ස්වර්ණ­මාලි දෙව් වි­මනේ ඉදි කළ රුව­න්වැලි මහ සෑය | සිළුමිණ

ස්වර්ණ­මාලි දෙව් වි­මනේ ඉදි කළ රුව­න්වැලි මහ සෑය

බුදු දහමේ පණි­වු­ඩය මෙර­ටට ගෙන ආ මිහිඳු මහ රහ­තන් වහන්සේ විසින් දේවා­න­ම්පි­ය­තිස්ස රජු ප්‍රමුඛ පිරි­සට ධර්මය දේශනා කරන අව­ස්ථා­ව­කදී ‘මේ පුණ්‍ය භූමියේ රියන් 120ක උසින් යුත් දාගැ­බක් අනා­ග­තයේ ඉදි­වන‘ බව දේශනා කරන ලදී

එම ධර්ම දේශ­නය අසා සතු­ටට පත් දේවා­න­ම්පි­ය­තිස්ස රජු එම දාගැබ් වහන්සේ තමන් විසින්ම ඉදි කරන බව මිහිඳු මහ රහ­තන් වහ­න්සේට පව­සන ලදී. එහෙත් එම දාගැබ් වහන්සේ ඉදි කිරීමේ උරු­ම­ක්ක­රුවා ගාමිණී නම් රජ කෙනෙකු බවත් ඔහු අනා­ග­ත­යේදී දේවා­න­ම්පි­ය­තිස්ස රජුගේ මුනු­පු­‍ෙරකු ලෙස උප්ප­ත්තිය ලබන බවත් උන් වහන්සේ විසින් දේශනා කරන ලදී. 

ඒ අසා සතු­ටට පත් දේවා­න­ම්පි­ය­තිස්ස රජු අනා­ග­තයේ සෑය ඉදි කෙරෙන ස්ථානය දැන­ගෙන එහි ස්ථම්භ­යක් ඉදි කර ඒ බව රන්ප­තක ලියා රන් කර­ඬු­වක බහා තම මාලි­ගයේ ආර­ක්ෂි­තව තබන ලදී.
පසු කලෙක රජ පැමිණි දුටු­ගැ­මුණු රජු එළාර රජු සමඟ කළ යුද්ධය අව­සන් වීමෙන් පසුව රට එක්සේ­සත් කොට දිනක් ජය ශ්‍රී මහ බෝධිය වන්දනා කර ජය ශ්‍රී මහ බෝධි­යට දකුණු දෙසින් පිටව යද්දී දේවා­න­ම්පි­ය­තිස්ස රජු විසින් ඉදි කර තිබු ස්ථම්භය දැක එම ස්ථාන­යට ගොස් එහි තිබූ සෙල් ලිපි­යක් කියවා පසුව තම මාලි­ගයේ තිබූ රන් කර­ඬුවේ තිබූ රන් පත ද කියවා මහා සෑයක් ඉදි කිරී­මට අවශ්‍ය කට­යුතු සම්පා­ද­නය කිරී­මට අදි­ටන් කර ගත්තේය.

එළාර රජු සමඟ යුද වදින සමයේ ජන­තා­වට දැඩි බරක් පැට­වුණු හෙයින් මහ සෑය ජන­තා­වට බර පැට­වී­ම­කින් තොරව ඉදි කරන්නේ කෙසේද යන්න ගැන දුටු­ගැ­මුණු මහ රජ­තුමා කල්පනා කළේය.
ජන­ප්‍ර­වා­ද­ව­ලට අනුව රජුගේ ඒ සිතු­විල්ල ඉටු කිරී­මට ශක්‍ර දේවේ­න්ද්‍ර­යන්ගේ අණ පරිදි විශ්ව­කර්ම දිව්‍ය­පු­ත්‍රයා විසින් මෙරට ගම්මාන කිහි­ප­යක සෑය වෙනු­වෙන් අවශ්‍ය සම්පත් මවා පා තිබේ.
ඒ අනුව ගම්භීර නම් නදිය (වත්මන් දැදුරු ඔය) අසල සෑයට අවශ්‍ය ගඩොල් මැවීම සිදු කර තිබේ. එමෙන්ම ආචා­ර­වීටි (අරු­විට) නම් ගමේ කුඩා ප්‍රමා­ණයේ සිට අගල් 6ක් පමණ දක්වා වන විවිධ ප්‍රමා­ණයේ රත්ත­රන් පහළ කර තිබේ.

මහා­සෑ­යට අවශ්‍ය තඹ, තඹ­විට ගම්මා­නයේ පහළ වූ බවත් සම­න්වැව නම් ගමක වැව් ඉවු­රක මැණික් පහළව ඇතිබවත් ජන­තා­වගේ මතය වී තිබේ. එමෙන්ම අම්බ­ට්ඨ­කෝල ජන­ප­දයේ ගල්ලෙ­නක රිදී පහළ වී ඇති බවත් උරු­වේල පටුන නම් ගමක් ආශ්‍රි­තව විශාල මුතු සහ පබළු සොයා­ගැ­නී­මට හැකි වූ බවත් වාර්තා වේ. මීට අම­ත­රව තවත් ගම්මාන කිහි­ප­යක සෑයට අවශ්‍ය විවිධ දේ හමුව තිබේ.
එම සම්පත් දෙවි­යන් විසින් මවන ලද බවට විශ්වාස කළ මහ­ර­ජ­තුමා ඒ සිය­ල්ලම සෑය වෙනු­වෙන්ම වෙන් කර තිබේ.

සක් දෙවි­ඳුන්ගේ මැවීම කෙසේ වුවත් අවශ්‍ය දේ සොයා ගෙන ඇත්තේ ඒ ඒ පෙදෙ­ස්ව­ලින් බව දැන ගන්නට තිබේ.

ඒ අනුව සෑයට යෝජිත භූමියේ ශිලා ස්ථම්භය පිහිටා තිබූ ස්ථානයේ සෑය ඉදි­කි­රී­මට අවශ්‍ය පිරි­සිදු කිරීම් සිදු­ක­රන අව­ස්ථාවේ ඒ බිමෙහි පිහිටි රන්තෙ­ලඹු ගසක වැඩ­සිටි ‘ස්වර්ණ­මාලී‘ නම් වූ දෙව්දු­වක් තමාගේ දිව්‍ය විමා­නය පිහිටි ගස ඉවත් නොක­රන ලෙස මහ­ර­හ­තන් වහ­න්සේ­ලා­ගෙන් ඉල්ලී­මක් කර ඇත.

ඒ බව රහ­තන් වහ­න්සේලා විසින් දුටු­ගැ­මුණු රජුට දැන්වී­මෙන් පසුව මහා සෑය ‘ස්වර්ණ­මාලි මහ සෑය‘ නමින් හඳු­න්වා­ලීම ඇරඹී තිබේ.
ඉන් පසු මහා­සෑයේ ඉදි­කි­රීම් කට­යුතු ආරම්භ කෙරිණි. ඒ වෙසක් පුර පස­ළො­ස්වක පොහොය දින­කය.

මේ උත්ස­ව­යට රහ­තුන් වහ­න්සේලා කෝටි 90ක් වැඩම කළ බවක් ද සඳ­හන් වේ. එමෙන්ම පැමිණි මහ­ජ­න­යාට බුද්ධා­ල­ම්බන ප්‍රීතිය වැඩෙන ලෙස විහාර භූමි­යට ඇතු­ළු­වෙන මඟ දෙපස අලං­කාර කර තිබුණි. පූජා නග­ර­යට ඇතුළු වන දොරටු හතරේ කර­ණ­වෑ­මි­යන්, සුදු ඇඳුම් සහ ප්‍රණීත ආහා­ර­පාන ආදී සියලු අත්‍ය­වශ්‍ය දේ තබා ඇත්තේ උත්ස­ව­යට පැමි­ණෙන ජන­යාට කොණ්ඩය රැවුල් කපා පිරි­සිඳු වී, ඇඳ පැල­ඳ­ගෙන කුස පුර­වා­ගෙන ඇතුළු වීම පිණි­සය.

මහා සෑය ඉදි කිරී­මට සම්බන්ධ වන කිසි­ව­කු­ගෙන් නොමිලේ සේවය ලබා ගන්නට රජු අක­මැති විය. ඒ අණට අනුව සොළොස් ල­ක්ෂය බැගින් රන්ක­හ­වනු, වස්ත්‍රා­භ­ර­ණ­යන්, ප්‍රණීත වූ ආහාර පාන ඇතුළු දේ සතර දොරටු අභි­යස තබා චෛත්‍ය නිර්මා­ණය කිරීමේ කට­යු­තු­වල නියැ­ළෙන සියලු දෙනා­ටම වැටුප් හෝ දීමනා ලබා ගන්නට ඉඩ සලස්වා තිබේ.

රුව­න්වැලි මහා සෑයේ ධාතු ගර්භය නිර්මා­ණය කෙරෙන ආකා­රය එහි ප්‍රධාන නිර්මාණ ශිල්පි­යා­ගෙන් රජු විමසූ විට ඔහු දිය බඳු­නක් ගෙන්වා එය අතින් කැල­තී­මෙන් පසුව නැගි දිය බුබුළ රජුට පෙන්වා එම හැඩ­යට දාගැබ නිර්මා­ණය කළ යුතුයැයි පවසා ඇත. ඒ අනුව බුබ්බු­ලා­කාර හැඩ­යට නිමැ­වුණු ලංකාවේ මුල්ම ස්තූපය ලෙසින් රුව­න්වැලි මහා සෑය සැලකේ.

ධාතු ගර්භය තුළ රනින් නිම කළ බෝධි වෘක්ෂ­යක් තැන්පත් කර ඇතැයි මහා වංශය පෙන්වා දෙයි. එමෙන්ම බෝධීන් වහ­න්සේගේ නැඟෙ­න­හිර දිශා­වෙන් රනින් කරවූ බුද්ධ ප්‍රති­මා­වක් ද තැන්පත් කර ඇතැයි කියති. ගර්භ­යට ආලෝ­කය ලබා­දීම පිණිස දහස් ගණ­නින් මැණික් ගර්භය ඇතුළේ ගොඩ­ගසා ඇති බව අතී­තයේ සිටම ජන­ප්‍ර­වාදවලින් කියැවේ.
කෙසේ වෙතත් දුටු­ගැ­මුණු රජු මහා­සෑයේ වැඩ­ක­ට­යුතු අව­සන් කිරී­මට ප්‍රථම රෝගා­තුර විය.

එහෙත් ඒ වන විටත් රුව­න්වැලි මහා­සෑයේ හත­රැස් කොටුවේ වැඩ අව­සන් කර නොති­බුණි. එසේ වුවත් දුටු­ගැ­මුණු රජුට සෑයේ වැඩ නිමා කළ බව ඔහුගේ සොහො­යුරු සද්ධා­තිස්ස රජු දැනුම් දී සෑයේ ඉතිරි වැඩ නිම කිරී­මට කාල­යක් ගත වන නිසා සෑය නිම කළ බව ඇඟ­වී­මට කොත්කැ­රැල්ල දක්වා වූ සියලු වැඩ කට­යුතු තාව­කා­ලික ලෙස නිමවා දුටු­ගැ­මුණු රජු රුව­න්වැලි සෑ භූමි­යට රැගෙන ගොස් පෙන්වන ලදී. දොහොත් මුදුන් දී සෑයට වන්දනා මාන කළ දුටු­ගැ­මුණු රජු මිය ගිය අතර පසුව සෑයේ ඉතිරි වැඩ කට­යුතු සිදු කෙළේ සද්ධා­තිස්ස රජු විසිනි.

ආර­ම්භ­යේදී ස්තූපය මුදු­නත ඒක ඡත්‍ර­යක් පම­ණක් තිබූ අතර, ආමණ්ඩ ගාමිණී රජු (ක්‍රි.ව.19-29) විසින් එම ඡත්‍රය මත තවත් ඡත්‍ර­යක් කරවා ඇත. සිරි­නාග රජු (ක්‍රි.ව.189-209) ඡත්‍ර­යක් නැවත සාදවා වර්ත­මා­නයේ කොත් කැරැල්ලේ රත්ත­රන් ආලේප කර­න්නාක් මෙන් එම ඡත්‍රයේ රන් ආලේප කර ඇත. සංඝ­තිස්ස රජ­තුමා (ක්‍රි.ව.243-247) සහ ධාතු­සේන රජු ද (ක්‍රි.ව.455-473) ඡත්‍රය ප්‍රති­සං­ස්ක­ර­ණය කර රන් ආලේප කර තිබේ.

සංඝ­තිස්ස රජු ඡත්‍රය මත පළිඟු මුද්දක් සවි­කර චූඩා මාණි­ක්‍යයේ සතර දිශාවේ විශාල මාණික්‍ය සත­රක් ද සවි කල බව සඳ­හන්ය. එමෙන්ම අග්බෝ රජුගේ කාල­යේදී රුව­න්වැ­ලි­සෑ­යට ශිලා ඡත්‍ර­යක් සවි­කර ඇත. භාති­කා­භය රජු, ධාතු­සේන රජු හා දෙවන මොග්ග­ල්ලාන රජු (ක්‍රි.ව.614-619) විසින් අලු­තින් බදාම යොදා චෛත්‍යය අලු­ත්වැ­ඩියා කර තිබේ. එසේම මොග්ග­ල්ලාන රජු ඒ වෙනු­වෙන් විශාල පින්ක­මක් ද පවත්වා ඇත. මහා­නාග රජු (ක්‍රි.ව.569-571) මහා ස්තූපය ප්‍රති­සං­ස්ක­ර­ණය කර අකු­ණු­ව­ලින් ආරක්ෂා කිරී­මට වළ­ල්ලක් සවි කළේය. 10 වන සිය­වස අගදී චෝල ආක්‍ර­ම­ණ­යෙන් විනාශ වූ මහා ස්තූපය පළ­මු­වන මහා පරා­ක්‍ර­ම­බාහු රජු (ක්‍රි.ව.1153-1186) විසින් රියන් 120ක් උසට නංවා ප්‍රති­සං­ස්ක­ර­ණය කර තිබේ.

නිශ්ශං­ක­මල්ල රජු (ක්‍රි.ව.1187-1196) මහා ස්තූපය ප්‍රති­සං­ස්ක­ර­ණය කරවා චෛත්‍යයේ ආකෘ­ති­යක් ද මළුවේ තනවා ඇත. අග­නු­වර අනු­රා­ධ­පු­ර­යෙන් පොලොන්න­රු­වට මාරු­වී­මත් සමඟ රුව­න්වැලි සෑය ප්‍රමුඛ සිය­ලුම අනු­රා­ධ­පුර උරු­ම­යන් නට­බුන්ව ගියේය.

පසුව ගරා­වැ­ටෙ­මින්, වල්වැදී තිබූ ස්තූපය 1873 වස­රේදී නාරං­විට සුම­න­සාර නම් තරුණ ස්වාමි­න්ව­හන්සේ නම­කගේ ඇස ගැටී­මෙන් පසුව සෑය නැවත පිළි­ස­කර කිරීම් අර­ඹන ලද්දේ යටත් විජිත යුග­යේ­දීය.

1886දී හෙන්රි පාකර් ද මහා ස්තූපය පිළි­බ­ඳව වාර්තා කර ඇත. සුම­න­සාර හිමි­යන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආරම්භ වූ රුව­න්වැ­ලි සෑ චෛත්‍ය ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු කරන ලද්දේ ඒ වෙනු­වෙන්ම ආරම්භ කළ සමි­ති­යක් මඟිනි. එම සමි­තිය 1902 වර්ෂයේ අගෝස්තු 19 දින අනු­රා­ධ­පුර රුව­න්වැලි සෑ චෛත්‍ය වර්ධන සමි­තිය නමින් ආරම්භ කළේය.

එම ප්‍රති­සං­ස්ක­රණ අව­සන් කර 1940 වසරේ පොසොන් පොහෝ දින කොත් පල­ඳවා මහා සෑය යළි විවෘත කර ඇත.

එහිදී සවි­ක­රන ලද රන් ආලේ­පිත කොත් වහන්සේ අඩි 24ක් උස­වන අතර, එම කොත් වහන්සේ මුදු­නත සවි කරන ලද අඩි­යක් උසැති පළිඟු මැණික බුරු­ම­යෙන් පරි­ත්‍යාග කර තිබේ. ඒ අනුව රුව­න්වැලි මහා ස්තූපයේ වර්ත­මාන උස අඩි 338ක් හා විෂ්ක­ම්භය අඩි 370කි.

රුව­න්වැලි මහා සෑයේ ද්‍රෝණ­යක් ධාතූන් වහ­න්සේලා හෙවත් සමස්ත සර්වඥ ධාතූ­න්ගෙන් අටෙන් එකක් පමණ තැන්පත් කර ඇති අතර බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ ධාතුන් වහන්සේ වැඩිම ප්‍රමා­ණ­යක් නිධන් කර ඇති ස්තූපය ද වේ.

ශ්‍රී මහා බෝධි­යට නුදු­රින් පිහිටි මේ දාගැබ අට­ම­ස්ථා­න­ය­න්ගෙන් හා සොළො­ස්ම­ස්ථාන අත­ර ද මුල් තැනක් ගනී. රුව­න්වැලි සෑය “රුව­න්මැලි සෑය” නමින් ද, මහා­ථූ­පය නමින් ද, ස්වර්ණ­මාලි මහ චෛත්‍යය නමින් ද හැඳින්වේ.

අප දැන් විමසා බැලිය යුත්තේ මේ මහා සෑය හා සම්බන්ධ පරි­වාර ස්ථාන ගැනයි.
ඒ අතින් ඇත් පවුර මුල් තැනක් ගනී. වැලි මළුවේ ඇතුළු සීමාව කෙළ­වර වන්නේ අලං­කාර ඇත් පවු­ර­කිනි. එය සද්ධා­තිස්ස රජුගේ නිර්මා­ණ­යක් බව සැලකේ. අඩි 9ක් උසැති ඇත් රූ 338ක් එහි දක්නට ඇති අතර ඇත් පවුරේ පුරාණ ස්වරූ­පය දැක­ගත හැකි පරිදි කොට­සක් ප්‍රති­සං­ස්ක­ර­ණය නොකර තව­මත් ඉතිරි කර තිබේ.

එමෙන්ම අපට මේ මහා සෑය හා සම්බන්ධ තවත් වටිනා ස්ථාන­යක් ලෙස හඳුන්වා දිය හැක්කේ සල­ප­තළ මළු­වයි.
පවු­රෙන් ඇතු­ළත පිහිටා ඇති සල­ප­තළ මළුව අක්කර පහක විශා­ල­ත්ව­ය­කින් යුක්තය. එය ලජ්ජි­තිස්ස රජු ( ක්‍රි. පූ. 59-50) විසින් කරවූ බව සඳ­හන් ය.
දාගැබ් මළු­වට පිවි­සීම සඳහා පුරා­ණයේ දොරටු හත­රක් සිව් පසින් ඉදි­කර තිබු­ණ ද අද නැඟෙ­න­හිර, උතුරු, සහ බට­හිර දොරටු දක්නට ඇති අතර දකුණු දොර­ටුව නට­බුන් බවට පත්ව තිබේ.
උතුරු දොර­ටුව අසල වම් පසින් දේවා­න­ම්පි­ය­තිස්ස රජු මෙහි දාගැබ පිහි­ටු­වන බව සඳ­හන් කර­මින් සිටවූ සෙල්ලි­පිය දක්නට තිබේ.

දාගැබ් මළුවේ පිහිටි පස් පිළිම ගේ තුළ බුද්ධ ප්‍රතිමා හත­රක් සහ මෛත්‍රීය බෝසත් ප්‍රති­මා­වක් දක්නට ඇත. එම ප්‍රතිමා අනු­රා­ධ­පුර යුග­යට අයත් කිරි­ග­රුඩ පාෂා­ණ­යෙන් නෙළා ඇති අතර ඒවා ඉන්දීය ආන්ද්‍ර ශෛලි­යට අයත්ය.

එමෙන්ම නැඟෙ­න­හිර දොර­ටුව අස­ලම දාගැ­බට වැඳ­ගෙන සිටින ආකා­ර­යෙන් නිර්මා­ණය වූ සෙල් ප්‍රති­මාව දුටු­ගැ­මුණු රජුගේ බවට විශ්වාස කෙරේ.

මහා සෑයේ හුණු ආලේප කිරීම වස­ර­කට වරක් සිදු වන්නකි. එසේ ආලේ­ප­යට හුණු ටොන් 10ක් පමණ අවශ්‍ය වේ. සමස්ත බොදු ජන­තා­වගේ වන්ද­නී­ය­ත්ව­යට පත් මේ මහා පුද බිම තවත් සිය­වස් ගණ­නා­වක් නිරු­ප­ද්‍රි­තව තබා ගැනී­මට ඒ වෙනු­වෙන් ලබා දී ඇති නිර්ණා­යක බොදු­නු­වන් විසින් ආරක්ෂා කළ යුතුය.


වන්ද­නා­ක­රු­වන් වෙනු­වෙන් කට­යුතු අර­ඹන්නේ අලු­යම 2.30 සිටයි
- රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ කුල­පති, උතු­රු­මැද පළාතේ ප්‍රධාන සංඝ­නා­යක, රුව­න්වැලි චෛත්‍යා­රා­මා­ධි­කාරි ඊත­ල්වැ­ටු­ණු­වැවේ ඥාණ­ති­ලක නාහිමි

වසර 2150ක් පැරැණි මහා සෑය අපේ රටේ ජන­තාව වන්දනා මාන කරන්නේ පුදු­මා­කාර බුද්ධ භක්ති­ය­කින් යුක්ත­වයි. ඒ වගේම බෞද්ධ­යන්ගේ සැබෑ විශ්වා­ස­යක් තියෙ­නවා විශ්වයේ බල­වත් ස්ථානය ලෙසින්. විශේ­ෂ­යෙන්ම සම්‍යක් දෘෂ්ටික දෙවි­යන් මෙන්ම අදෘ­ෂ්‍ය­මාන බල­වේග හරහා ලැබුණු යහ­පත් ප්‍රති­ඵල බැති­ම­තුන්ට ජීව­මා­නව ලැබී තියෙ­නවා.

ඒ නිසා තමයි සිල්වත් ගුණ­වත් ජන­තාව තම සිතුම් පැතුම් අවංක යහ­පත් ප්‍රාර්ථ­නා­වන් කර­න්නත් මහා සෑයට පැමි­ණෙන්නේ. සීල­යෙන් ගුණ­යෙන් යුක්ත අයට ඒ පිහිට ලැබී තියෙ­නවා. ඒ අය අපට ඇවිත් කිය­නවා වසර ගණ­නා­වක් තිබුණු නඩු හබ, එහෙ­මත් නැත්නම් වසර ගණ­නා­වක් තිස්සේ මාන­සික ලෙස පිඩා විඳි ගැටලු මහ සෑ වන්ද­නා­වෙන් දුරුව තිබෙ­නවා.

බෞද්ධ­යන් පම­ණක් නෙමෙයි, අනෙක් ජන­තා­වත් විදෙස් ජාති­ක­ය­නුත් මේ ස්ථාන­යට පැමි­ණෙන්නේ ලොකු ගෞර­ව­ය­කින් යුක්තව සැදැහැ සිතින්.
ඒ ජන­තාව වෙනු­වෙන් අප අවශ්‍ය කරන සියලු පහ­සු­කම් සැලැ­සී­මට පිය­වර ගෙන තියෙන්නේ. බොහෝ දෙනා නොදන්නා කරු­ණක් වුණාට අපි අලු­යම 2.30ට තමයි සෑය හා සල­ප­තළ මළුවේ පිරි­සිදු කිරීම් ආරම්භ කරන්නේ. ඒ සඳහා විශාල පිරි­සක් සහ­භාගි වෙනවා. සියලු මල් ආසන පිරි­සිදු කර, සියලු කාපට් එක වැලි ඇට­ය­ක්වත් නොරැ­‍ෙඳන සේ පිරි­සිදු කර­නවා. එමෙන්ම බැති­ම­තුන් අසුන් ගන්නා ආසන 100ක් පමණ තියෙ­නවා ඒ සියල්ල පිරි­සිදු කර­නවා. පහන් 4700ක් පමණ තියෙ­නවා. ඒ සියල්ල සෝදා පිරි­සිදු කර­නවා.

ඒ සියල්ල කරන විට වැස්ස වැනි කාල­ගු­ණික තත්ත්ව­යන් ගැන අප සල­කන්නේ නැහැ. ඒ වගේම දින­කට මල් ට්‍රැක්ටර් 10ක් විතර අපට ඉවත් කරන්න වෙනවා. ඒ සියල්ල නිමවා උදෑ­සන 5.30ට තමයි බැති­ම­තුන්ට පැමි­ණී­මට අව­ස්ථාව සලසා දෙන්නේ. එතැන් සිට රාත්‍රී 10.00 දක්වා මහ සෑය විවෘ­තයි. රාත්‍රී 10.00ට මල් ආදිය ඉවත් කර සුවඳ පැන් නහවා සම්‍යක් දෘෂ්ටික දෙවි­යන්ට වන්දනා කරන්න අව­ස්ථාව සලසා දෙනවා.

ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින්නේ මේ භූමිය පිරි­සි­දුව තබා ගන්න කිය­ලයි. දොළොස් මහේ දන්ස­ලක් රුව­න්වැලි සෑය අසල ලබා දෙනවා. ඒ වගේම උදෑ­සන කිරි දාන දෙනවා. ඒ අප ද්‍රව්‍යත් තමන් ගේන ඉවත ලන දේ තැන් තැන්වල විසි කිරීම නිසා දින­කට එම අප­ද්‍රව්‍ය ට්‍රැක්ටර් 10ක් විතර ඉවත් කරන්න වෙනවා. ඒ වගේම සුන­ඛ­යන් 400ක් පමණ විවිධ අය ගෙන­විත් දමා තිබෙ­නවා. මේ සියල්ල වන්ද­නා­ක­රු­වන්ට ලොකු හිරි­හැර බවට පත් වෙනවා. සප­ප­තළ මළුවේ ශබ්ද විකා­ශන යන්ත්‍ර භාවි­ත­යට අව­ස්ථාව ලබා නොදී­මට පාලක සභාව තීර­ණය කර තිබෙන්නේ බණ භාවනා කරන අය සිටිනා නිසයි. එහෙත් වැලි මළුවේ අවශ්‍ය පරිදි එම කට­යුතු සිදු කළ හැකියි.

රුව­න්වැලි සෑය මූලි­ක­ත්ව­යෙන් සිදු කරන සමාජ සේවා රැසක් තියෙ­නවා. කප් රුක් විහා­ර­ස්ථා­න­ව­ලට පූජා කිරීම, ළමා නිවාස පව­ත්වා­ගෙන යාම, මන්ද මාන­සික ස්ථාන­ය­කට අර්ධ වශ­යෙන් දාය­ක­ත්වය ලබා දීම, ගැබිනි මවු­ව­රුන් 1000කට පමණ පසු­ගිය මාස 3ක පමණ කාලයේ අවශ්‍ය දේ ලබා දුන්නා. එමෙන්ම ශිෂ්‍යත්ව 20000ක් මේ වන විට ලබා දී තියෙ­නවා. බොහෝ දෙනා ඒ බව දන්නේ නැහැ.

කොළඹ සිට අනු­රා­ධ­පු­රය දක්වා දුම්රිය කාල සට­හන

අනු­රා­ධ­පු­රය දක්වා ගොස් එතැන් සිට ශ්‍රී මහ බෝධිය දක්වා යාමට දැන් ශ්‍රී ලංගම බස් රථ­යක් යොදවා තිබේ. එම­ගින් ශ්‍රී මහ බෝධීය දක්වා ගොස් පා ගම­නින් මහ සෑයට යා හැකිය. නැත්නම් අනු­රා­ධ­පු­රයේ සිට පෞද්ග­ලික වාහ­ය­න­ය­කින් ඍජුව මහ සෑයට පැමි­ණිය හැකිය.

Comments