අද දිනයේ කොරෝනා රෝගීන් 94ක් | සිළුමිණ

අද දිනයේ කොරෝනා රෝගීන් 94ක්

අද (12) දිනයේ සවස 3.00 වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 94 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 76 දෙනෙකු කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුරු මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන්ය.

එම පිරිසට අමතරව පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ අතර රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරයා සහභාගිවූ අවමංගල්‍ය උත්සවයට සහ දානේ නිවසට පැමිණි කාන්තාවන් තිදෙනෙකුට සහ කුඩා දරුවෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

 

Comments