සංචරණය ඔසවන්න අලුත් අංශ හඳුනාගන්නවා | Page 2 | සිළුමිණ

සංචරණය ඔසවන්න අලුත් අංශ හඳුනාගන්නවා

ඇමෙරිකානු බහුජාතික සමාගමක මෙරටට පත් වූ ළාබාලම ප්‍රධාන විධායකවරයා ලෙස පෞද්ගලික අංශයේ තිස් වසරක පමණ අත්දැකීම් ඇති කිෂූ ගෝමස් මහතා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) නව සභාපතිවරයා ලෙස පත් විය. මේ ඔහු සමඟ කළ කෙටි සාකච්ඡාවකි.

මේ ඔබට අත්දැකීම් ඇති ‍ක්ෂේත්‍රයක් නෙවෙයි...

මගේ ප්‍රධාන රාජකාරිය වන්නේ ‘සංචාරක ප්‍රවර්ධනය’. මං සංචාරක ක්ෂේත්‍රෙය් යෙදී නැති බව ඇත්ත.

ඒත් මේක ‘අලෙවි කරන’ වැඩක්. මාකටින් කියන්නෙ මගේ ජානවල තිබෙන දෙයක්. ඒ නිසා මට මේක අභියෝගයක් නෙවෙයි.

ප්‍රධාන ආයතන දෙකේම සභාපතිවරයා වීම ආයතන ඒකාබද්ධ කිරීමක්ද?

නැහැ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ කියන්නේ, පැහැදිලිවම ආයතන දෙකක්. පරිපාලන ව්‍යුහයන් දෙකක්. අධ්‍යක්ෂ මණ්ඩල දෙකක්. එකම වෙනස්, එකම සභාපතිවරයා ආයතන දෙකටම වැඩ කරනවා.

අයතන දියුණු කරනවා වෙනු‍වට රාජ්‍ය ආයතනවල දේශපාලනිකව පත් වන සභාපතිවරුන් බොහෝ විට කරන්නෙ අදාළ අමාත්‍යවරයා සතුටු කිරීම...

මේක මාකටින් වැඩක්. ඔය කියන විදියට කළොත් මේ අංශ දියුණු කරන්න වෙන්නෙ නැහැ. රාජ්‍ය ආයතනයක නීති රීති රෙගුලාසිවලට අනුගත වීම පමණයි වැදගත් දේ. අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සහ ක්‍රියාත්මක වීමේ පටිපාටිය පෞද්ගලික අංශයේ ද මෙන්ම නිදහස්ව සහ ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමයි මගේ අරමුණ. ආයතනයක් ප්‍රගතිය කරා ගෙන යන්න එය අත්‍යවශ්‍ය සාධකයක්.

ඒ වුණාට ඔබ කවදාවත් රාජ්‍ය සේවයට එන්නෙ නෑ කියූ කෙනෙක්...

ඇත්ත. මං අවුරුදු තිහක් විතරම වැඩ කළේ පෞද්ගලික අංශයට. ඇමෙරිකානු බහුජාතික සහ ලංකාවේ ලැයිස්තුගත සමාගමක ප්‍රධාන විධායක ලෙස අවුරුදු දහ අටක අත්දැකීම් සහ පළපුරුද්ද යන සියල්ල මෙතෙක් ලැබුණේ ‍ෙපෟද්ගලික අංශයට. නමුත්, මට හිතුණා. ‘දැන් ඇති’ දැන් මං රටට වැඩ කළ යුතු කාලය ඇවිත්...’ කියලා මගේ තීරණය වෙනස් වුණා. මං වැඩ පටන් ගත්තා.

මොනවද ඔබේ ඉදිරි සැලසුම්?

රටට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන තුන්වැනි අංශයයි මට ලැබී තිබෙන්නේ. ඒ ගැන මට තැති ගැන්මක් තිබෙනවා.

ඒත් එයම මට හොඳ උත්තේජනයක්. උපායමාර්ගික ඉදිරි සැලසුම්, අංශ ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක විය යුතුයි. ඒවා හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමයි බලාපොරොත්තුව.

මොනවද ඒ අංශ...

අපි හැමදාම සංචාරක අංශයට මාකට් කළේ මුහුදු වෙරළ. නැත්නම් තේ වතු. ඒත් නැත්නම් සංස්කෘතික අංග. මේ දේවල් වලටම කොටු නොවී අලුත් අංශ හඳුනාගැනීමයි, මගේ මූලික අරමුණ.

එය, ක්‍රීඩා සංචරණය විය හැකියි. නැත්නම් සෞඛ්‍ය හෝ වනජීවී සංචරණය, කල් පිටියේ, මිරිස්සේ තල්මසුන් නැරඹීම, කඳු නැඟීම් විය හැකියි.

ඔය වගේ අලුත් අංශ ඕනෑ තරම් තිබෙනවා. රටකින් රටකට ගොස් මංගල උත්සව ගැනීම දැන් ජනප්‍රිය වේගෙන යන තවත් අංශයක්. ශ්‍රී ලංකාවේදී විවාහ වන්න කැමැති සංචාරකයන් ගෙන්වා ගැනීමට මීට වඩා වැඩපිළිවෙළක් හැදිය හැකියි.

මේ සියලු අංශ කෙරෙහි ව්‍යාප්ත වීම, මගේ ඉදිරි සැලසුම් අතර ප්‍රධානයි. මේවා කෙටි කාලීන සහ මධ්‍යකාලීන සැලසුම් ලෙස ඉක්මනින්ම ක්‍රියාත්මක වේවි.

එතකොට මොකක්ද ඔබේ ඉලක්කය...

2009 දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ ලක්ෂ 5ක සංචාරකයන් ප්‍රමාණයක්. එය ගිය අවුරුද්ද වන විට මිලියන 2.3 දක්වා වර්ධනය වී තිබෙනවා.

මේ වසර අවසන් වන විට මගේ කෙටි කාලීන ඉලක්කය වන්නේ මිලියන 3ක සංචාරකයන් ප්‍රමාණයක් ගෙන්වාගැනීමයි.

එය 2020 අවසන් වන විට මිලියන 5

තෙක් වර්ධනය කරගන්නත්, ගිය වසර

අවසන් වන විට පැවති බිලියන 4.4ක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 7 දක්වා වැඩි කරගන්නත් කෙටිකාලීන

සැලසුම් ඔස්සේ අප ඉලක්ක කොට තිබෙනවා.

Comments