ප්‍රහා­රක භානුක නොදැවී සිටී­විද? | සිළුමිණ

ප්‍රහා­රක භානුක නොදැවී සිටී­විද?

සර ගණ­නා­ව­කට පසු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රසි­ක­යන් සතුටු කර-ලීමට අපේ ජාතික ක්‍රිකට් කණ්ඩා­යමේ කනි­ෂ්ඨ­යන්ට හැකි විය. ඒ ඉකුත් පාකි­ස්තාන සංචා­ර­යේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නව මාව­ත­කට ගෙන-එමිනි.

ලෝකයේ විස්සයි-20 ක්‍රිකට් තර­ග­වල අංක එකේ රැඳී සිටින පාකි­ස්තාන කණ්ඩා­යම එර­ට­දීම පරා­ජය කර-ලීමට දසුන් ශාන­කගේ නාය­ක­ත්ව­යෙන් යුතු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩා­ය­මට හැකි වීම විශේ­ෂ­ත්ව­යක් වන්නේ ඊට සහ­භාගි වූ ක්‍රීඩ­ක­යන් සියලු දෙනාම අත්දැ­කී­ම්ව­ලින් ඉතා අඩු තත්ත්ව­යක පසු­වීම හේතු­වෙනි. එහෙත් ඔවුන් මේ තර­ගා­ව­ලිය පුරා තරග වැදුණේ අත්දැ­කීම් බහුල ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­ය­න්ටද යම් යම් පාඩම් කියා දෙමිනි.

දසුන් ශානක පන්දු යව­න්නන් හැසි­ර­වී­මට මෙන්ම පන්දු රකි­න්නන් ස්ථාන­ගත කිරී­මට හා ප්‍රති­වාදි පිති­ක­රු­වන් කඩුලු අතර සම්බ­න්ධතා ගොඩ­න­ඟද්දී ඒවා බිඳ-දැමී­මට ගත් පිය­වර පිළි­බඳ අද මුළු මහත් ලෝක­යම කතා-බහ කරති.

මේ තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා පිලේ පිති­ක­ර­ණය, පන්දු යැවීම මෙන්ම පන්දු රැකී­මද ඉතා උසස් තත්ත්ව­යක පැවති බව නොර­හ­සකි. වනිඳු හස­රංග දඟ පන්දුව කර­ක­වද්දී කඩුලු දෙබෑ කර යෝකර් පන්දු යැවී­මට නුවන් ප්‍රදීප් සමත් වූයේ 1996 ලෝක කුස­ලා­නය ජය­ග්‍ර­හ­ණය කළ ක්‍රිකට් විරු­වන් සිහි­ග­න්ව­මිනි. ධනුෂ්ක ගුණ­ති­ලක, භානුක රාජ­පක්ෂ සහ ශෙහාන් ජය­සූ­රි­ය­ගේද පිත්ත ක්‍රියා­ත්මක වූයේ විස්සයි-20 ක්‍රිකට් ලෝක­යට අලු­තින් පායා එන තාර­කා­වන්හි ප්‍රභාව ප්‍රකට කර­මිනි.

මෙහිදී විශේ­ෂ­යෙන් අව­ධා­නය යොමු කළ යුතු ක්‍රීඩ­ක­යකු ගැන සට­හ­නක් තැබිය යුතු­මය. ඒ ඔහුගේ අනා­ගත ක්‍රිකට් වෙනු­වෙනි. ඒ අන් කව­රකු වත් නොව; භානුක රාජ­ප­ක්ෂයි. අන්ත­ර්ජා­තික අත්දැ­කීම් සමු­දා­යක් නොති­බු­ණද; දැනට දශ­ක­ය­කට වැඩි කාල­යක් ශ්‍රී ලංකා­වේදී පිත්තෙන් දස්කම් පෑමට ඔහු සමත්ව ඇති ආකා­රය මේ උද්යෝ­ග­වත් යොවුන් ක්‍රීඩ­ක­යාගේ තරග ඉති­හා­සය පිරි­ක්සී­මේදී පෙනී-යන කරු­ණකි.

වසර 10කට පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­යමේ විස්සයි-20 තර­ග­ය­කට සහ­භාගි වන භානුක කිසිදු පැකි­ළී­ම­කින් තොරව පාකි­ස්තා­නයේ සුපිරි පන්දු යව­න්නන්ට පහර දුන්නේ මෙරට ක්‍රිකට් බල­ධා­රීන්ට තරු පෙනෙ­න්න­ටය.

2009 වස­රේදී දකුණු අප්‍රි­කාවේ පැවති යොවුන් ‍ලෝක කුස­ලා­න­යේදී ශ්‍රී ලංකා කණ්ඩා­යමේ නාය­ක­ත්වය ගෙන ක්‍රීඩා කළ භානුක රාජ­පක්ෂ වසර 10ක් නිහඬ කර තබා මෙවර ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට කැඳ­වන විට ඒ ලෝක කුස­ලා­න­යට සහ­භාගි වන විරාත් කෝලි තම රටෙන් දිග­ටම නිසි අවස්ථා ලබ­මින් ඉන්දීය පිලේ නාය­කයා බවට පත් වන්නේ ලෝකයේ ක්‍රිකට් තරු­වක් බවට පත් වෙමිනි.

2009දී තරුණ කෝලි භානුක පිළි­බඳ සඳ­හන් කර තිබුණේ භානුක යම් දිනක ශ්‍රී ලංකා කණ්ඩා­යම දින­වන ක්‍රීඩ­ක­යකු බවට පත් වනු ඇති බවයි. ඊට හේතු වී තිබුණේ මේ යොවුන් ක්‍රීඩ­කයා 2009 යොවුන් ලෝක කුස­ලා­න­යේදී අනෙක් කණ්ඩා­ය­ම්ව­ලට දැඩි පීඩ­න­යක් එල්ල කළ ක්‍රීඩ­ක­යකු වූ බැවිනි. වයස අවු­රුදු 19 පහළ කණ්ඩා­යම නියෝ­ජ­නය කළ ප්‍රථම අව­ස්ථා­වේම භානුක බංග්ලා­දේශ යොවුන් කණ්ඩා­ය­මට එරෙ­හිව ශත­ක­යක් රැස් කර­නුයේ සෙසු ක්‍රීඩ­ක­යන් පුදු­ම­යට පත් කර­මිනි.

කොළඹ රාජ­කීය විදු­හ­ලෙන් ක්‍රිකට් ලොවට පිවි­සෙන භානුක මෙරට පාසල් ක්‍රිකට් පිටිය මෙන්ම ප්‍රධාන පෙළේ අන්තර්-සමාජ තර­ගා­ව­ලි­ව­ල­දීද කැපී පෙනෙන පිති­ක­රු­වකු මෙන්ම තරග රැසක් ජය­ග්‍ර­හ­ණය කර­වී­මට සාධ­ක­යක් වූ පිති­ක­රු­වෙක් වූයේය.

පළමු පෙළ තරග 67කට සහ­භාගි වී ඇති භානුක ලකුණු 3252ක් රැස් කර ඇත්තේ තර­ග­ය­කදී 32.2ක සාමා­න්‍ය­යක් පෙන්ව­මිනි. ඔහු තරග 110කට සහ­භාගි වී ලකුණු 2914ක් හිමි කර­ගෙන ඇත්තේ 31.01ක සාමා­න්‍ය­යක් මෙන් ම 97.7ක ප්‍රහා­රක වේග­යක් සතු කර­ගෙ­නය.

මෙර­ටදී විස්සයි-20 තරග 85කට සහ­භාගි වූ භානුක එහිදී ලකුණු 1087ක් රැස් කර­ගෙන තිබේ. එහිදී ඔහුගේ ලකුණු රැස් කිරීමේ සාමා­න්‍යය 24.7ක් වන අතර, ප්‍රහා­රක වේගය 129.1කි.

මේ වන විට අන්ත­ර්ජා­තික විස්සයි-20 තරග 3කට සහ­භාගි වී ඇති භානුක ලකුණු 112ක් රැස් කර­ගෙන ඇත්තේ පහ­ර­දීමේ වේගය 143.6ක් වැනි ඉතා ඉහළ අග­යක පව­ත්වා­ග­නි­මිනි. තර­ග­ය­කදී ලකුණු 38ක සාමා­න්‍ය­යක් ඔහු විසින් රඳ­වා­ගෙන සිටියි. මේ සුවි­ශේෂ ක්‍රීඩ­කයා වසර 10ක පමණ කාල­යක් තම හද­ව­තට කතා කර­මින් කව­රදා හෝ ශ්‍රී ලංකා ජාතික කණ්ඩා­ය­මට ඇතුළු වන බව අධි­ෂ්ඨාන කර­ග­නි­මින් ක්‍රියා කිරීම සෑම ක්‍රීඩ­ක­ය­කු­ටම හොඳ ආද­ර්ශ­යකි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩ­ක­ය­කුට පාසල් කාල­යේදී පිරි­නැ­මෙන අංක එකේ කුස­ලා­නය ලෙස සැල­කෙන ‘සන්ඩේ ඔබ්ස­ර්වර් මොබි­ටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩ­කයා’ සම්මා­නය 2010 සහ 2011 වස­ර­ව­ලදී භානුක රාජ­පක්ෂ විසින් දිනා­ගැ­නීම විශේෂ සිද්ධි­යකි. මීට ඉහ­ත­දීද මේ ආකා­ර­යට තේරී පත් වූ ක්‍රීඩ­කයෝ රැසක් මේ වන විට වර්ත­මාන ජාතික කණ්ඩා­යම නියෝ­ජ­නය කරති.

දැනට ශ්‍රී ලංකා A කණ්ඩා­ය­මට නාය­ක­ත්වය දෙන කමිඳු මෙන්ඩිස් ක්‍රීඩ­ක­යාද ‘සන්ඩේ ඔබ්ස­වර්’ සම්මා­න­යට පත් වූ ක්‍රීඩ­ක­යෙකි. කොළඹ රාජ­කීය විද්‍යා­ල­යෙන් මේ සම්මා­න­යට හිමි­කම් කීමට සමත්ව ඇත්තේ ක්‍රීඩ­කයෝ තිදෙ­නෙක් පමණි. ඉකුත් දා අව­සන් වූ අන්තර්-පළාත් ටෙස්ට් හා එක්දින තර­ගා­ව­ලි­යේදී භානුක නියෝ­ජ­නය කළේ ගාලු කණ්ඩා­ය­මයි. එහිදී අන්තර්-පළාත් එක්දින ශූර­තාව ජය­ග්‍ර­හ­ණය කර­ගන්නේ ගාල්ල කණ්ඩා­ය­මයි. ඒ ජය­ග්‍ර­හ­ණ­යේදී භානුක විශාල කාර්ය­භා­ර­යක් සිදු කළේය.

අවු­රුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩා­යම නියෝ­ජ­නය කළ භානුක එහිදී කඩුලු රකි­න්නකු ලෙස ක්‍රීඩා කළේය. එහෙත් පසුව ඔහු තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යකු බවට පත් වෙයි. එකල ඔහු තම ක්‍රිකට් දිවිය තුළ හයේ පහ­ර­වල් රාශි­යක් එල්ල කිරී­මට සමත් වූ බව ඔහුගේ සම­කා­ලීන ක්‍රීඩ­කයෝ සඳ­හන් කරති.

“මම ක්‍රිකට් ක්‍රීඩා­වට සම්බන්ධ වූ දවසේ සිට ක්‍රික­ට්ව­ලට ආද­රය කළා. මගේ මුළු ජීවි­ත­යම වුණේ ක්‍රිකට්. ජාතික කණ්ඩා­යම නියෝ­ජ­නය කර­මින් එක් තර­ග­යක් හෝ ක්‍රීඩා කිරීම මගේ අර­මුණ වුණා. අද මම ඒ ජය­ග්‍ර­හ­ණය හිමි කර­ගෙන තිබෙ­නවා” යැයි භානුක රාජ­පක්ෂ මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් කීය. එහිදී ඔහු මෙසේද පැව­සීය:

“මම පාසල් ක්‍රීඩා­වෙන් සමු ගන්නා විටම මට අන්තර්-පළාත් හා අන්තර්-සමාජ ක්‍රීඩා­වට සම්බන්ධ වෙන්න හැකි වුණා. ඒ හැම අව­ස්ථා­ව­ක­දීම මම පුළු­වන් උප­රිම දේ මගේ කණ්ඩා­යම වෙනු­වෙන් ඉටු කළා. 2009 ඉඳලා මේ වෙන කල් අවු­රුදු දහ­යක කාල­යක් මම ප්‍රධාන පෙළේ තර­ග­වල හොඳින් ක්‍රීඩා කළා. අව­සා­නයේ ජාතික කණ්ඩා­ය­මට ඇතු­ළත් වෙලා අව­ස්ථාව ලැබුණු තර­ගා­ව­ලිය ජය­ග්‍ර­හ­ණය කරන්න මගේ පිත්තෙන් උප­රිම සහ­යෝ­ගය දුන්නා. මට මේ ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ ලොකු සතු­ටක් තිබෙ­නවා. තරුණ කණ්ඩා­ය­මක් ලෙස සහ­භාගි වෙලා ප්‍රබල පාකි­ස්තා­නු­වන් පරා­ජය කිරීම පිළි­බඳ වඩාත් සතුටු විය හැකියි.

මම ආග­මට ගොඩක් නැඹු­රුයි... දෙවි­යන් වහන්සේ විශ්වාස කර­නවා. මගේ විශ්වා­සය අද ජය­ග්‍ර­හ­ණය කර තිබෙ­නවා.”

ප්‍රථම පන්දුවේ සිට භානුක පාකි­ස්තාන පන්දු යව­න්නන්ට පහර දුන් අයුරු ක්‍රිකට් විචා­ර­ක­යන් පුදු­ම­යට පත් කළ බව මාධ්‍ය වාර්තා සඳ­හන් කර තිබිණි. එලෙ­සම භානුක ශ්‍රී ලංකා කණ්ඩා­යමේ නව සොයා­ගැ­නී­මක් ලෙසද ඔවුහු අව­ධා­ර­ණය කොට සිටි­යහ.

ලාහෝර් ක්‍රීඩාං­ග­ණ­යේදී පන්දු 48කට මුහුණ දෙමින් ලකුණු 77ක් රැස් කළ ඔහුගේ ඉනි­මට හයේ පහ­ර­වල් 6ක් සහ හතරේ පහ­ර­වල් 4ක් ඇතු­ළත් විය. මෙය මෑත­කදී ශ්‍රී ලංකා පිති­ක­රු­වකු විස්සයි-20 තර­ග­ය­කදී දැක්වූ හොඳම පිති­ක­ර­ණය ලෙස විචා­ර­කයෝ පෙන්වා දෙති.

ඉදි­රි­යේදී පැවැ­ත්වෙන ඕස්ට්‍රේ­ලියා තරග සංචා­ර­යට ශ්‍රී ලංකා ක්‍රිකට් පරි­පා­ල­ක­යන් භානුක රාජ­පක්ෂ සහ­භාගි කර­වනු ඇතැයි ක්‍රිකට් ප්‍රේමීන් බලා සිටින අතර, භානුක ස්ථිර­වම ඉදි­රි­යේදී ශ්‍රී ලංකා කණ්ඩා­යමේ සිටිනු ඇතැ­යිද ඔවුහු ක්‍රීඩාවේ නාම­යෙන් අපේක්ෂා කරති.

Comments