‘නච සෝ නච අඤ්ඤෝ’ නවකතාවට පසුවදනක් ඇගැයීම 17 වැනිදා | සිළුමිණ

‘නච සෝ නච අඤ්ඤෝ’ නවකතාවට පසුවදනක් ඇගැයීම 17 වැනිදා

නච සෝ නච අඤ්ඤෝ ‘නව කතාවට පසු වදනක් ග්‍රන්ථය ඇගැයීම 2023 අගෝස්තු 17 වැනිදා පස්වරු 3.30 ට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදි පැවැත්වෙයි. ‘නච සෝ නච අඤ්ඤෝ ‘කතාවට පසු වදනක් ග්‍රන්ථය මාල් විජයරත්නගේය. කොළඹ රාජකිය විදුහලේ ආදි සිසුවෙකු වන මාල් විජයරත්න සිය චරිතාපදානය නවකතාවක් ලෙස මෙම ග්‍රන්ථය ඉදිරිපත් කළේ 2020 වසරේදීය. අගෝස්තු 17 වැනි දින එහි දෙවැනි මුද්‍රණය ඇගැයීමට ලක් කෙරෙයි.

රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වන මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, මහාචාර්ය සමන්ත හේරත් විශේෂ ආරාධිතයින් වශයෙන් මෙයට සහභාගි වන අතර, මෙහි ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන්නේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන්ය. 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ විරාජිනි තෙන්නකෝන්, මහාචාර්ය දයා රෝහණ අතුකෝරල, සම්මානනීය ලේඛිකාවක් හා ලේඛකයෙකු වන අනුල ද සිල්වා හා මහාචාර්ය සමන්ත හේරත් ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ දේශන පවත්වති.

Comments