යාරා ටෙක්නොලජීස් සමඟ සෙලාන් බැංකුව ඩිජිටල් ගෙවීම් පහසුකම් පිරිනමයි | Page 2 | සිළුමිණ

යාරා ටෙක්නොලජීස් සමඟ සෙලාන් බැංකුව ඩිජිටල් ගෙවීම් පහසුකම් පිරිනමයි

 

සෙලාන් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන Seylan Merchant Portal මඟින් ලබාදෙන සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් යාරා ටෙක්නොලජීස් පුද්ගලික සමාගම සමඟ විශේෂ සහයෝගීතා ගිවිසුමකට එළඹ තිබේ.

ඒ අනුව Talkative Parents නමින් යාරා ටෙක්නොලජීස් හඳුන්වා දී ඇති නවතම ඩිජිටල් පහසුකම දැන් Seylan Merchant Portal හරහා ලබාගැනීමේ හැකියාව සෙලාන් ගනුදෙනුකරුවන්ට හිමිව ඇත. එමඟින් පාසල්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් යන සියලු දෙනාම එකම ඩිජිටල් අවකාශයකට සම්බන්ධ කරගනිමින්, ඩිජිටල් සන්නිවේදන, ඔන්ලයින් අධ්‍යාපනය මෙන්ම පාසල් ගාස්තු ගෙවීම් ආදී සියල්ල ඒ හරහා සිදුකිරීමේ අවස්ථාව උදා වී තිබේ. විශේෂයෙන් ම පාසල් ගාස්තු ගෙවීම් කටයුතු දෙමාපියන්ගේ ඇඟිලි තුඩ ආසන්නයට ම පැමිණ තිබීම ඔවුන්ට හිමිවන විශාල පහසුකමකි.

වෙළඳ ආයතනවලට සියලු ගෙවීම් සහ පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීම් රටාව අධීක්ෂණය කිරීම, වෙනත් විවිධ දත්ත ලබාගැනීම, වෙළඳ ගෙවීම් පියවීම වඩාත් පහසු වීම, සීමාවකින් තොරව ගෙවීම් ලබාගත හැකි වීම හා එමඟින් විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීම ආදී මෙම ඩිජිටල් පහසුකම හරහා සැලසෙන තවත් වාසි ගණනාවකි. එහිදී භාවිතයට පහසු, සරල ආකාරයෙන් මෙම ඩිජිටල් පහසුකම හඳුන්වා දී ඇති අතර, අවම ඩේටා භාවිතයකින් හා ස්මාර්ට් ජංගම දුරකථන හරහා පවා එය භාවිත කළ හැක.

Comments