සතියේ කල දවස | Page 2 | සිළුමිණ

සතියේ කල දවස

මේෂ - සතිය මැද සිට සුබයි

 

මේෂ ලග්නය හිමි ඔබට සතිය ආරම්භය හදිසි අනතුරු තත්ත්වයකට මුහුණ දීමට ඇති ඉඩකඩ වැඩි නිසා ප්‍රවේශම් වන්න. ඒ අනුව රැකියා ස්ථානගතව බාධක ඇති වීමට ද පුළුවන. කෙසේ හෝ සතිය මැද භාගයේ සිට ඉදිරියට සුබයි. තම තනි මතයට කටයුතු කිරීම සුබ නැත. ගෘහ ජීවිතයේ එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධයට බාධා පැමිණීමට ද ඉඩ ඇත. පිටස්තරයන්ගේ අත පෙවීම් තම ජීවිතයට ළඟා වීම අවහිර සහගත වෙයි. සතිය මැද භාගයේ සිට ඔබගේ ධන ශක්තිය පෑදෙන කටයුත්තකට අත පෙවීම නිසා සතුටුදායක මානසික තත්ත්වයකට පත්වීමට පුළුවන. චන්ද්‍රයා මේ සතියේ 08 - 09 - 10 - 11 යන ස්ථාන පසු කරයි.

 

වෘෂභ - යුගදිවි සරුවේ

 

වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව යුගදිවිය සාර්ථක ලෙස ගතවන සතියක් මෙන්ම මංගල උත්සව ගණනාවකටම සහභාගි වීමට සිදුවන සතියකි.

ආගමික සහජීවනය ඉතා තදින් සිතට දැනෙන අතර දුරබැහැර ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට ද වැඩිපුර කාලය ගත කරන සතියකි. චන්ද්‍රයා 07 - 08 - 09 - 10 යන ස්ථානවල ගමන් කිරීම මීට හේතුවයි. ආර්ථික විය පැහැදම් අධික වන අතර කිසියම් සකසුරුවම් බවක් තබා ගත යුතු සතියකි. ශරීර සෞඛ්‍ය අතින් සෙම් දෝෂ මුත්‍ර දෝෂ එළඹීමට පුළුවන.

 

මිථුන - ධන ලාභ සහිතයි

 

මිථුන ලග්නය හිමි ඔබ කේන්ද්‍රයට අනුව මෙම සතිය ඔබට චන්ද්‍රයා 06 - 07 - 08 - 09 යන ස්ථානවල ගමන් කිරීම කිසියම් ජීවිතයේ හුදෙකලා බවක් ඇති වන සතියකි. බොහෝ ප්‍රියයන්ගෙන් වෙන්වී ගත කිරීමට සිදු වෙයි.

සෙනසුරු 8 ට කේතු 6 ට පැමිණ තිබීමද නිසා විශේෂයෙන් යුගදිවි අවුල් කරන පිහිටීමක් ආදර සම්බන්ධතා මඟ හැරෙන තත්ත්වයකි. සිතේ කණස්සල්ල පසුතැවීම ඇති කෙරේ.

සිය ආගමික කටයුතු කෙරේ වඩ වඩාත් යොමුවීම සුබයි. සතිය අවසානයේ ඔබට පෙර පිං මහිමයකට මෙන් කිසියම් ධන සම්පතක් නැතහොත් ඉඩම් හිමිකමක් ඇති වීමට ඉඩ තිබේ.

 

කටක - වංචනික පුද්ගලයන් ඇසුරට

 

කටක ලග්නයට අනුව චන්ද්‍රයා 05 වැන්නෙන් ගමන් අරඹන නිසා දරු මුණුපුරන්ගේ සතුටුදායක ආරංචි ගලා ඒමට පටන් ගනී. දරු සම්පත් හා දරුවන්ගේ විවාහ මංගල උත්සව පැවතෙන සතියකි. කෙසේ නමුදු ඔබ සමාජ කටයුතු වලදී කල්පනාකාරි විය යුතුය. තමාට හොඳ මුහුණ පෙන්වා වංචනික කටයුතුවලට නැඹුරු වන අයගේ කුමන්ත්‍රණවලට හසුවීමට පුළුවන. ඉතා කල්පනාකාරීව කටයුතු කළහොත් ආර්ථික ලාභ හිමි කර ගැනීමට පුළුවන් ක්‍රම උපාය කීපයක් ඔබ හමුවේ දකින්නට තිබේ. ශරීර සෞඛ්‍ය අතින් සෙම හතිය හා වාත රෝග බලපාන සතියකි.

 

සිංහ - විදේශ ගමන්

 

සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව ලැබීම් අතින් සතුටුදායක වේ. වාහන ලාභ, රැකියා උසස්වීම් හා නිවාස ලාභ පෙන්වනු ඇත. චන්ද්‍රයා 04 - 05 - 06 - 07 යන ස්ථාන පසු කරන මේ සතිය පුරාවට සිතේ සතුට සැනසිල්ල උදා කෙරෙන අතර බාහිර පුද්දගලයන්ගේ ඇප උපකාර ද බහුල වනු ඇත. පිටරටකට යාමට බලාපොරොත්තුවෙන් සිටින අයට සතුටුදායක ආරංචි ලැබේ. අධ්‍යාපනය හදාරණ අයෙක් නම් ඉගෙනීමට සුදුසු පරිසරයක් ඉදිරියේදි ගොඩනැගෙන අතර රැකියා අහිමි අයට රැකියා වාසනාව ද ඇති වනු ඇත.

 

කන්‍යා ලග්නය - මහපොළොවේ උරුමකම්

 

කන්‍යා ලග්නයට අනුව ඔබ කිසියම් වාසනාවන්ත සතියක ආරම්භයක් හිමි කර ගන්නා අතර පැවති බොහෝ කනගාටුදායක අවස්ථා වලින් මිදී කටයුතු කිරීමට සුබ කාලයක් එළඹේ. ඔබට මහපොළොව හා සම්බන්ධ උරුමයක් ලැබේ. පැවති නඩු කටයුත්තකින් ජයග්‍රහණ හිමිවේ.

සමාජ කටයුතු කෙරෙන් ගෞරවය උදාවේ. ගෘහ ජීවිතය සාමය සතුට පිරි එකක් වනු ඇත. සතිය අවසානයේ විශේෂයෙන් යටි බඩට අගුණ ඇති කෙරේ. විෂ බීජ ශරීරගත වීමක් හෝ ආහාරයක් නිසා සිදුවිය හැකි අජීර්ණ රෝගයකින් පීඩා ඇති වීමට ඉඩ ඇති නිසා ආහාරයෙන් ප්‍රවේශම් වන්න.

 

තුලා - නිවාස ලාභ

 

තුලා ලග්නය හිමි ඔබට මෙම සතිය හදිසි ධන සම්පතක් නිසා සතිය පුරාම සතුටුදායක වෙයි. කිනම් හෝ ව්‍යාපාරයකට අත ගැසීමට හෝ හවුල් ව්‍යාපාරයකට එක්වීමට වාසනාව උදා වේ.

වාහනයක් මිලදී ගැනීම, නව නිවසක පදිංචියට යාම සිදුවන සතියකි. තම දූ දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ කීපයක් නිසා බලාපොරොත්තු ඉහළ නැංවෙන සතියකි.

චන්ද්‍රයා 02 - 03 - 04 - 05 යන ස්ථානවල හැසිරීම නිසා සමාජයේ බොහෝ කැපී පෙනෙන තත්ත්වයකට පත්වේ. සෞඛ්‍ය අතින් සෙම හතිය හා ලේ දෝෂ හට ගන්නා කාලයකි.

 

වෘශ්චික - ඥාතීන්ගේ ඇප උපකාර

 

වෘශ්චික ලග්නයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 01 - 02 - 03 - 04 යන ස්ථානවල ගමන් කිරීම නිසා අන් හැම ලග්නයකටම වඩා උසස් ඵල හිමිවන තත්ත්වයකි. කෙසේ නමුදු තම ඥාති හිතවතුන් පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ අතහිත දීම තම අනාගත අභිවෘද්ධියට හේතු වනු ඇත.

බොහෝ ආයෝජන ගලා එයි. ව්‍යාපාර ලාභ රැකියා සහ වක්‍ර ආකාරයෙන් ධනය හිමි වනු ඇත.

ශරීර සෞඛ්‍ය අතින් සෙම් රෝග හිස බඩ ආදි ස්ථාන පීඩාවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.

 

ධනු - නින්දා අපහාස

 

ධනු ලග්නය හිමි ඔබට මෙම සතියේ කිසියම් පුද්ගලයෙකු සමඟ ඇති වන මත භේදයක් දුරදිග යාමේ සිතේ කණස්සල්ල ඇති කෙරෙන නිසා කල්පනාකාරී වන්න.

ඕනෑවට වඩා පිටස්තර ඇසුර සුබ නොවන නිසා එය සීමා කරන්න.

තම ගෘහ ජීවිතයට තදින් බලපාන කරුණක් සම්බන්ධව පිටස්තරයකුගේ අත පෙවීමක් දුරදිග යාමට ඉඩ ඇත. ගනුදෙනුවකදි කල්පනාකාරි වන්න.

තම ධනයට ගැටලු ඇති කෙරේ.

හදිසියේ ඔබට ලොතරැයි ජයග්‍රහණයක් සතිය අවසානයේදි උදා වීමට පුළුවන. ඒ චන්ද්‍රයා මෙම සතියේ 12 - 01 - 02 - 03 යන ස්ථාන පසු කරන නිසාය.

 

මකර - ධන ලාභ මතු කෙරේ

 

මකර ලග්නයට අනුව මෙම සතිය ඔබට හදිසි ධන ලාභ ඇති කෙරේ. චන්ද්‍රයා 11 වැන්නෙන් ආරම්භ කරන මෙම සතිය ඒ සඳහා යෝග වේ.

නමුත් එම ධනය සුරක්ෂිත කරවා ගැනීමට ඔබට පරිශ්‍රමයක් දැරීමට සිදුවේ.

මෙතෙක් නොසිටි තමාගෙන් ඈත් වී සිටි කීපදෙනෙකු තමාට ළංවී එය ධනයට උවදුරු ගෙනෙන ගතියක් ද පෙනෙන්නට තිබේ.

ශරීර සෞඛ්‍ය අතින් පාදයේ වළලුකරට අගුණයි. බඩ දියකර යාම බඩේ අජීර්ණ සහිත වෙයි. ආහාරයෙන් ප්‍රවේශම් වන්න.

 

කුම්භ - මූල්‍ය ගැටලු විසඳේ

 

කුම්භ ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භයේ සිටම රැකියා ලාභ ආර්ථික ලාභ හා යහපත්. ව්‍යාපාර ඵල ගෙන දෙන අතර මූල්‍යමය ගැටලු විසඳෙන සතියක් වනු ඇත.

සතිය ආරම්භයේ දණහිස ආශ්‍රිත ගැටලුවක් නිසා අපහසුතා විඳීමට සිදු වෙතත් කෙමෙන් එය සුව අතට හැරෙනු ඇත.

චන්ද්‍රයා 10 - 11 - 12 - 01 යන ස්ථානයේ ගමන් කිරීම නිසා නිතර නිතර සිතට කිසියම් බලාපොරොත්තු සහගත තත්ත්වයක් නිසා අනාගතයට හොඳින් මුහුණ දීමට ශක්තිය ලැබේ. යුගදිවිය ද ඉතා සතුටුදායක වන අතර සිරවී සිටි ජීවිතය කිසියම් නිදහස් තත්ත්වයකට පත්වනු ඇත.

 

 

මීන - රැකියා උසස්වීම්

 

මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 09 - 10 - 11 - 12 යන ස්ථානවල ගමන් කිරීම නිසා දේපළ ලාභ රැකියා උසස්වීම් හා ආර්ථික ප්‍රවර්ධන කටයුතු කෙරේ යොමු වේ. කිසියම් ව්‍යාපාරයක් හෝ පිටරට සංචාරයකට හේතු වනු ඇත.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සහාය නීති ගැටලු තුළින් නිදහස හා තමාගේ සිතැඟි පරිදි ස්වාධීන තීන්දු තීරණ ගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වේ.

ශරීර සෞඛ්‍ය අතින් දණහිස උරහිස ආශ්‍රිත හදිසි අනතුරු පෙනෙන්නට තිබෙන නිසා ප්‍රවේශම් වන්න.

Comments