මඩු පල්ලිය පාස්කු ප්‍රහා­රය සහ එල්ලුම් ගහ | Page 2 | සිළුමිණ

මඩු පල්ලිය පාස්කු ප්‍රහා­රය සහ එල්ලුම් ගහ

 මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා මෙරටේ අභි­නව සමාජ දේශ­පා­ලන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලි­යක් සඳහා පුරෝ­ගාමී මෙහෙ­ව­රක් ඉටු කළ රාජ්‍ය නාය­ක­යකු පම­ණක් නොව සියලු ආකා­රයේ සමාජ විරෝ‍ධී ක්‍රියා­කා­ර­කම් වළ­ක්වා­ලී­ම­ටත් දුසි­රිත් හා දුෂ්ට ව්‍යාපාර මැඩ­ලී­ම­ටත් අප්‍ර­මාණ ව කැපවී ක්‍රියා කළ දේශ­පා­ලන නාය­ක­යකු ලෙස ද ඉදි­රි­යෙන් ම සිටියි. ස්වකීය ධුර කාලය තුළ සත්පු­රුෂ සමා­ජ­යක් ගොඩ­නැං­වී­ම­ටත්, දුගී බව, රෝ බිය තුරන් කිරී­ම­ටත්, ස්වදේ­ශීය චින්ත­න­යෙන් යුතු මානව බන්ධු­ත්වය තහ­වුරු කිරී­ම­ටත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා නිර­න්ත­ර­වම පෙනී සිටියේ ය. ඔහුගේ මේ සියලු සධා­ර්මික සේවා අතර මත්කුඩු ජාවා­රම් කරු­වන් මැඩ­ලීම හා මතින් තොර රටක් ගොඩ­නැං­වීමේ ක්‍රියා­කා­ර­කම් ද කැපී පෙනුණි. ලබන නොවැ­ම්බර් 16 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කරනු ලබන අපේ­ක්ෂ­ක­යාට රට බාර දීමට සූදා­න­මින් සිටින මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා තමන් විසින් ආරම්භ කරන ලද ඇතැම් ජන­හි­ත­වාදී ක්‍රියා­කා­ර­කම් බලා­ත්මක කිරීමේ අපේ­ක්ෂා­වෙන් ද පසු වේ. ඒවා­යෙන් කීප­යක් ඉටුවී තිබෙන අතර තවත් කීප­යක් අනා­ග­ත­යට බාර වී තිබේ.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා සිය ධුර කාලය තුළ මෙරටේ ජාතික සම­ගි­යට හා ආග­මික සහ­ජී­ව­නය උදෙසා ගත් සාධ­නීය පිය­වර කීප­යක්ම විය.

ත්‍රිපි­ට­කය ලෝක උරු­ම­යක් බවට පත්කර ත්‍රිපි­ට­කය සුරක්ෂා කිරීමේ පිය­වර ඒ අතර කැපී පෙනුණි. ඊට අම­ත­රව මෙරටේ කිතුනු ජන­තා­වගේ විශේෂ ගෞර­ව­යට හා පූජා­වට පාත්‍ර වූ මඩු දේව­ස්ථා­නය පූජා භූමි­යක් ලෙස ප්‍රකා­ශ­යට පත්කර ඒ සඳහා අවශ්‍ය ඉඩම් පරි­ත්‍යාග කිරී­මට ද ජනා­ධි­ප­ති­ව­ර­යාට හැකි විය.

ජනා­ධි­ප­ති­ව­රයා මන්නා­රම් දිස්ත්‍රි­ක්කයේ මඩු දේව­ස්ථා­නය පිහිටි ප්‍රදේ­ශය පූජා භූමි­යක් ලෙස ප්‍රකා­ශ­යට පත්කර ඒ සන්නස් පත්‍රය මන්නා­රම රද­ගුරු එමා­නු­වෙල් ෆර්ඩි­නැන්ඩ් පිය­තුමා වෙත ප්‍රදා­නය කෙළේය. මඩු මංග­ල්ලය කිතු­නු­වන්ගේ උත්ස­ව­යක් වුව ද ඒ සඳහා බෞද්ධ හා හින්දු ජන­තාව ද එක්වෙති.

වාර්ෂික මඩු වන්ද­නාව සඳහා ලක්ෂ ගණ­නක පිරි­සක් සහ­භාගි වන අතර වසර පුරාම දෙස් විදෙස් සංචා­ර­කයෝ ද මේ පුද බිම වෙත පැමි­ණෙති.

ප්‍රභා­ක­රන්ගේ ත්‍රස්ත­වා­දයේ භීෂණ සම­යේදී මඩු පූජා භූමිය ද යුද පිටි­යක සිරි නොගත් යුද බිමක් වී තිබුණි. පාළු­වට ගොස් තිබුණු ඒ භූමිය මිනිස් කට­හ­ඬින් ද තොර විය. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා 2019 වසර්දී මන්නා­රම් ප්‍රදේ­ශයේ කළ සංචා­ර­ය­කදී මේ පූජා භූමි­යට ගිය අතර, එහි තිබුණු විලා­ශය දැක කම්පා විය.

අන­තුරු ව මඩු පූජා භූමි­යට අවශ්‍ය පහ­සු­කම් සලසා දී ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සඳහා ද උප­දෙස් දුන්නේ ය. මුළු මහත් ජන­තා­වගේ ම පූජා­වට පාත්‍ර වූ පුද­බි­ම­කට උචිත පරි­ස­ර­යක් ද සකසා තම නිල කාලය තුළ ඒ සඳහා අවශ්‍ය සන්නස් පත්‍රය පිරි­නැ­මී­මට හැකි­වීම ද එතුමා ලද භාග්‍ය­යක් වැන්න. ජාතික, ආග­මික, පවුරු තුළ මිනි­සුන් රැඳ­වීම වෙනු­වට ඒ පූජා­භූමි හැම­දෙ­නා­ගේම උරුම බවට පත් කිරීම මොන අතින් බැලු­වත් විශිෂ්ට ක්‍රියා­වකි.

“ජාතිය, ආගම පම­ණක් නොව කුලය ද සමා­ජ­යක ප්‍රජා­වට පීඩා­කාරී වන්නේ නම් ඒ සමා­ජය පම­ණක් නොව රට ද පිරි­හෙයි. ස්වදේ­ශි­ක­ත්වය මත ජන­තාව එක් කළ හැක්කේ ආග­මික සංහි­ඳි­යාව තුළ පමණි”.

ඒ මෛත්‍රී ජන­ප­ති­ඳුන්ගේ අද­හස ය. බුදු­ස­මය වෙනත් ආගම් සමඟ ගැටුම් ඇති කර නොගත් උතුම් දහ­මකි. බෞද්ධයා සෙසු ආගම් කෙරෙහි සම මෙතින් බැලිය යුතු බව බුදුන් වහන්සේ වැඩ විසූ ක්‍රි.පූ. 6 වැනි සිය­වස තරම් ඈත කාල­යක දී ප්‍රකාශ වූවකි. මෙරටේ බුදු­ද­හම පොදු ජනයා ආද­ර­යෙන් වැල­ඳ­ගත්තේ ද ඒ ආග­මික සහ­ජී­ව­නය නිසාම ය.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ධර්මය යන්න පුළුල් අර්ථ­ය­කින් බාර­ගත් අතර ඒ ධර්ම­යට පට­හැනි අධ­ර්මය හෙවත් ධර්මා­නු­කූල නොවන ව්‍යාපාර සඳහා දැඩි විරෝ­ධ­යක් දැක්වූ රාජ්‍ය නාය­ක­යෙක් ද විය.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පාලන සමය තුළ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් සඳහා මරණ දඬු­වම ක්‍රියා­ත්මක කිරීමේ ආන්දෝ­ල­නා­ත්මක තීන්දුව ගත් බව රහ­සක් නොවේ. මත්කුඩු ජාවා­රම මෙරටේ ඈත ගම් දන­ව්වල ද තදින් පැතිර ගිය එකකි.

මතට ඇබ්බැහි වූ දරු­වන්ගේ මව්පි­යන් විසින් නඟන ලද දුක්මුසු අඳෝනා මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දෙස­වන් තුළ අද­ටත් ඉතිරි වී තිබේ. මිනි­සකු මරා දැමී­මෙන් අප­රාධ නැවැ­ත්විය නොහැකි බව සැබෑ ය. ඒ සඳහා වෙනත් පුන­රු­ත්ථා­පන ක්‍රම­වේද වුව­මනා ය. එහෙත් ලංකාවේ මත්කුඩු උව­දුර ඉතා බිහි­සුණු එකක් ලෙස පැතිර ගොස් තිබුණි. දුගී­භා­වය, වකු­ගඩු උව­දුර, ජල හිඟය මෙරටේ විස­ඳුම් ඉල්ලා සිටින අර්බුද කීප­යකි.

මත්උ­ව­දුර ඒ සිය­ල්ලට ම උඩින් ය. මෛත්‍රී ජනා­ධි­පති දැඩි තීර­ණ­ය­කට එළ­ඹෙන්නේ ඒ පසු­බිම තුළ ය. මත්කුඩු ජාවා­රම් කරුවෝ බන්ධ­නා­ගා­ර­වල රැඳී සිටි­මින් ම ඒ අප­රාධ මෙහෙ­යුම් සිදු කරති. ඒ මත්කුඩු ජාතියේ දූද­රු­වන් ද බිළි ගනි­මින් සිටින ආකා­රය හද­කම්පා කර­ව­න­සු­ලුය. මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා ඒ අප­රා­ධ­ක­රු­වන් සඳහා මරණ දඬු­වම ක්‍රියා­ත්මක කිරී­මට දැඩි තීර­ණ­යක් ගනියි.

පසු­ගිය දින­කත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේ ‘මගේ නිල කාලය තුළ ඒ දුෂ්ට අප­රා­ධය වෙනු­වෙන් මරණ දඬු­වම ක්‍රියා­ත්මක කළ හැකි නම් මම දෙව­රක් නොසි­තමි. මා ඒ සඳහා ඉදි­රි­පත් වන්නේ ද කිසිදු පසු­තැ­වි­ල්ල­කින් නොවේ” යනු­වෙනි. එහෙත් දැන් ඒ දඬු­වම ක්‍රියා­ත්මක කිරීමේ අව­ස්ථාව නීතිය විසින් වළ­ක්වනු ලැබ ඇත. ඒ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ අතුරු තහ­නම් නියෝ­ග­යක් නිසා ය. මරණ දඬු­වම අත්හි­ටවා තිබෙන නිසා අධි­ක­ර­ණ­යෙන් ඒ දඬු­වම ලබා දුන්නත් මත්ජා­වා­ර­මුන්ගේ ජීවිත සුරැකේ.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා මරණ දඬු­වම ක්‍රියා­ත්මක කළේ එම­ඟින් ඒ අප­රා­ධ­ක­රු­වන්ට ප්‍රබල අන­තුරු හැඟ­වී­මක් කිරී­මට ය. එසේ නොමැ­තිව පෞද්ග­ලික වෛර­ය­කින් හෝ වෙනත් දුෂ්ට අර­මු­ණ­කින් හෝ මරණ දඬු­වම ක්‍රියා­ත්මක නොකළ බව ද මෙහිලා සඳ­හන් කළ යුතු ම ය.

ජනා­ධි­ප­ති­ව­රයා අනු­මාන කරන පරි­දිම මේ මරණ දඬු­වම වැළැ­ක්වීම සඳහා නීතිය ඉදි­රි­යට යන ඇතැම් අයට වුවද මත් ජාවා­ර­ම්ක­රු­වන්ගේ මුදල් අප්‍ර­මා­ණව වීසි කෙරෙනු ද විය හැකිය.

මේ මොහොත වන විටත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රුවෝ බන්ධ­නා­ගා­ර­ග­තව සිටි­යත්, ඒවා තුළ රජ­සැප ලබන බව කියති. තම කුඩු ඒජ­න්තලා මගින් විවිධ ඝාතන සිදු කර­වන බව ද කියති.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසින් මත් ජාවා­ර­මුන්ට මරණ දඬු­වම ක්‍රියා­ත්මක කිරී­මට ගන්නා ලද තීර­ණ­යට මේ ආණ්ඩුවේ ඇතු­ළෙන්ම බාධා එල්ල වූ බව ද අපට මත­කය. රාජ්‍ය නොවන සංවි­ධාන, මානව හිමි­කම් ක්‍රියා­කා­රීන් මෙබඳු අව­ස්ථා­වල පළ කරන ව්‍යාජ සට­ක­පටි රංගන ගැන අමු­තු­වෙන් විග්‍රහ කළ යුතු නැත. පන්සල් පල්ලි කෝවිල් වැනි ආග­මික ආය­ත­න­ය­කට කිසි­දි­නක පය නොත­බන මේ බොහෝ දෙනෙක් ආග­මික මත­වාද තම තමන්ගේ පරි­මා­ණ­යට කපා ගෙන නටන නාඩ­ගම් ද අපට අලුත් අත්දැ­කීම් නොවේ.

බුදුහු ඝාත­නය අනු­මත නොක­ළහ. ‘තමන් උපමා කොට නොන­සන්න; නොම­රන්න” යනු බුද්ධ වච­නය විය. එහෙත් බුදු­න්ව­හන්සේ වැඩ සිටි සම­යෙහි පවා අප­රා­ධ­ක­රු­වන්ට මරණ දඬු­වම නියම විය. රටක යහ­පැ­වැ­ත්මට පනවා තිබෙන නීතිය නොමැ­න­වයි කීමට උන්ව­හ­න්සේට අවශ්‍ය වූයේද නැත.

මේ දින­වල දේශ­පා­ලන වේදි­කා­වල (ධර්මා­නු­ශා­සනා නොවේ) දේශ­පා­ලන අනු­ශා­සනා කරනු ලබන ඇතැම් භික්ෂූන් වහ­න්සේ­ලාගේ මුවින් ගලා යන ප්‍රකාශ කෙත­රම් වෛරීද? එක් ජනා­ධි­ප­ති­ධුර අපේ­ක්ෂ­ක­යෙක් ඔහු උපන් නිව­සෙහි ජනේ­ල­යක එල්ලී­මට යෝජනා කළ හිමි­න­මක් ගැන මාධ්‍ය­වල පළ විය. තවත් හිමි­න­මක් අපූරු යෝජ­නා­වක් ද කර තිබුණි; ඒ ප්‍රති­වාදී පිලට ඡන්දය ලබා දෙන අයට සිහි­වි­කල් වන­තුරු මත්පැන් පොවා නිද්‍රා­වට පත්කි­රීම ය. මේ සිංහල බෞද්ධ නාම­යෙන් සිටින ජන­තා­ව­ගෙන් වැඳුම් ලබන බුද්ධ­පු­ත්‍ර­යන් වහ­න්සේ­ලාගේ කථාද? සංවේ­ග­යකි. ඔව්; යැයි කීමට සිදුව තිබේ.

මේ සියලු තොර­තු­රු­ව­ලින් අපට පෙනී යන්නේ මරණ දඬු­වම් විරෝ­ධය බොරු සෝබන වැඩක් බව ය. ඇත්ත වශ­යෙන් ම මේ මත්ජා­වා­ර­ම්ක­රු­වන්ට මරණ බිය දැන­විය හැකි එක ම ක්‍රමය මරණ දඬු­වම ක්‍රියා­ත්මක කිරීම පමණි. කුමක් වුවත් ලබන දෙසැ­ම්බර් 10 වනදා තෙක් ඒ ජනා­ධි­පති නියෝ­ගය අත්හි­ටුවා තිබේ. එනිසා මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට ඒ තීර­ණ­යට හිස නමා සිය ධුර­යෙන් ඉසිඹු ලෑමට සිදුවේ.

මේ අතර ජනා­ධි­ප­ති­ව­ර­යාට තමන් තුළ ප්‍රසා­ද­යක් නැති මේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා­දා­ම­යන්ට තම විරු­ද්ධ­ත්වය ප්‍රකාශ කිරී­මට ද පසු­ගිය දින­වල සිදුවී තිබුණි. ඉන් ප්‍රධාන වන්නේ ඇමෙ­රි­කාව සමඟ අත්සන් කිරී­මට යන මිලේ­නි­යම් චැලේන්ජ් කෝප­රේ­ෂන් (MCC ­ගි­වි­සුම) ගිවි­සුම සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­ව­රයා විසින් දක්වන ලද අප්‍ර­සා­ද­යයි.

මේ ගිවි­සු­මට පසු­ගි­යදා කැබි­නට් අනු­මැ­තිය හිමි වුවද ජනා­ධි­ප­ති­ව­රයා ඒ සම්බ­න්ධ­යෙන් තෘප්ති­මත් නොවීම කැපී පෙනුණි. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විවේ­ච­නය වූයේ මේ ගිවි­සු­මෙන් රටට අහි­ත­කර යෝජනා ඉවත් විය යුතු බව ය.

රටේ මාර්ග තද­බ­ද­යට විස­ඳුම් ලබා­දීම ඇතුළු ප්‍රවා­හන පද්ධ­තියේ ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා පිළි­බ­ඳව තමන්ට ගැට­ලු­වක් නැති වුව ද ‍මෙරටේ ඉඩම් ලියා පදිං­චිය, අලුත් ආයෝ­ජන කලාප ඇති­කි­රීම, ඇමෙ­රි­කානු සෙබ­ළුන්ට විශේෂ නීති­යක් ක්‍රියා­ත්ම­ක­වීම වැනි කරුණු තමාට අනු­මත කළ නොහැකි බව ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා විය.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා මේ සමස්තයට එකඟ නොවන්නේ තමන් විසින් අනු­ග­ම­නය කරනු ලබන ස්වදේ­ශීය ප්‍රති­ප­ත්ති­ව­ලට මෙන් ම රටේ ස්වෛරී­භා­ව­යට එරෙහි වන කරුණු මෙහි ඇතු­ළත් වී තිබීම නිසා බව අපගේ ද අද­හ­සය. එසේම ශ්‍රී ලංකාව මේ ගිවි­සු­මට එක­ඟ­වීම පිළිබඳ ව ඇමෙ­රි­කාව සතු­ටට පත්වන බවට නිවේ­ද­න­යක් ද පළ විය. එය සැබැ­වින්ම විස්මය දන­වන සතු­ටකි.

ඇමෙ­රි­කාව, ඉන්දි­යාව, චීනය ඇතුළු ඕනෑම රටක් සමඟ අපට ගිවි­සුම් ඇති­කර ගැනී­මට බාධා­වක් තිබිය යුතු නැත. එහෙත් ඒ හැම ගිවි­සු­ම­කම මුඛ්‍ය අභි­ලා­ෂය විය යුත්තේ අපේ ස්වාධී­න­ත්වය ආරක්ෂා වීම ය. අද ඇමෙ­රි­කානු ජනා­ධි­පති ට්‍රම්ප් පවා අනු­ග­ම­නය කරන්නේ පළ­මුව ඇමෙ­රි­කාව’ යන ප්‍රති­ප­ත්ති­යයි.

ඇත්ත­ ව­ශ­යෙන් ම තව­මත් මේ රටට ශාප­යක් වී ඇත්තේ දේශ­ප්‍රේ­මය, ස්වදේ­ශි­ක­ත්වය, ජාති­ක­ත්වය වැනි උතුම් වටි­නා­කම් පටු අර­මුණු උදෙසා යොදා ගැනී­මය. එහෙත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා නිර­න්ත­රව කැප වූයේ මේ පටු අර­මුණු නැති ශ්‍රී ලාංකික මන­සක් සහිත රටක් ගොඩ­නැ­ගී­මට ය.

මේ අතර පාස්කු ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශ­නය කිරී­මට පත් කරන ලද පාර්ලි­මේන්තු තේරීම් කාරක සභා වාර්තාව සම්බ­න්ධ­යෙන් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසින් දක්වන ලද ප්‍රති­චා­රය පිළි­බ­ඳව ද කිසි­යම් අද­හ­සක් දැක්විය යුතුය. මේ තේරීම් කාරක සභාව ද්වේෂ සහ­ගත ලිය­වි­ල්ලක් බව ජනා­ධි­ප­තිගේ විවේ­ච­න­යයි.

අදාළ වාර්තාව කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කර සාකච්ඡා කිරීම පම­ණක් සිදු කළ බවත්, එය කැබි­නට් මණ්ඩ­ලය විසින් අනු­මත කරන ලද වාර්තා­වක් ලෙස නොසැ­ල­කිය හැකි බවත් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අව­ධා­ර­ණය වූ බව ජන­මා­ධ්‍ය­වල පළවී තිබුණි.

සැබැ­වින්ම මේ තේරිම් කමි­ටුවේ සංයු­තිය පිළි­බඳ ව සමාජ දේශ­පා­ලන මෙන්ම විද්වත් ක්ෂේත්‍ර­වල ද විවිධ සංවාද සිදු විය. විශේ­ෂ­යෙන් මේ ඝාත­නයේ මහ මොළ­කරු වූ සහ­රාන් සමඟ ඇතැම් මුස්ලිම් නාය­ක­යන් විසින් පව­ත්වන ලද බව කියන සබ­ඳතා ජන­තා­වගේ බල­වත් සැක­යට තුඩු දී තිබේ. මේ කමි­ටු­වට පාර්ලි­මේ­න්තුවේ විප­ක්ෂ­නා­යක ප්‍රමුඛ ඒ කණ්ඩා­යමේ අනු­ග්‍ර­හ­යක් නොලැ­බුණි.

ඔවුන්ගේ ප්‍රබල විවේ­ච­න­යක් වූයේ මේ කමි­ටු­වල අශුද්ධ එකක් බව ය. දැනට ජන­මාධ්‍ය ඔස්සේ සංස­ර­ණය වන පුවත්, ඡායා­රූප ආදිය පිළි­බඳ අපට නිශ්චිත අද­හ­සක් ප්‍රකාශ කළ නොහැ­කිය. එහෙත් ඒවා හුදු මනඃ­ක­ල්පිත දේවල් නොවන බව අපට ද හැඟී ගිය අවස්ථා තිබේ. එසේම ඒ ම්ලේච්ඡ ප්‍රහා­ර­ක­යන් සමඟ කවර හෝ සබ­ඳ­තා­වක් තිබුණු කව­ර­කුට වුවද ඒ කට­යුතු ස්වාධී­නව විම­ර්ශ­නය කළ නොහැකි බව නම් අපට කිව හැකිය.

දැනට චෝදනා ඉදි­රි­පත්ව තිබෙන චරිත හා ප්‍රහා­ර­ක­යන්ගේ බැඳි­යා­වන් පිළි­බඳ සත්‍යය මතු අනා­ග­තයේ දී හෝ රටට හෙළි­ක­ර­ගත යුතු බවද අව­ධා­ර­ණ­යෙන් කිව යුතුය.

කෙසේ වුවද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා විසින් පාස්කු ඉරිදා ප්‍රහා­රය පිළි­බඳ ව විම­ර්ශ­නය කිරීම සඳහා පත්ක­රන ලද පංච පුද්ගල කමි­ටුව තව­දු­ර­ටත් සිය කට­යුතු සිදු­ක­ර­මින් සිටින බවද වාර්තා වේ. ඒ පිළි­බඳ ව කොළඹ අග­ර­ද­ගුරු මැල්කම් රංජිත් කාදි­න­ල්තු­මාගේ සහාය අපේක්ෂා කරන බවට රහස් පොලි­සිය ඉල්ලා ඇතැ­යිද අග­ර­ද­ගුරු මැදු­රෙන් වාර්තා වේ.

ජනා­ධි­ප­ති­ව­රයා සිය ධුර­යෙන් විශ්‍රාම ගියත් ක්‍රියා­කා­රීව දේශ­පා­ල­නයේ නිරත වීමට අපේ­ක්ෂා­වෙන් සිටින බවද රහ­සක් නොවේ.

සිය නිල කාලය තුළ රට වෙනු­වෙන් හා ජන­තාව වෙනු­වෙන් ජය­ග්‍ර­හණ ලබා ගැනීම සඳහා එතුමා දැක්වූ උද්යෝ­ගය මෙන්ම කැප­වීම ද අගය කළ යුතුය. පසු­ගිය කාලය තුළ මුළු ජන­තා­ව­ගේම සුවි­ශේෂ අව­ධා­න­යට යොමු වූ මහ­බැංකු මංකො­ල්ලයේ වග­කි­ව­යු­ත්තන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා ලෙස කරන ලද මැදි­හ­ත්වීම් ද අපට මත­කය.

රටේ ආර්ථික සංව­ර්ධන ක්‍රියා­ව­ලි­යට ග්‍රාමීය ආර්ථි­කය තුළින් ලබා­ගත හැකි ශක්තිය ප්‍රති­ලාභ කෙරෙහි ද ජනා­ධි­ප­ති­ව­රයා උනන්දු විය.

ග්‍රාම­ශක්ති ව්‍යාපා­රය එහි එක් සාධ­නීය ක්‍රියා­න්වි­ත­යකි. රජ­රට වෙළා­ගත් වකු­ගඩු රෝග­යට තිර­සාර විස­ඳු­මක් ලබා­දීමේ මෙහෙ­යුම ද ඒ අතර විය. රජ­රට හා උතුරේ ගොවි­බි­ම්ව­ලට ජල පහ­සු­කම් ලබා­දී­ම­ටත් ඔවුන්ගේ පානීය ජල ගැටලු විස­ඳී­ම­ටත් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා නිර­න්ත­ර­යෙන් ම කැප­විය.

පරි­සර හා මහ­වැලි අමා­ත්‍යාං­ශය සිය ජීවි­තයේ කොට­සක් සේ සැලකූ ප්‍රථම රාජ්‍ය නාය­කයා ද ඔහු විය. එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් රාජ්‍ය නාය­කයා ලෙස ජන­තාව විසින් තෝරා ගනු ලබන ජනා­ධි­ප­ති­ව­රයා කවු­රුන් වුවද ඔහුට මේ සාධ­නීය සැල­සුම් හා ජනතා මෙහෙ­වර ඉවත දැමිය නොහැකි බව ද අපගේ අද­හ­සය.

Comments