සිළුමිණ ලග්න පලාපල‍ ( නොවැම්බර් 10 සිට නොවැම්බර් 16 තෙක්) | Page 3 | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ ( නොවැම්බර් 10 සිට නොවැම්බර් 16 තෙක්)

මේෂ

නිර්මා­ණ­ශීලී වේ

කුජ 7 වැන්නට පැමිණේ. ඒ රවි බුධ සම­ඟිනි. සිකුරු 8 ද, ශනි, කේතු ගුරු 9 ද, සඳු 12 සහ රාහු 4 සිටීම තුළ එම කාල සීමාව තුළ කිසි­යම් සාර්ථක බවක් ක්‍රම­යෙන් ලබයි.

වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­යක වේ.

ගෙද­ර­දොර බඩු­මුට්ටු ආදිය පිළි­බඳ වාසි­දා­යක තත්ත්ව­යක් පෙන්වයි. ආදා­යම් වර්ධ­න­යක් වේ. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ.

දරු­වන්ගේ කට­යු­තු­වල ප්‍රග­ති­යක් පෙන්වයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට සිය උත්සා­හ­යෙන් ප්‍රති­ඵල ලබා ගත හැකිය. ආග­මික අංශ­යට වැඩි නැඹු­රු­වක් ඇති කරයි. ශරීර සෞඛ්‍යය ගැන තර­මක් සැල­කි­ලි­මත් විය යුතුයි.

ජය වර්ණය- රෝස, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

වෘෂභ

 බලා­පො­රොත්තු වන ප්‍රති­ඵල නෑ

ලග්නා­ධි­පති සිකුරු වශ්චි­කයේ හත් වැන්නේය. රවි, කුජ, බුධ 6 වැන්නේය. ගරු, කේතු, ශනි 8 ද, රාහු 2 ද ගමන් ගනී.

එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා මෙන්ම සමා­ජීය ක්ෂේත්‍ර­වල දී ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල නොල­බනු ඇත. එම නිසා කැප වීම අව­ශ්‍යයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් එත­රම් සාර්ථක නොවේ. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යනු ඇත. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී යම් යම් අව­හි­රතා බාධා ඉස්මතු කළ හැකිය.

වචන පාවි­ච්චියේ දී ප්‍රවේ­සම් වන්න. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටිය යුතුයි. අධ්‍යා­පන කට­යු­තු­ව­ලට කැප වීම අව­ශ්‍යයි. ඒ තුළ සාර්ථක විය හැකිය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැල­කි­ලි­මත් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 

මිථුන

මිල මුදල් නාස්ති­වී­ම්ව­ලට ඉඩ

ලග්නා­ධි­පති බුධ පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ රවි කුජ සම­ඟයි. රාහු ලග්නයේ ද කේතු, ශනි, ගුරු 7 ද, සිකුරු 6 ද ගමන් ගනී.

එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී යම් යම් අව­ස්ථාව කෙටි ගම­න්බි­මන් අධි­කයි. වෘත්තීය සහ රැකියා අංශ­වල දී විටෙක යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු වේ. එම නිසා උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල උදා කරනු ඇත. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් අය­හ­පත් නැත.

ආදා­යම් ලැබුණ ද විය­දම් අධි­කයි. විටෙක මිල මුදල් නාස්ති­වී­ම්ව­ලට ඉඩ පවතී.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ද තර­මක් ඉව­සි­ලි­මත් විය යුතුයි. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵල ලබයි. දියු­ණු­වක් ලබයි. උෂ්ණා­ධික රෝග, මුත්‍ර දෝෂ බලපෑ හැකිය.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

කටක

ඉතා බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතු සති­යක්

ලග්නා­ධි­පති සඳු භාග්‍ය­ස්ථා­න­යේය. රාහු 12, ශනි, කේතු, ගුරු 6 ද, රවි, කුජ, බුධ 4ද, සිකුරු 5 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී තම කට­යුතු කර­ගෙන යෑමේ දී විටින් විට බාධා අව­හි­රතා ඉස්මතු කරයි.

වෘත්තීය සහ රැකියා අංශ­ව­ලදී ඔබ බලා­පො­රොත්තු වන තර­මට මට­සි­ලුටු නොවේ. එම නිසා ඉතාම බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක නොවේ. මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ඉව­සීම මෙන්ම බුද්ධි­මත් වීම ද ඉතා වටී. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සාහ තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. අර්ශස්, බඩ­වැල් ආශ්‍රිත පීඩා, උද­ර­ගත රෝග, මුත්‍ර දෝෂා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය-- 02, දිනය- සඳුදා

 

සිංහ

ආදා­යම් ලැබුණ ද විය­දම් ඉහළ යයි

ලග්නා­ධි­පති රවි, කුජ, බුධ සමඟ 3 වැන්නේය. රාහු අය­ස්ථා­නයේ ද ගුරු ශනි කේතු 5 ද ගමන් ගනී. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කී­මේදී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා මතු කරයි. එම නිසා කල්ප­නා­කා­රීව ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකියා අංශ­ව­ලදී ද සැල­කි­ලි­මත් වන්න. මිල මුදල් කට­යු­තු­ව­ලදී ප්‍රවේ­සම් වන්න. ආදා­යම් ලැබුණ ද විය­දම් ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­ව­ලදී කල්ප­නා­කාරී වන්න.

ගෙද­ර­දොර කට­යු­තු­ව­ලදී ද යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකිය. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් පසු­විය යුතුයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සැලසේ. උෂ්ණා­ධික, උද­රා­ශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බා­ධා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

 

කන්‍යා

වෘත්තීය සහ රැකි­යාවේ බාධා

ලග්නා­ධි­පති බුධ, රවි, කුජ 2 වැන්නේය. සිකුරු 3, ශනි, කේතු, ගුරු 4 ද රාහු 10 ද ගමන් ගනී. මෙම ග්‍රහ ගෝච­ර­යන් ගැන සැල­කී­මේදී තමාගේ කට­යු­තු­ව­ලට යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු වේ. වෘත්තීය සහ රැකියා අංශ­ව­ලදී තර­මක් බාධා ඉස්මතු වේ.

අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ඔබ බලා­පො­රොත්තු වන තර­මට නොලැබේ. උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක පල ලැබිය හැකිය. මිල­මු­දල් ලැබීම අතින් එත­රම්ම ශුභ­දා­යක නැත.

ආදා­යම් ලැබුණ ද විය­දම් අධි­කයි. ගෙද­ර­දොර කට­යු­තු­ව­ලදී සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටිය යුතුයි. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

තුලා

දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක්

ලග්නා­ධි­පති සිකුරු 2 ය. රවි, කුජ, බුධ ලග්න­යේය. ශනි, ගුරු, කේතු 3 සිටී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා අංශ­වල දී යම් යම් බාධා ප්‍රමා­දතා ඉස්මතු වේ.

එම නිසා කල්ප­නා­කාරී විය යුතුයි. එසේ කිරී­මෙන් පම­ණක් සාර්ථක පල ලැබිය හැකිය. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් වාසි­දා­යක තත්ත්ව­යක් ලබා­ගනී.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් උදා කරයි. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට ශුභයි.

සිය උත්සා­හය තුළ සාර්ථක වේ. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩා ඇති කළ හැකිය.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 

වෘශ්චික

වැඩ කටයුතුවලට බාධා

ලග්නා­ධි­පති කුජ, රවි, බුධ සමඟ 12 ද, සිකරු ලග්නයේ ද, ගුරු, කේතු, ශනි 2 ද, රාහු 8 ද ගම­න්ගනී.

එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී එත­රම්ම යහ­පත් නොවේ. තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා ගැට­ලු­කාරී තත්ත්ව­යන් ඉස්මතු වේ. වෘත්තීය සහ රැකියා අංශ­වල දී ඉතා­මත් බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද විය­දම් පක්ෂය ඉහළ යයි.

විටෙක මුදල් නාස්ති­වී­ම්ව­ලට ඉඩ පවතී. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී විය යුතුයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලින් ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

ධනු

ආර්ථි­කය පැත්ත යහ­පත්

ලග්නා­ධි­පති ගුරු ලග්නයේ, ශනි, කේතු සම­ගයි. සිකුරු 12 සිටී. රවි, කුජ, බුධ 11 ද, සඳු 4 රාහු 7 ගම­න්ගනී.

එම ග්‍රහ පිහි­ටීම් තුළ වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී බාධා ප්‍රමා­ද­තා­වන්ට ඉඩ පවතී. එම නිසා බුද්ධි­මත්ව ද කල්ප­නා­කා­රීව ද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. ආර්ථික වශ­යෙන් නම් අය­හ­පත් නැත.

විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබනු ඇත. ගෙද­ර­දොර කට­යුතු සහ යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටින්න. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උද­ර­ගත පීඩා, ස්නායු දුර්ව­ලතා යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

මකර

වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි

ලග්නා­ධි­පති ශනි, ගුරු, කේතු 12 ද, සිකුරු 11 ද, රවි, කුජ, බුධ 10 ද, සඳු 3 ද සිටී. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු කළත් සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගත හැකිය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට යහ­පත්ය.

වාසි ගෙන දේ. මුදල් සහ ආර්ථික වශ­යෙන් අය­හ­පත් නොවේ. සිය උත්සා­හය තුළ ආර්ථික තත්ත්වය සාර්ථක කර­ගත හැකිය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ද අය­හ­පත් නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. තමාගේ සෞඛ්‍යය ගැන ප්‍රවේ­සම් වන්න. රුදිර පීඩ­නය, උෂ්ණා­ධික රෝග බල­පායි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

 

කුම්භ

කල්ප­නා­කා­රීව ක්‍රියා කළ යුතුයි

ලග්නා­ධි­පති ශනි, ගුරු, කේතු 11 ද, සිකුරු 10 ද, රවි, බුධ, කුජ 9 ද, සඳු 2 ද සිටී. මෙම ග්‍රහ ගෝච­ර­යන් තුළ තමාගේ වැඩ­ක­ට­යු­තු­වල දී යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු කරයි.

එම නිසා උන­න්දු­වෙන් ද කැප­වී­මෙන් ද යුතුව ක්‍රියා කළ යුතුයි. වෘත්තීය සහ රැකියා අංශ­වල දී ද එසේ­මයි. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුවත් විටෙක මිල මුදල් ප්‍රශ්න මතු කරයි. ඉව­සී­මෙන් ද කල්ප­නා­කා­රීව ද ක්‍රියා කළ යුතුයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ද තද­බල ලෙස මහන්සි වීමට සිදු වේ.

දරු­වන්ගේ කට­යු­තු­ව­ලට වෙහෙස වීමට සිදු වේ. අධ්‍යා­පන අංශ­වල දී උන­න්දුව අව­ශ්‍යයි. ලේ දූෂ්‍යා­බාධ, උද­රා­ශ්‍රිත රෝගා­දි­යට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

 

මීන

මුදල් විය­දම් අධික වේ

ලග්නා­ධි­පති ගුරු, ශනි, කේතු 10 ද, සිකුරු 9 ද, රවි, කුජ, බුධ 8 ද, ශනි ලග්නයේ ද ගමන් ගනී.

එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී යම් යම් බාධා ප්‍රමා­දතා මධ්‍යයේ වුව ද වෘත්තීය සහ රැකියා අංශ­වල දියු­ණු­වක් ලබයි.

ආර්ථික වශ­යෙන් යහ­පත් වුව ද මුදල් විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බ­න්ධ­යෙන් ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා මතු කළ හැකි බැවිනි.

දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ.

අධ්‍යා­පන අංශ­ව­ලදී උත්සා­හය තුළ සාර්ථක පල ලබනු ඇත. රුධිර පීඩ­නය, මුත්‍රා දෝෂ, ඇස්වල දුර්ව­ලතා මතු කළ හැකිය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

Comments