වසරේ විශිෂ්ටතම සන්නාමය ලෙස මන්චි නැවත වරක් කිරුළු පළඳියි | Page 2 | සිළුමිණ

වසරේ විශිෂ්ටතම සන්නාමය ලෙස මන්චි නැවත වරක් කිරුළු පළඳියි

 

 වසරේ විශිෂ්ටතම සන්නාමය ලෙස 8 වැනි වරටත් ඇගයීමට ලක්වෙමින් අඛණ්ඩව 4 වැනි වරටත් එම සම්මානය දිනාගත් එකම සන්නාමය බවට පත්වේ.

සිලෝන් බිස්කට්ස් සමාගමේ (CBL) ප්‍රමුඛතම නිෂ්පාදන සන්නාමය වන මන්චි, පසුගියදා පැවැති 2020 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ලෙස සුවිශේෂී ඇගයීමකට ලක් විය.

‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ සම්මානය සමඟ තවත් සම්මාන 5ක් මෙවර SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙහි දී මන්චි නාමය ඉදිරියේ ලියවීම තවත් සුවිශේෂී සිදුවීමකි. ‘වසරේ විශිෂ්ටතම දේශීය සන්නාමය - රන් සම්මානය’, ‘වසරේ විශිෂ්ටතම අපනයන සන්නාමය - රන් සම්මානය’, ‘වසරේ විශිෂ්ටතම නව ප්‍රවේශකරු සන්නාමය (Best New Entrant) - රන් සම්මානය’ හා ‘වසරේ විශිෂ්ටතම භාණ්ඩ සන්නාමය - රිදී සම්මානය’ යන සම්මානයන් ඒවා වේ. ‘වසරේ විශිෂ්ටතම නව ප්‍රවේශකරු සන්නාමය (Best New Entrant) - රන් සම්මානය’ දිනාගත්තේ මන්චි සන්නාමය යටතේ නිපදවන Choc Shock නිෂ්පාදනයයි.

Comments