගි­යදා මෙම වී පැණි ගම්මා­නයේ මී පැණි නිෂ්පා­ද­ක­යි­න්ට නොසිතු ගැට­ලු­ව­කට මුහුණ පෑමට සිදු­ ව­න්නේය. ඒ මී මැස්සෝ තම මී මැසි ජන­පද වාස­ස්ථාන හැර යැමට පටන් ගැනිම සහා පෙට්ටි තුළ සිටින මී මැස්සන් තම කිට­යන් සහා පිළ­වුන් පෙට්ටි­යෙන් ඉව­තට ඇද දැමී­මට පටන් ගැනි­මත්ය. මෙම සිදු­වි­මත් සම­ඟම මී මැස්සන් මී පැණි නිෂ්පා­ද­නය නොක­රන තත්ව­ය­කට පත්ව ඇති අතර සම­හර මී මැසි ජන­පද තම රැජින අත­හැර යැම­ටද පටන් ගෙන ඇත.

මෙම අන­පේ­ක්ෂිත තත්වය පිළි­බ­ඳව ප්‍රදේ­ශය භාර කෘෂි­කර්ම උප­දේ­ශක අමිත් කැකු­ල­න්දර මහ­තාට දැනුම් දිමට ප්‍රදේ­ශයේ මී මැසි පාල­නයේ නියුතු තරු­ණ­යෙකු වන ලහිරු මධු­ෂාන් පිය­වර ගන්නේ, සිදු­වන්නෙ කුම­ක්දැයි දැන ගැනිමේ අද­හ­සිනි.

“මට අපේ ඒ.අයි මහ­ත්තයා කිව්වා මේක වෛරස් එකක් නිසා වෙන්නේ. මම මේ ගැන දෙපා­ර්ත­මේ­න්තු­වට දන්වලා තාක්ෂ­ණික උප­දෙස් ගන්නත්, මී මැසි ජන­පද බල­න්නත් අදාල නිල­ධා­රින්ව ‍ඉක්මනින්ම ගෙන්වා ගන්නම් කියලා. ඒ වෙන­කොට මී මැස්සෝ පෙට්ටි වලින් පිලව් ඔක්ක­කොම එලි­යට ගෙනත් දානවා. අනික මේ අය පරාග ගෙන්න යන්නෙත් නැහැ. පැණි හද­න්නෙත් නැහැ. සම­හර ජන­පද රැජින අත­හැ­රලා යන්නත් පටන් ගත්තා“. ඒ මී මැසි පාල­නය පිළි­බඳ බිදු­ණු­වැව මී මැසි පරි­ක්ෂණ මධ්‍ය­ස්ථා­නයේ මනා පුහු­ණු­වක් ලැබු ළහිරු පව­සයි.

“පස්සේ මම මෙහෙම දෙයක් කල්පනා කළා. මේක වයිරස් එක­කින් හැදෙන නිසා අපි මී මැස්සන්ගේ ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය වැඩි කරන්න කට­යුතු කළා. ඒ වන විට මම අහලා තිබුණා ප්‍රති­ජි­වක ඖෂ­ධත් දෙනවා කියලා. ඒ ඖෂධ ගැන දන්නේ නැති නිසා මම කළේ කඩේ තියෙන කසාය පැකට් එකක් ගෙනත් එක පත අට එකට හින්දලා සිනි කොටස් තුන­කට කසාය කොටස් එකක් කව­ලම් කරලා මී මැස්සන්ට බොන්න දුන්නා. එකෙන් පස්සේ නම් මේ ලෙඩේ සිය­යට හැත්තැ­ප­හක් විතර හොඳයි කියලා පෙනුණා. “ළහි­රුගේ කසාය සත්කා­ර­යත් සම­ඟම අදාල බල­ධා­රින් මෙම රෝගි තත්වය පිළි­බ­දව සොයා බැලිම සඳහා එම ගම්මා­නයේ ක්ෂේත්‍ර චාරි­කා­වක්ද සංවි­ධා­නය කොට තිබුණි.

“මේක සැකැ­බෲඩ් (sacbrood) කියන වයිරස් එක නිසා සිදු­වෙන දෙයක්. පිට­ර­ට­වල නම් මේ වයි­රස් එක ආපු­වාම කරන්නෙ කෘමි නාශ­ක­යක් ගහලා මී මැස්සෝ ටික මරලා ඒ අයත් එක්කම ඒ පෙට්ටිය පුච්චලා දාන එක අපේ වගේ රටක එක කරන්න බැහැනේ. ඒ නිසා අපිට ප්‍රති­ජි­වක ඖෂධ දෙන්න පුළු­වන්. මේ මී මැසි ජන­පද පරික්ෂා කරන කොට නම් පෙන්නෙ මේ අය දිලා තියෙන කසාය එකෙන් හොඳ ගුණ­යක් තියෙ­නවා කියලා.“ මෙම ක්ෂේත්‍ර චාරි­කා­වේදි මී මැසි ජන­පද පරික්ෂා කළ බිදුණු වැව මී මැසි පර්යේ­ෂණ එක­කයේ කෘෂි­කර්ම උප­දේ­ශක ජයන්ත කත්‍රි­ආ­රච්චි මහතා ක්‍ෂේත්‍ර චාරි­කා­වට එක්ව සිටි නිල­ධා­රින්ට පැව­සිය.

“මේ වෙන­කොට වල­පනේ, රාගල, නිල්ද­ණ්­ඩා­හින්න යන කෘෂි­කර්ම උප­දේ­ශක කොට්ඨා­ස­ව­ලින් මේ වයිරස් එක වාර්තා­වෙලා තියෙ­නවා. එකට ප්‍රති­ජි­වක ඖෂධ දුන්නම වෙන්නෙ වයිර­ස්ව­ලින් එන අතුරු අාබාධ නැති වෙන එක. අපි මේ ගැන පරි­ක්ෂණ කර­නවා. ඒ වගේම මේ අය දිලා තියෙන කසාය නිසා මි මැස්සන්ගේ ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය වැඩි­වෙලා තියෙ­නවා කියලා පේනවා. අපි මී මැස්සන්ට කසාය දෙන එක ගැන මේ දව­ස්වල විද්‍යා­ත්ම­කව පරික්ෂා කර­නවා. කසාය බොන මී මැස්සන් ගැන සොයා බල­න්නට පැමිණ සිටි විෂ­ය­භාර නිල­ධාරි බුද්ධික අත­පත්තු මහතා පව­සයි.

“මේ කසාය එකට සිනි දැම්මට හරි තිත්තයි කටේ තියන්න බැහැ ඒ වුනාට මී මැස්සෝ පැණි­ව­ලට වඩා ඉක්ම­නට කසාය නම් බොනවා.“ මී මැසි ජන­ප­දයේ ඇතු­ළත තබා ඇති පිරි­සි­ය­කට කසාය දම­මින් ළහිරු පව­සයි. මෙහි විද්‍යා­ත්මක පද­නම කුම­ක්වු­වත් ඔහු පව­සන අයු­රින්ම මී මැස්සෝ ඉතා යුහු­සු­ලුව කසාය බොන අයුරු නම් මෙම මී මැසි ගම්ම­න­යේදි සියැ­සින්ම දැක ගත හැකිය.

Comments