තවත් ආසාදිතයින් 17කට සුවයි | සිළුමිණ

තවත් ආසාදිතයින් 17කට සුවයි

අද (24) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2094ක් දක්වා ඉහළ ගොස් තිබේ.

‍මෙරට තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 648 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

ඊයේ (23) දිනයේ දී එක් පුද්ගලයෙකු පමණක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනු අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2753ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම පුද්ගලයා සෞදි අරාබියේ සිට මෙරට ට පැමිණි අයෙකු වන අතර ඔහු මේ වන විටත් නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව සඳහන් කළේය.

මේ අතර, ලංකාව තුළ මෙතෙක් කර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 150,000 ක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

 

Comments