ලංකාව බැබළ වූ ක්ෂුද්‍ර ජීව පර්යේෂණ විද්‍යාඥයෝ | සිළුමිණ

ලංකාව බැබළ වූ ක්ෂුද්‍ර ජීව පර්යේෂණ විද්‍යාඥයෝ

චීනයේ ඉහළම ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 11 වන ස්ථානය සහ 15 ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවෙන් බිහි වූ මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක සහ මහාචාර්ය මලික් පීරිස් සමත් විය. මේ ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ අන්තර්ජාතික විද්‍යාත්මක විශ්ලේෂණ ආයතනයක් වන Research.com මඟිනි. OpenAlex සහ CrossRef ඇතුළු විවිධ මූලාශ්‍රවලින් ඉතා පැහැදිලිව රැස්කරන ලද විශ්ලේෂණ දත්ත මත ශ්‍රේණිගත කිරීම් අනුව මහාචාර්ය පිරිස් ක්ෂුද්‍ර ජිව විද්‍යාව පිළිබඳ සහ මහාචාර්ය සමරනායක මුඛ ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාඥයන් ලෙස ප්‍රමුඛස්ථානයට පැමිණ ඇත. එහිදී විද්‍යාඥයන් 43,737කට අධික සංඛ්‍යාවකින් ඔවුන් මෙලෙස 11 වන ස්ථානය සහ 15 වන ස්ථානය හිමි කර ගෙන ඇත. මහාචාර්ය සමරනායක හොංකොං විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ද වන අතර ඔහුගේ නායකත්වය යටතේ QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2015 වසරේ දී එය ලොව අංක එකේ දන්ත වෛද්‍ය විද්‍යාලය බවට පත් විය. මහාචාර්ය මලික් පිරිස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් 1972දී වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි හිමි කර ගත්තේය. මහාචාර්ය සමරනායක පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික උපාධිය හිමි කරගෙන ඇත. ඉන්අනතුරු වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා එංගලන්තයට ගිය ඔවුහු එහිදී ක්ෂුද්‍ර ජිව විද්‍යාව පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරමින් සිය ආචාර්ය උපාධි හිමි කර ගත්හ. එසේම ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරු දෙදෙනකු වීම ද සුවිශේෂත්වයකි. 

වසරක් පාසා කරනු ලබන big data සමීක්ෂණ වාර්තා අනුව වැඩිම පර්යේෂණ නිබන්ධන ප්‍රමාණයක් සම්පාදනය කිරීම, ඒ පර්යේෂණ නිබන්ධන පරිශීලනය කරන ලද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සිය අධ්‍යයනයන්හි දී පාදක සටහන් පිළිබඳව මෙම විශ්ලේෂණයේදී සලකා බලනු ලබයි. ලෝකයේ බොහෝ රටවල පර්යේෂණ දත්ත සඳහා මෙම මහාචාර්යවරුන්ගේ පර්යේෂණ නිබන්ධන රැසක් යොදා ගෙන ඇත. විශ්ලේෂකයන්ට අනුව B සහ H දර්ශකය අනුව මේ මහාචාර්යවරුන් පර්යේෂණ හතළිහකට ආසන්න සංඛ්‍යාවක් කර ඇත.

චීනයේ ඉහළම ක්ෂුද්‍ර ජීවී විද්‍යඥයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 15 වන ස්ථානයට පාත්‍ර වූයේ මහාචාර්ය ජෝසප් ශ්‍රියාල් මලික් පීරිස්ගේ මේ සම්මානය. මහාචාර්ය මලික් 1949 නොවැම්බර්10 වැනිදා නුවර පේරාදෙණිය ප්‍රදේශයේ උපත ලැබූවේය. ඔහු හොංකොං පදනම් කර ගත් බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලාංකික වයිරස් විද්‍යාඥයෙකි, SARS වයිරසය පළමුවරට පර්යේෂණ තුළින් හෙළිදරව් කළ පළමු විද්‍යාඥයා වූයේ ඔහුය. ඔහු දැනට වෛද්‍ය විද්‍යාව පිළිබඳ Tam Wah-Ching මහාචාර්යවරයා වන අතර, හොංකොං විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලේ මහජන සෞඛ්‍ය රසායනාගාර විද්‍යා අංශයේ වයිරස් විද්‍යාව පිළිබඳ සභාපතිවරයා ද වේ. ඉන්ෆ්ලුවෙන්සා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ ප්‍රතිශක්තිකරණ හා ආසාදන මධ්‍යස්ථානයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වේ. මහාචාර්ය පිරිස් 2011 සිට වයිරස් විද්‍යාව පිළිබඳ mBio හි සංස්කාරකවරයකු ලෙස කටයුතු කර ඇත.

ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලැබූ අතර 1967දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ඉන් අනතුරුව 1972දී මූලික වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේය. පියා ජේ. ඩී. එල්. පීරිස් වන අතර ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අංශයේ සේවය කරන ලද අතර මව ඉරෝමි පිරිස් වෙයි. බිරිය ශර්මිනි අර්සකුලරත්න වන අතර ඇය පුස්තකාලාධිපතිනියක වෙයි. ශලනි පිරිස් නමින් දියණියක ද සහ ශෙහාන් පිරිස් නම් වන පුතකු වෙයි. මාතලේ මහ රෝහලේ ජාතික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ වසරකට පසු පීරිස් ඔහුගේ අධ්‍යාපන ආයතනයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ කටයුතු කළේය. ඔහුට 1977 හි පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් හිමි වී ඇත. ඉන් අනතුරුව 1981 Sir William Dunn School of Pathology විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගන්නා ලදී. ඒසේම ඔහු බර්මින්හැම් සහ නිව්කාසල් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය රසායනාගාරයේ සායනික ව්‍යාධිවේදය පිළිබඳ පුහුණුව ලබා ඇත. 1982දී ඔහුගේ ව්‍යාධි විද්‍යා පරීක්ෂණය සම්පූර්ණ කළේය.

1988දී, නැවතත් නිව්කාසල් ඔපන් ටයින් වෙත ගොස් රාජකීය වික්ටෝරියා රෝහලේ උපදේශක වයිරස් විද්‍යාඥයකු ලෙස සේවය කරන ලදී. ඔහු 1995දී හොංකොං වෙත සංක්‍රමණය වූ අතර, ක්වීන් මේරි රෝහලේ සහ හොංකොං විශ්වවිද්‍යාලයේ සායනික වයිරස් රෝග ඒකකයක් පිහිටුවීමටද ඔහු ප්‍රමුඛ විය. මහචාර්යය පිරිස්ගේ පර්යේෂණවලදී වඩා අවධානය යොමු කර ඇත්තේ වෛරස් රෝග, විශේෂයෙන් සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන රෝග, බහුවිධ ප්‍රවේශයක් භාවිතා කරමින්, එය "සත්ත්ව සෞඛ්‍යය, පාරිසරික සෞඛ්‍යය, මානව සෞඛ්‍යය සහ රසායනාගාර අංශ අතර සංයෝගයක් වෙයි.

ඔහු 2021 සිට WHO H5 විමර්ශන රසායනාගාරයේ සහ WHO SARS-CoV-2 විමර්ශන රසායනාගාරයේ සම අධ්‍යක්ෂකවරයකු ද වේ, මහාචාර්ය පීරිස් 2007 සහ 2009 අතර හොංකොං සෞඛ්‍ය ආරක්ෂණ මධ්‍යස්ථානයේ CHP සහ හොංකොං පර්යේෂණ ප්‍රධාන කවුන්සිලයේ ව්‍යාප්ත වීමට හැකියාව ඇති බෝවන රෝග පිළිබඳ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ඇතුළුව ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ භූමිකාවන් ගණනාවක් රැසකට උරදෙන ලදී.

මහාචාර්ය පිරිස් මෙම ජාත්‍යන්තර ඇගැයීම පිළිබඳ වඩාත් සතුටු වන අතර විශ්‍රාම ලැබීමෙන් අනතුරුව ද තමන්ගේ පර්යේෂණ කටයුතු ඉදිරියට කරගෙන යාමට ඔහු වඩාත් උනන්දුවක් දක්වන බව ද සිළුමිණට පවසා සිටියේය. තරුණ ළමයිට මම කියන්නේ අලුත් දේවල් සොයා ගෙන යන්න කියලයි. අපේ අධ්‍යාපන ක්‍රමවේදයත් වෙනස් විය යුතුයි; කට පාඩම් විභාග ක්‍රමවේදයෙන් අපි ඈත්වෙන්න අවශ්‍යයි. අපි වෙනස් විදිහට හිතන්න අවශ්‍යයි. නිර්මාණශීලි ගවේෂණාත්මක පුද්ගලයෙක් විය යුතුයි. එසේ නොවුණ හොත් වඩා දුරක් යන්න ලැබෙන්නේ නැහැ. දැන් ළමුන්ට තොරතුරු ලබාගන්න මාධ්‍ය රැසක් තියෙනවා. ළමුන්ට පර්යේෂණ කරන්න ඉඩ දෙන්න අවශ්‍යයි.ඒ සඳහා අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් වෙන්න අවශ්‍යයි. මුදල් නොලැබුණත් මේ පර්යේෂණ කිරීමෙන් ලැබෙන අවසාන ප්‍රතිඵලයෙන් ලැබෙන තෘප්තිය වචනවලින් කියන්න බැහැ. ඒ නිසා අලුත් පර්යේෂණ කරන්න නව සොයා ගැනීම් කරන්න ඒ තුළින් ලැබෙන තෘප්තිය වඩා වැදගත්,“ යැයි මහාචාර්ය පිරිස් අප සමඟ පැවසුවේය.

එසේම මෙලෙස ශ්‍රේණිගත කිරීමේදී 11 වන ස්ථානය හිමි කර ගත් මහාචාර්ය ලක්ෂමන් සමරනායක හොංකොං විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ද වෙයි.

ක්ෂුද්‍රජීව විද්‍යාව විශිෂ්ටත්ව පිළිබඳ Research.com සමීක්ෂණ වාර්තා අනුව ක්ෂුද්‍ර ජීව විද්‍යා ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයට මහාචාර්ය සමරනායක පැමිණ ඇත.

ඉඩම් හිමි වැවිලිකරුවකු වන ඩැනීයල් සමරනායක සහ දයාවතී සමරනායකගේ මවුපියන්ගේ දරුදැරියන් පස්දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා ලෙස 1947 වසරේ දෙසැම්බර් 16 වැනිදා ලක්ෂමන් පෙරේරා සමරනායක පාණදුර අළුබෝමුල්ල ප්‍රදේශයේදී මෙලොව එළිය දුටුවේය.වෛද්‍යවරියක් වන බිරිය යුතිකා සමරනායක වන අතර ඔහු දෙදරු පියෙකි. මහචාර්ය සමරනායක ශ්‍රී ලංකාවේ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යපානය හැදෑරුවේය. පසුව ඔහු ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දන්ත වෛද්‍ය විද්‍යාවේදී උපාධිය (BDS) ලබා ගත් අතර, ඔහු උපදේශකයකු ලෙස සේවය කළ මුඛ කැන්ඩිඩල් ආසාදන පිළිබඳ පර්යේෂණ හරහා එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය (DDS) ලබා ගත්තේය. මුඛ වෛද්‍ය විද්‍යව සහ ව්‍යාධිවේදය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ද විය; ඊට සමගාමීව ඔහු ස්කොට්ලන්තයේ (1985-1990) ග්‍රේටර් ග්ලාස්ගෝ සෞඛ්‍ය මණ්ඩලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ උපදේශකයකු විය.

ඔහු මහාචාර්ය මොරාග් ටිම්බරි යටතේ එක්සත් රාජධානියේ ව්‍යාධි විද්‍යාඥයන්ගේ රාජකීය විද්‍යාලයේ සාමාජිකත්වය සඳහා ග්ලාස්ගෝ රාජකීය රෝහලේදී වෛද්‍ය සහ මුඛ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ ඔහුගේ පුහුණුව ලබා ගත්තේය. පසුව, ඔහු සායනික ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විභාගයෙන් විද්‍යාලයේ සාමාජිකයකු විය. ඉන්පසු ඔහු කැනඩාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ (1990-1991) සහකාර මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර, හොංකොං විශ්ව විද්‍යාලය (1991-2013), ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලය (2014-2016), කුවේට් විශ්වවිද්‍යාලය (2017-2018) සහ ආරාධනය හරහා (2018-2020) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා විශ්වවිද්‍යාලයේ බාහිර මහාචාර්යවරයෙකු විය. ඔහු මේ වනවිට විද්‍යාත්මක සන්නිවේදනයන් 480කට අධික සංඛ්‍යාවක් ද පර්යේෂණ නිබන්ධන පත්‍රිකා 200ක් ඉක්මවා සම්පාදන කර ඇත. මුඛ දිලීර රෝග සහ ආශ්‍රිත මිනිස් මයිෙකෝසස් පිළිබඳ ප්‍රමුඛතම, පර්යේෂණ රැසක් ඔහු විසින් සිදු කර ඇත. 

විද්‍යා ගෞරව ආචාර්ය (DSc) සම්මානය ලැබූ පළමු ශ්‍රී ලාංකික දන්ත වෛද්‍යවරයා වූ ඔහු QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක 1 විශ්වවිද්‍යාල පීඨයක් නිර්මාණය කිරීමට හැකි වූ ඒකම ශ්‍රී ලාංකික පීඨාධිපතිවරයා ඔහුය. ප්‍රධාන විශ්වවිද්‍යාල පීඨ දෙකක එනම් හොංකොං විශ්වවිද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරයකු වූ එකම ශ්‍රී ලාංකිකයා ද වෙයි. එසේම UK, Royal College of Pathologists හි සාමාජිකත්වය ලැබූ පළමු ශ්‍රී ලාංකික දන්ත වෛද්‍යවරයා ද වීමේ ගෞරවය සහ දන්ත වෛද්‍ය පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර සංගමයෙන් විශිෂ්ට විද්‍යාඥ සම්මානය ලැබූ පළමු ආසියානු දන්ත වෛද්‍යවරයාට හිමි ගෞරව සම්මානය ද ඔහුට හිමි විය.

ඔහුගේ බිරිය සහකාර මහාචාර්ය හේමමාලා සමරනායක හොංකොං විශ්වවිද්‍යාලයේ සේවය කර ඇත. පුතු අසංක සමරනායක HSBC Hong Kong ප්‍රධාන කාර්යාලයේ වෛද්‍ය උපාධියක් සහ BSc සහ MBA උපාධියක් සහිත විධායක නිලධාරියෙකි. දියණිය ඩිලානි සමරනායක වේ.

මහාචාර්ය සමරනායක පවසන්නේ තමා අධ්‍යාපනය හැදෑරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ විශිෂ්ටතාව ඇගැයීමට පරිත්‍යාගයෙන් සම්මාන ලබා දීමට රුපියල් බිලියන රුපියල් 500000ක් පමණ මේවන විට ලබා දී ඇති බවයි. ‘අපි සියලු දේවල් රජයෙන් බලාපොරොත්තු නොවී මෙවැනි ආකාරයට තමා අධ්‍යාපනය හැදෑරූ විශ්වවිද්‍යාලයට යළිත් ලබා දිය යුතුයි. මම පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයට විවිධ කටයුතු සඳහා රුපියල් 500000කට අධික මුදලක් පරිත්‍යාග කළේ අපි දෙයක් ගත්ත තැනකට දෙන්න අවශ්‍ය නිසයි, මෙම සොයා ගැනීම් මඟින් චීනයේ විද්‍යාත්මක භූ දර්ශනය තුළ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක දැනුම දියුණු කිරීමට සහ විශිෂ්ටත්වය පෝෂණය කිරීමට මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක සහ මහාචාර්ය මලික් පිරිස් වැනි පර්යේෂකයන්ගේ දායකත්වය බොහෝ අගය කොට සැලකිය යුතුය. ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ පර්යේෂණ කරමින් ඔවුන් සොයාගත් බොහෝ දෑ සමස්ත ලෝවැසියන්ටම සෙත සලසන්නේය.

Comments