අල්ලස හා දූෂණය නැසීමේ පස් අවුරුදු අභියෝගය | සිළුමිණ

අල්ලස හා දූෂණය නැසීමේ පස් අවුරුදු අභියෝගය

අල්ලස සහ දූෂණය, දියුණු වෙමින් පවතින රටවල පවතින බරපතළ සමාජ ව්‍යසනයකි. කලාපයට බලපාන කවර හෝ දෝෂයක් නිසා දෝ මේ ව්‍යසනය ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව දකුණු අසියානු කලාපය දැඩි ලෙස පෙළන එකකි. අල්ලස එසේ නැති නම් පගාව නැතිව මහජනතාවට සේවය සලසන රජයේ බොහෝ අායතනවලින් වැඩක්-පලක් කරවාගත නොහැකි තත්ත්වයක් අැත. රජයේ රෝහලකට රෝගියකු අැතුළු කළ විටෙක වාට්ටුවේ උපස්ථායකයාගෙන් මේ රෝගියාට හදිසියේ යම් උපකාරයක් අවශ්‍ය වන්නේ නම් එයටද අාණ්ඩුවේ පඩි ලබන මේ උපස්ථායකයා ප්‍රත්‍යුපකාරයක් බලාපාෙරාත්තු වෙයි. පළාත් පාලන අායතනයකින් ඉදිකිරීම් හෝ කර්මාන්ත බලපත්‍රයක් ලබාගන්නට ගිය හොත් එහිද අල්ලසක් නැතිව ඔවුන් සක්‍රීය නොවන තත්ත්වයක් පවතී. වරක් මෙරට ප්‍රධාන පෙළේ ආයෝජකයකු කීවේ තමන්ගේ අලුත් ව්‍යාපෘති සැම එකකටම අනුමැතිය ගැනීම සඳහා සන්තෝසම් දීමට වෙනම අැස්තමේන්තුවක් සකස් කළ යුතු මට්ටමක පවතින බවයි. වාහන ධාවනයේදී සිදු වන සුළු වැරැද්දකදී පවා නීතිය ක්‍රියාත්මක කරන්නට කලින් පොලීසියේ අැතැම් රථවාහන නිලධාරීන් බලන්නේ නීතියේ බරපතළකම අඟවා අල්ලසක් දෙන තැනට වරදකරු පෙලඹවීමටයි.

මේ අාකාරයෙන් බැලූ විට අද අල්ලස සහ දූෂණය රටේ නැති තැනක් නැත. එහෙත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට එන්නේ මෙයින් ඉතා සුළු ප්‍රමාණයක් පමණි. මේ දරුණු ව්‍යසනයේ බරපතළකම මේ වන විට රජය වටහාගෙන අැත. එහෙත් හොඳින් අැස් හැර බැලුව හොත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක් තිබුණාට රටේ සිදු වන මෙකී අයුතු ක්‍රියාකාරකම් ගැන දැනට ලැබී තිබෙන ප්‍රතිශතයක් ලෙස දශම ගණනක පැමිණිලි සම්බන්ධයෙන් හෝ ඉක්මනින් ක්‍රියාත්මක වීමට තරම් ශක්තියක් නැත. මේ අනුව බලන කල අපට රටක් ලෙස මේ ව්‍යසනයේ තරමට ඊට ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක් නැත. මේ තත්ත්වය වටහාගත් රජය 2017 වසරේදී තීරණය කරන්නේ අල්ලස සහ දූෂණය රටින් තුරන් කිරීම සඳහා විධිමත් දැක්මක් සහිත වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාවයි. මේ අවශ්‍යතාව පිළිබඳ සිදු වූ පුළුල් සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය වූයේ අල්ලස සහ දූෂණය රටින් තුරන් කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් සැකසීමය.

පසුගියදා එළිදැක්වුණු 2019 සිට 2023 දක්වා දිවෙන මේ පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්ම නිර්මාණය වන්නේ එසේය. මේ සැලසුම සකස් කිරීමේදී රටේ සැම තරාතිරමකම සැම අංශයකම අදහස් විමසීමක් මත එය නිර්මාණය කළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි. 2004 වසරේ ශ්‍රී ලංකාව ඒක්සත් ජාතීන්ගේ අල්ලස සහ දූෂණය පිටුදැකීමේ ප්‍රඥප්තියට අස්සන් කොට තිබුණද ඒ සඳහා අවශ්‍ය අායතනික හෝ නෛතික රාමු ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් 2017 වසර තෙක්ම ක්‍රියාත්මක කර තිබුණේ නැත. ඒ අනුව රජය ගත් මේ ප්‍රවේශය රටක් ලෙස අගය කළ යුතුය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තම පස් අවුරුදු සැලැස්ම එළිදක්වමින් සඳහන් කළේ අල්ලසට සහ දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම 19 වැනි සංශෝධනයෙන්ද සවිබල ගැන්වුණු බවයි. මේ අනුව බලන කල මේ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා බෙහෙවින් සුදුසු පරිසරයක් දැන් නිර්මාණය වී තිබේ.

අපට ප්‍රතිපත්තිමය වශයෙන් කවර අකාරයේ රාමු තිබුණද, ඒවා ක්‍රියාත්මක වීමේදී රටේ ජනතාවගේ හැසිරීමේ රටාව එයට බොහෝ සෙයින් බලපායි. අල්ලස දූෂණයේ අමිහිර දැඩි ලෙස විඳිමින් පවා ඊට එරෙහිව නීතියට ගොස් දුරදිග නොයා මුදල් සන්තෝසමෙන් තමන්ගේ වැඩය කරගන්නට සමාජයේ බොහෝ දෙනකුද කටයුතු කරන බව අපගේ හැඟීමය. එබැවින් අල්ලස් දෙන්නාත් අල්ලස් ගන්නාත් අාකල්පමය වශයෙන් නිසි තැනකට යොමු කරවීම මේ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී පවතින ප්‍රායෝගික අභියෝගයක් විය හැකිය. එසේ වුවද දැනුමින් සහ කුසලතාවලින් පිරි නව්‍ය පරපුර මේ අශික්ෂිත වැඩපිළිවෙළ අනුමත නොකරන බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිත තුළ පැහැදිලිවම පෙනී යයි. එය රටක් ලෙස අපේ අනාගත පරපුර පිළිබඳව දැකිය හැකි සුබවාදි ප්‍රවණතාවකි.

අල්ලස සහ දූෂණය යහපත් සමාජය පිළිකුල් කරන දෙයක් බවට වූ පොදු පිළිගැනීමක් තිබු‍ණද, එය එතැනින් එහා ගිය, අප අෑත් විය යුතු දෙයක් බවට හැඟීමෙන්ම ක්‍රියාත්මක වන පිරිසක් බිහි කිරීම අභියෝගාත්මක වූ කාර්යයකි. එහෙත් පාසල් සිසුන් හා තරුණ ප්‍රජාව තුළ නිර්මාණශීලි අාකාරයට අල්ලස හා දූෂණය තුරන් කිරීම ඔවුන්ගේ හදවත්වලට සමීප කරවිය හැකි නම් තව වසර කිහිපයක් තුළ දැවැන්ත සමාජීය පවුරක් මේ අල්ලසට හා දූෂණයට එරෙහිව නිර්මාණය කළ හැකිය.

මේ වන විට අැතැම් රාජ්‍ය අායතනවල අල්ලස හෝ දුෂණය අවම වන අාකාරයේ යන්ත්‍රණ ක්‍රියාත්මක වෙයි. ඒ අායතනවල ඊට එරෙහිව අැති ලොකුම බාධකය තොරතුරු තාක්ෂණික වැටයි. දැනුම් පදනම් වන අාර්ථිකයක අපේක්ෂා අැති අපේ රටේ තරුණ පරපුර යොමු වන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේද තොරතුරු තාක්ෂණයයි. රාජ්‍ය අංශයෙන් අල්ලස හා දූෂණය ඉවත් කිරීමේදී අදාළ කටයුතු විනිවිදභාවයකින් සිදු කිරීමට අැති අවකාශ වැඩි කිරීම හොඳම පියවරක් බව අද ලෝකයම පිළිගෙන තිබේ. ඒ අනුව බලන කල තොරතුරු තාක්ෂණය ගැන අපට වැඩි විශ්වාසයක් තැබීමේ ශක්තියක් අැත.

නීතිය සහ නීතිය ක්‍රියාත්මක කරන අායතනවලට අදාළ යන්ත්‍රණ ශක්තිමත් කිරීම හා මේ සියලු කටයුතු ඉදිරි ක්‍රියාකාරි සැලසුම් ප්‍රකාරව ඉටු වනු දැකීම අපේ බලාපොරොත්තුවයි. එහෙත් මේ ප්‍රයත්නයේදී එය පසුබට කරවන, කකුලෙන් අදින බලවේග රැසක් නිසැකවම උඩින් මෙන්ම යටින්ද ක්‍රියාත්මක වනු අැත. ඒ ගැන එක් අතකින් සබුද්ධික ජනතාව අවදියෙන් සිටිය යුතුය. අනෙක් අතින් මේ සැලස්ම වෙනුවෙන් කැප වන බලධරයන් ශක්තිමත්ව සිටිය යුතුය.

Comments