පරිසර හිතකාමී වාහන කොටස් සිහිනය දකින අපේ ව්‍යවසායකයා | සිළුමිණ

පරිසර හිතකාමී වාහන කොටස් සිහිනය දකින අපේ ව්‍යවසායකයා

පට එදි­නෙදා සමා­ජ­යේදි විවිධ පුද්ග­ලයෝ හමු­වෙති. ඇතැ­මුන් බොහෝ අමා­රු­වෙන් උත්සා­හ­යෙන් ධ්‍යෛර්යෙන් දිවි මඟෙහි ඉහළ නැඟි අයය. එවැ­න්නෙකු පසු­ගි­යදා අපට හමු විය . ඔහු අද ව්‍යාපා­රික ක්ෂේත්‍රයේ ඉහළ තල­යක සිටි­න්නෙකි. සමාජ සේවය වෙනු­වෙන් කැප වී සිටින ඔහු සිංහ ජය­සිරි අන්ද­ර­වීර මහ­තාය.

දකුණු පළාතේ අම්බ­ල­න්තොට කුඩා­බෝ­ලාන ගොවි ගම්මා­නයේ උපන් ජය­සිරි පස් දෙනෙ­කු­ගෙන යුතු පවුලේ දෙවැන්නා විය‍.

හුංගම විජබා මධ්‍ය මහා විද්‍යා­ලයේ ඉගෙ­නුම ලැබු ඔහු උසස් පෙළ හදා­රන්නේ කෘෂි කාර්මික අංශ­යෙනි. උසස් පෙළ විභා­ග­යට පෙනී සිටී­මෙන් පසුව ඔහුට ඕනෑ වෙන්නේ රැකි­යා­වක් කිරී­ම­ටය.

“ඒ කාලේ රටේ තිබුණ තත්ත්ව­යත් ඒ තරම් හොඳ නැහැ. මගේ මාමා කෙනෙක් මහා බැංකුවේ වැඩ කළේ. මම ඔහුට මගේ අධ්‍යා­පන සුදු­සු­කම් ඇතු­ළත් කරලා ඉල්ලුම් පත්‍ර­යක් ලබා දුන්නා. විවිධ රැකි­යා­ව­ලට ඉල්ලු­ම්පත්‍ර දැම්මා. අව­සා­නයේ මම උප පොලිස් පරි­ක්ෂ­ක­ව­ර­යෙකු ලෙස 1989 දි ශ්‍රී ලංකා පොලී­සි­යට බැඳුණා. ඒත් බොහෝම කෙටි කාල­යයි පොලි­සියේ සේවය කළේ. ඉන් පස්සේ 1992 ඇසෝ­සි­යේ­ටඩ් මෝටර් වේස් ආය­ත­නයේ අලෙවි සහ­කාර වර­යෙකු ලෙස සේව­යට බැදුණා. මම ඒ රස්සා­වට බොහෝම කැමැ­ත්තෙන් කර­ගෙන ගියා. මම මේ කාලේ මගේ අධ්‍යා­පන කට­යු­තුත් කර­ගෙන ගියා. මම කාලය අපතේ හැරියේ නැහැ. මම පොලි­සියේ සේවය කරන කාලේ මට හමු වුණා බොහෝම හොඳ මහ­ත්ම­යෙක්. ඔහු ආරි­ය­සේන ගම්හේවා මහතා. මගේ ජීවි­ත­යට ඔහුු­ගෙන් බොහෝ ගුරු­හ­රු­කම් ලැබුණා. “

අන්ද­ර­වීර මහතා තම අතීත තොර­තුරු පව­සන්නේ සතු­ටෙනි.

අලෙවි සහ­ක­රු­වකු ලෙස සේවය කරන කාලයේ දී ඔහු අලෙවි කළ­ම­නා­ක­ර­ණය, මානව සම්පත් කළ­ම­නා­ක­ර­ණය, ව්‍යාපාර කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ පාඨ­මාලා හදාරා තම දැනුම වැඩි­දි­යුණු කර ගත්තේය. වසර අටක් පමණ අලෙවි කළ­ම­නා­ක­රණ ක්ෂේත්‍රයේ සිටි ඔහු ඇසෝ­සි­යේ­ටඩ් මෝටර් වේස් ආය­ත­න­යෙන් ඉවත් වී ඇල්බා සමුහ ව්‍යාපා­රය හා එක් වන්නේය. ඒ වන විට ඇල්බා සමුහ ව්‍යාපා­ර­යෙන් කෙරෙන්නේ ඇල්බා ත්‍රී රෝද රථ එක­ලස් කිරීම හා බෙදා හැරි­මය. එම ආය­තයේ අලෙවි කළ­ම­නා­කරු ලෙසින් සේවය කළ අන්ද­ර­වීර යළිත් තම සේවා ස්ථානය මාරු කරයි. එවර ඔහු තම­න්ගේම කියා ව්‍යාපා­ර­යක් ආරම්භ කිරීමේ සිහි­නය සැබෑ කර ගන්නට උත්සාහ දර­න්නේය. නමුදු මෙහිදි ඔහු හා තවත් ආයෝ­ජ­ක­ක­යන් දෙදෙ­නෙක් එක් වෙති.

“මට උව­ම­නා­වක් තිබුණා ව්‍යාපා­ර­යක් අර­ඹන්න. මගේ මිත්‍රෙයා් දෙන්නෙ­කුත් ඒ සදහා එක් වුණා. අප 2003 අවු­රු­ද්දේදී එම් ඇන්ඩ් ඒ ඔටෝ ට්‍රේඩර්ස් පෞද්ග­ලික සමා­ගම ආරම්භ කර­නවා. එහි ප්‍රධාන විධා­යක අධ්‍ය­ක්ෂ­ව­ර­යෙකු ලෙස මා කට­යුතු කර­නවා. මෝටර් සයි­කල් ‍ හා ත්‍රීවීල් අම­තර කොටස් ගෙන්වා බෙදා හැරීම කරන්නේ අප . මේ ව්‍යාපා­රය කර­ගෙන යෑමේදි වසර පහ­ළො­ව­කට පස්සේ අනෙක් අධ්‍ය­ක්ෂ­ව­රුන් දෙදෙනා මේ ව්‍යාපා­ර­යෙන් අයින් වුණා. ඉන් පස්සේ මම මෙය මගේ පවුලේ ව්‍යාපා­ර­යක් ලෙසින් 2017 අවු­රු­ද්දේදී ආරම්භ කළා.

අද අපේ ආය­ත­නයේ නම එම් ඇන්ඩ් ඒ ඩිස්ට්‍රි­බි­යු­ටඩ්. අද වෙන කොට මගේ ආය­ත­නයේ සේවක සංඛ්‍යාව පහ­ළොස් දෙනයි. මේ අය බොහෝම සහ­යෝ­ග­යෙන් කට­යුතු කර­නවා. මම ආය­ත­නයේ ප්‍රධා­නියා කියලා නිකම් ඉන්නෙ නැහැ. මමත් ඔවුන් සමඟ වැඩ කර­නවා.“ අන්ද­ර­වීර මහතා පව­සන්නේ තමන් පැමිණි ගම­න්මග ගැනය. ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැළී සිටි­යද ඔහුගේ වැඩි ආසා­වක් ඇත්තේ තමන් උපන් ගමේ දවස ගත කිරී­ම­ටය. ගොවි­තැන් කිරී­ම­ටය.

“අපේ බාල කාලය ගෙවුණේ ගොවි ගම්මා­වල. මගේ තාත්තා, සීයා දෙනොම ගොවියෝ. මගේ ගමේ අදත් මම කුඹුරු කර­නවා. වී ගොවි­තැන කරන්නේ තෙල් පොහොර යොදලා නෙමෙයි. කාබ­නික පොහොර යොදලා තමයි ගොවි­තැන් කරන්නේ. ගෙර­දර පරි­භෝ­ජ­න­යට ගත්තාට පසුව මම වී අස්වැන්න විකු­ණ­නවා. මගේ අද­හ­සක් තියෙ­නවා තව වස­ර­කින් දෙක­කින් අපේ ගමේ කුඹුරු ගොවි­යාට සාධා­ර­ණ­යක් ඉටු කර­න්නට. දැන් ඉදි­රි­යට එන්නේ කුඹුරු වැඩ කාලය. මට පාසල් යන කාලේ ඉඳ­ලාම සැලැ­ස්මක් තිබුණා. ව්‍යාපා­ර­යක් කරන්න ඕන කියන අද­හස ආවේ මම වය­සින් වැඩෙ­න­වාත් එක්ක.

අද වන විට මට ව්‍යාපා­රික ක්ෂේත්‍රයේ වසර තිහක අත්දැ­කීම් තියෙ­නවා. ඉන්දි­යා­වෙන් ගෙන්වන තත්ත්ව­යෙන් උසස් අම­තර කොටස් බෙදා හැරිම කරන්නේ. ඉදි­රි­යේදී මේ අම­තර කොටස් වලින් යම් ප්‍රමා­ණ­යක් අපේ රටේදී නිෂ්පා­ද­නය කිරී­මට මගේ බලා­පො­රො­ත්තු­වක් තිබෙ­නවා. මෝටර් සයි­කල් ත්‍රිරෝද රථ සහා නිප­ද­වන අම­තර කොටස් පරි­සර හිත­කාමි අම­තර කොටස් සෑදී­මයි මගේ බලා­පො­රො­ත්තුව. මීට කාලෙ­කට කලින් මම ගමෙන් කොළ­ඹට ආවේ කමිස දෙකයි, කලි­සම් දෙකයි ටී ෂර්ට් දෙකයි, සපත්තු දෙකක් එක්ක. මට මගේ අම්මලා තාත්තලා ඉතිරි කරපු සල්ලි තිබුණේ නැහැ. මම ගොඩ නැඟුණේ මගේ උත්සා­හ­යෙන්.

කොළ­ඹට ආවට පස්සේ මම දුක් වින්දා. අපි විවාහ වෙලා හිටි­යෙත් කුලී ගෙද­රක. ජීවිතේ වැඩි කාල­යක් හිටියේ කුලී ගෙව­ල්වල. අවු­රුදු ගාන­කට පස්සේ තමයි මට ගෙයක් හදා ගන්න පුළු­වන් වුණේ. මට සතු­ටක් තියෙ­නවා මම මවු­පි­යන්ගේ දේවල් විකු­ණලා, ඒවා­යින් දියුණු වූ කෙනෙක් නොවන නිසා.

මම සාමාන්‍ය පෙළ විභා­ග­යේදී ඉංග්‍රීසි විෂය අස­මත් . ඒත් විභා­ගය අස­මත් වීම ජීවි­තය අස­මත් වීමට හේතු­වක් නොවෙයි. අද මම බොහෝ රට­ව­ල්ව­ලට ගිහින්. තියෙ­නවා. වෙළෙද කට­යුතු කර­ගෙන යනවා. “

අන්ද­ර­වීර මහතා තමන් ජීවි­තය ගොඩ­න­ඟා­ගත් අයුරු පව­සන්නේ බොහෝ තෘප්ති­යෙනි. හරි හම්බ කර­ගත් දේ තම පවුල වෙනු­වෙන් පම­ණක් වැය නොකර ඔහු සමාජ සේවයේ යෙදේ. අන් දුකේදී පිහිට වේ. වෙහෙර විහා­ර­ව­ලට සංව­ර්ධ­නය කිරී­මට ද වැය කරයි. මේ සියල්ල කර අව­සා­නයේ ඔහු බලා­පො­රොත්තු වන්නේ හිතේ සතු­ටයි සහ­න­යයි.

Comments