සද්දන්තයන් සුරකින්නට කාටුන් ප්‍රදර්ශන මාලාවක් | සිළුමිණ

සද්දන්තයන් සුරකින්නට කාටුන් ප්‍රදර්ශන මාලාවක්

අගෝස්තු 12 දිනට යෙදෙන ලෝක හස්ති දිනය නිමිති කරගනිමින් අලි ඇතුන් සංරක්ෂණය හා අලි-මිනිස් ගැටුම් කළමනාකරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රකට පුවත්පත් හා වෙබ් කාටුන් ශිල්පීන් රැසක් විසින් අඳින ලද කාටුන් ප්‍රදර්ශන මාලාවක් දිවයිනේ ස්ථාන අටකදී 12 සහ 13 දෙදින තුළ පැවැත්වීමට ශ්‍රී ලංකා වන සත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය කටයුතු යොදා ඇත.

මේ සඳහා අංජන ඉන්ද්‍රජිත්, අසංග ඉඳුනිල්, දයාන් කොට්ටච්චි, දර්ශන කරුණාතිලක, ආර්. සී. ප්‍රදීප්කුමාර්, අවන්ත ආටිගල, හසන්ත විජේනායක, මිෆ්රාස් මුසම්මිල්, සුසිල් පෙරේරා සහ වසන්ත සිරිවර්ධන වැනි කාටුන් ශිල්පීන් තම දායකත්වය ලබාදී තිබේ.

කාටුන් ප්‍රදර්ශනය එම දින දෙකේදි පින්නවල අලි අනාථාගාරය, උඩවලව ඇත් අතුරු සෙවණ, පේරාදෙණිය උද්භිද උද්‍යානය, ගල්ගමුව සත්ව අහිංසා ස්මාරකය, වව්නියාව විශ්වවිද්‍යාලයද, හා ගාල්ල කොටු පවුර යන පරිශ්‍රවල මෙන්ම අම්පාර, උහන සහ සූරියවැව යන නගරවල පැවැත්වේ. ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වවුනියාව විශ්වවිද්‍යාලය, ගල්ගමුව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය, වනජීවී සංරක්ෂණ සංගමය - ගාල්ල, ශ්‍රී ලංකා යොවුන් ගවේෂණ සංගමය, අහිංසා ශ්‍රී ලංකා සහ සොබාදහම් පාසල යන ආයතන සහ සංවිධානද සහාය ලබා දෙයි.

Comments