මඩ­ක­ල­පුවේ බ්‍රැන්ඩික්ස් Net zero වුණ හැටි | Page 2 | සිළුමිණ

මඩ­ක­ල­පුවේ බ්‍රැන්ඩික්ස් Net zero වුණ හැටි

 

මෙරට ඇඟ­ලුම් ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරැ­ළි­යක් කළ බ්‍රැන්ඩ්ක්ස් සමා­ගම, සිය මඩ­ක­ල­පුව කර්මා­න්ත­ශා­ලාව සඳහා ලොව ප්‍රථම Net zero කාබන් සහ­ති­කය ලබා­ගෙන තිබේ.

2008 වසරේ ලොව ප්‍රථම LEED ප්ලැටි­නම් සහ­ති­කය හිමි කර ගැනී­මෙන් අන­තු­රුව ලබා­ගත් මෙම විශිෂ්ට පිළි­ගැ­නීම, ශ්‍රී ලංකාවේ ඇඟ­ලුම් ක්ෂේත්‍රයේ ප්‍රබෝ­ධ­යක් ඇති කිරී­මට සමත්ව ඇති අතර, එය ශ්‍රී ලාංකේය ඇඟ­ලුම් ක්ෂේත්‍රයේ කීර්ති­නා­මය වර්ධ­නය කිරී­ම­ටද හේතු වී තිබේ.

ඇඟ­ලුම් ක්ෂේත්‍ර‍ය නිසා සිදු­වන පාරි­ස­රික හානි සඳහා තාව­කා­ලික විස­ඳුම් ලබා දෙනු වෙනු­වට, බල­ශ­ක්තිය ප්‍රශස්ත ලෙස භාවිත කිරීම සහ පුන­ර්ජ­න­නීය බල­ශක්ති භාවි­තය වැනි දිගු කාලීන විස­ඳුම් ඔස්සේ සිය කාබන් පිය­ස­ට­හන් හෙවත් Carbon footprint අවම වන ලෙස මෙහෙ­යුම් කට­යුතු මනාව සැල­සුම් කිරී­මෙන් තිර­සාරභාව­යට හොඳම ආද­ර්ශය සපයා තිබේ.

සිය ව්‍යාපාර ක්‍රියා­ව­ලියේ සෑම තැන්හි­දිම ප්‍රබෝ­ධ­වත් විස­ඳුම් ලබා දීම අභි­ප්‍රාය කර­ගත් බ්‍රැන්ඩික්ස්, ලොව සුප්‍ර­සිද්ධ සන්නාම හෙවත් Brands නිප­ද­ව­නු­යේත් අලෙ­වි­ක­ර­නු­යේත් ප්‍රජා­වද තිර­සාර සංව­ර්ධ­නය කරා රැගෙන යමිනි. පුන­රු­ත්තා­ප­නය වූ එල්.ටී.ටී.ඊ. කාන්තා­වන් 140ක් මෙම මඩ­ක­ල­පුව කාර්මා­න්ත­ශා­ලාවේ සේව­යට බඳවා ගැනීම, ඊට හොඳම උදා­හ­ර­ණ­යයි. අද ඔවුන් සිය ජීවිත සශ්‍රීක කර­ගත් යහ­පත් කාන්තා­වන් බවට පත්ව තිබේ.

බ්‍රැන්ඩික්ස් විශි­ෂ්‍ට­ත්වය ක්‍රියා­ත්මක කර­නුයේ විවිධ කරුණු ඔස්සේය.

හරිත ගොඩ­නැ­ගිලි නිර්මා­ණය ඉන් ප්‍රධාන කරු­ණකි. ඇමෙ­රි­කානු එක්සත් ජන­පද හරිත ගොඩ­නැ­ගිලි මණ්ඩ­ලයේ සහ ASHRAE ගොඩ­නැ­ගිලි මාර්ගෝ­ප­දේ­ශ­න­යන්ට අනුව මෙම ගොඩ­නැ­ගිල්ල සැල­සුම් කර ඇත. (තාපන, ශීත­ක­රණ සහ වායු­ස­මී­ක­රණ ඉංජි­නේ­රු­වන්ගේ ඇමෙ­රි­කානු සංග­මය) ගොඩ­නැ­ගිල්ලේ සිසි­ල­නය සඳහා සාමා­න්‍ය­යෙන් 44% ක පරි­භෝ­ජ­න­යක් සිදු කරන නිසා ගොඩ­නැ­ගිලි සැල­සුම තුළින්ම සිසි­ලන ශක්තිය ඇති කිරීම කෙරෙහි දැඩි අව­ධා­න­යක් යොමු කොට ගොඩ­නැ­ගිල්ලේ නැගෙ­න­හිර - බට­හිර දිශා­ව­න්වල පිහිටි බිත්ති සහ ජනේල හරහා නිකුත් වන සූර්ය තාපය ද අවම කිරී­මට කට­යුතු කර­මින්, වහ­ලය මත සූර්ය පැනල සවි­කර එම­ඟින් අම­තර ආව­ර­ණ­යක් ද සපයා ඇත. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ශාලා ගොඩ­නැ­ගි­ල්ලක් මෙන් නොව බල­ශ­ක්ති­යෙන් 53% කට වඩා ඉති­රි­යක් මේ තුළින් ලබා­ගැ­නී­මට හැකිවී තිබේ.

එමෙන්ම, ගොඩ­නැ­ගිලි කළ­ම­නා­ක­රණ පද්ධ­තිය හෙවත් (BMS) : සහය ඇතිව කාලීන ගොඩ­නැ­ගිලි බල­ශක්ති පරි­භෝ­ජ­නය ‍සොයාබැ­ලීම HVAC වායු සිසි­ල­නය සහ ගෘහස්ථ වාතයෙ හි ගුණා­ත්ම­ක­භා­වය අඛ­ණ්ඩව සොයා­බ­ල­මින් එය පාල­නය කරනු ලබන අතර උෂ්ණ­ත්වය සහ CO2 මට්ටම කෙරෙහි විශේෂ අව­ධා­න­යක් යොමු කෙරේ. චිලර්ස් සහ වායු හැසි­ර­වීමේ ඒක­ක­යන් (AHU) ගොඩ­නැ­ගිලි කළ­ම­නා­ක­රණ පද්ධ­තිය හරහා ක්‍රියා­ත්මක කර පාල­නය කළ හැකිය. මීට අම­ත­රව දෛනික බල­ශක්ති පරි­භෝ­ජන රටා­වන් සොයා බැලීම සඳහා උසස් උප මිනුම් උප­ක­රණ ලබාදී තිබේ.

මඩ­ක­ල­පුව පරි­ශ්‍රයේ මහන මැෂින් 1800 ක් ඇති අතර ඒවා දින­පතා පැය 16ක් ක්‍රියා­ත්මක වේ. සියලු යන්ත්‍ර සඳහා ක්ලච් මෝටර්ස් වෙනු­වට අවම බලැති VSD සර්වෝ මෝටර්ස් ලබා දී ඇත. නිෂ්පා­දන වේලා­වන් තුළ ක්ලච් මෝටර්ස් අඛ­ණ්ඩව ක්‍රියා­ත්මක වන අතර සර්වෝ මෝටර්ස් ක්‍රියා­ත්මක වන්නේ ඉඳි­කටු වේලාව තුළ පම­ණකි. එය ක්‍රියා­ත්මක වන වේලාව දළ වශ­යෙන් 17% කි.

සර්වෝ මෝට­ර­යක් ක්ලච් මෝට­ර­යක් හා සස­ඳන විට 68-73% ක ශක්ති ප්‍රමා­ණ­යක් එම­ඟින් ඉතිරි කර­ගත හැකිය.

ආලෝ­ක­ක­ර­ණය සඳහා සූර්ය නළ අති විශේෂ සාධ­ක­යකි. ආලෝ­ක­ක­ර­ණය සඳහා බල ශක්ති­යෙන් 11% ක් භාවිත වේ. සූර්ය තාපය උප­යෝගී කර­ග­නි­මින් ගොඩ­නැ­ගි­ල්ලට සූර්යා­ලෝ­කය සැප­යීම සඳහා නළ භාවිතා කෙරේ මීට අම­ත­රව දිවා කාලයේ දී කෘත්‍රීම ආලෝ­කය නිවා දැමීම සඳහා. සුඛෝ­ප­භෝගී පාලන යාන්ත්‍ර­ණ­යක් ක්‍රියා­ත්මක වේ. මෙම සූර්ය නළ දිවා කාලයේ ආ‍ලෝකයේ දීප්ති­මත් බව LUX 122 ක් පවත්වා ගැනී­මට උප­කා­රීවේ.

100% LED ආලෝ­ක­ක­ර­ණය මඩ­ක­ල­පුව කර්මා­න්ත­ශා­ලාවේ අති විශිෂ්ට කාර­ණ­යකි. LED, CFL වලට වඩා අඩු බල­යක් පරි­භෝ­ජ­නය කරන නමුත් එහි ප්‍රති­ඵ­ලය සාම්ප්‍ර­දා­යික ආලෝ­ක­ක­ර­ණ­යට සාපෙ­ක්ෂව 50% කට වඩා වැඩි අග­ය­කින් ආලෝක ශක්තිය ඉතිරි කිරීම සිදුවේ. එමෙන්ම LED ආයු­කා­ලය සාම්ප්‍ර­දා­යික ආලෝ­ක­ක­ර­ණයේ කාල පරා­සය මෙන් දෙගු­ණ­යකි. LED පහ­සු­වෙන් ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කළ හැකි අතර බැහැර කිරීම සම්පූ­ර්ණ­යෙන්ම නැති කරයි.

නිෂ්පා­දන තොර­තුරු පද්ධති තවත් ප්‍රබල සාධ­ක­යකි. එම­ගින්, ද්‍රව්‍ය­මය දේ හොඳින් හඳු­නා­ගෙන අපට අවශ්‍ය අව­ස්ථා­ව­න්වල ඒවා ප්‍රයෝ­ජ­න­යට ගැනී­මට අපට හැකි­වන අතර සියලු ද්‍රව්‍ය­මය සැප­යුම් මේ පද්ධ­තිය ඔස්සේ එක­විට සිදු කර­මින් අන­වශ්‍ය ලිපි ලේඛන ඉවත් කිරී­මට දායක වී ඇත.

ඉවත ලන නූල් නැවත භාවිත කිරීම ද එසේ­මය නූල්, ඒ ඒ කාණ්ඩ­යන්ට අනුව වෙන වෙනම බඳු­න්වල ගබඩා කරන අතර, නව මෝස්ත­ර­යන් හඳුන්වා දුන් විට නැවත එම නූල් භාවිත කෙරේ.

එසේම, බ්‍රැන්ඩික්ස් සියලු ඇඟ­ලුම් ලෝහ පරී­ක්ෂක උප­ක­ර­ණ­යක් හරහා ගමන් කරයි. මේ ආකා­ර­යෙන් සිය ගනු­දෙ­නු­ක­රු­වන්ට ඔවුන්ගේ නිෂ්පා­ද­න­යන් පිළි­බඳ තත්කා­ලීන තොර­තුරු දැන­ගැ­නී­මට හැකි­යාව සලසා ඇත.

ආගන් පිරවු ද්විත්ව ඔප දැමූ පැහැ­දිලි වීදුරු තවත් හේතු­වකි. මෙම කවුළු තාපයේ බර අවම කිරීම සඳහා උප­කාරී වේ. මෙම වීදුරු කවුළු ප්‍රධාන හා ඉදි­රි­පස ගොඩ­නැ­ගිලි බිත්ති වටා සවි­කර ඇති අතර එම­ඟින් දිවා කාලයේ ආලෝ­කය ලබා­ගැ­නී­මට සහ එළි­ම­හන් පරි­ස­රය නැරැ­ඹී­මට හැකි­යාව සලසා තිබේ. සිය­ලුම අභ්‍ය­න්තර මාර්ග­යන් ඉහළ සූර්ය පරා­ව­ර්ත­න­යන් සහිත ගල් අතුරා සකසා ඇත.

එම­ඟින් ගොඩ­නැ­ගි­ල්ලට බල­පාන උණු­සුම අවම කර­ගැ­නී­ම­ටත් සහ වැසි ජලය පිට­වීම අඩු කරයි.

අප­ද්‍රව්‍ය එක­තු­කි­රීම සහ ගබඩා කිරීම පිළි­බඳ ඔවුන් වඩාත් සැල­කි­ලි­මත්ය. සියලු ඉවත ලන අප­ද්‍රව්‍ය ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය සඳහා වෙන් වෙන් වශ­යෙන් වෙනම බඳු­න්වල ගබඩා කරයි. අප­ජ­ලය පවි­ත්‍ර­ක­ර­ණය සඳහා ශුන්‍ය විස­ර්ජන අප­ජල පවි­ත්‍රා­ගා­ර­යක් ඉදි­කර තිබේ. එම­ඟින් පිරි­ප­හදු කළ ජලය ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය මගින් වාරි­මාර්ග කට­යුතු සඳහා යොදා ගනී. විදුලි මෝටර් රථ ප්‍රව­ර්ධ­නය කිරී­මට ඔවුන් සේව­ක­යන් පොල­ඹ­වයි. ඒ සඳහා විදුලි ආරෝ­පණ පහ­සු­ක­මද සප­යනු ලබයි. එම­ගින්ද කාබන් දහ­නය අවම වන බැවිනි.

පිරි­ප­හදු කළ ජල පොකුණ ඔවුන්ට සම්ප­තකි. මෙම පොකු­ණට පිරි­සුදු ජලය ලැබෙන්නේ අප­ජල පවි­ත්‍රා­ගා­රය මගිනි. පොම්ප ඔස්සේ ලැබෙන පිරි­සුදු ජලය කාර්ය­ක්ෂම ජල විදින යන්ත්‍ර­යක් ආධා­ර­යෙන් කර්මා­න්ත­ශා­ලාව වටා ඇති වාරි­මාර්ග ජල­යට ජලය මුදා හරිනු ලබයි. එය තිර­සාර අඩ­වි­යක් සහ ජෛව ­වි­වි­ධ­ත්වය පිරි පෙදෙ­සකි. පොකුණු හා ඒ ආශ්‍රි­තව සිටින මත්ස­යින්, තාරා­වන් සහ පක්ෂීන් පරි­ශ්‍රයේ ජෛව විවි­ධ­ත්වය වැඩි දියුණු කිරී­මට උප­කාරී වේ.

ආහාර අති­රි­ක්ත­යෙන් ඔවුහු කොම්පෝස්ට් නිප­ද­වති. පැය 24ක් තුළ ඉවත ලන ආහාර අප­ද්‍ර­ව්‍ය­ය­න්ගෙන් කොම්පෝස්ට් නිප­ද­වීම සිදු කරන අතර ඒවා ගෘහස්ථ පොහොර සහ ඔවුන්ගේ ගෙවතු සඳහා භාවිත කිරී­මට ලබා දේ.

වහ­ලයේ සූර්ය පැනල් පද්ධ­තිය ඔවුන්ට අභි­මා­න­යකි. මන්ද­යත් මේ වන විට මෙගා වොට් 1.65කින් යුතු ශ්‍රී ලංකාවේ විශා­ල­තම සූර්ය බලා­ගා­ර­යක් වහ­ලය මත ඔවුන් නිර්මා­ණය කර තිබේ. එම­ඟින් වාර්ෂික බල­ශක්ති අස්වැන්න මෙගා­වොට් පැය 2,975 ක් වන අතර එය පරි­ශ්‍රයේ වාර්ෂික බල­ශක්ති අව­ශ්‍ය­තාව ඉක්මවා යයි.

මෘදු­කාං­ග­යක් භාවිත කර­මින් මාර්ගයේ සෝලා පැනල් අධී­ක්ෂ­ණය ක්‍රියා­ත්මක කර ඇති අතර, එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස වාර්ෂික CO2 අවම කිරීම ටොන් 1,591 ශුද්ධ අඩු­වී­මක් දක්නට ලැබෙන අතර එය වසර 20ක කාල­යක් තුළ ටොන් 31,820 ක සමස්ත අඩු­වී­මක් ඔවුහු අත්විඳ තිබේ.

ඔවුන් නවී­න­තම චුම්භක චිලර් සඳහා ආයෝ­ජ­නය කර තිබේ. මෙම ජල සිසි­ල­නය, චුම්භක චිල­රය වැඩි බරක් පැට­වීමේ කාර්ය­ක්ෂ­ම­තා­ව­යෙන් යුක්ත වන අතර, තෙල් කැටි ගැසීම නිසා කිසිදු අලා­භ­යක් එම­ඟින් සිදු නොවේ. මෙය අනෙ­කුත් චිලර් හා සස­ඳන විට 37% කට වඩා වැඩි ශක්ති­යක් ඉතිරි කර­ගත හැකිය. එසේම, ශීත­කා­රක කාන්දු පරී­ක්ෂක උප­ක­ර­ණය මගින්, ඕනෑම කාන්දු වීමක් පහ­සු­වෙන් හඳු­නා­ගත හැකි­වන අතර සිය­ලුම සිසිල් ජල නළ මාර්ග­යන් ඒ ඔස්සේ ආව­ර­ණය කර ඇත.

පරි­ශ්‍රයේ ඇති සියලු ජල හා සනී­පා­ර­ක්ෂක සවි­කි­රීම් LEED ප්ලැටි­නම් ශ්‍රේණි­ගත ක්‍රම­යන් ඔස්සේ සවි­කර ඇති අතර, එය අනෙ­කුත් ජල සවි­කි­රීම් හා සස­ඳන විට 53% කට වඩා ජලය ඉති­රි­ක­ර­ගැ­නී­මකි. ඔවුන්ගේ පිඟන් සෝදන යන්ත්‍ර­යෙන්ද භාවිතා කරන ජල­යෙන් සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් ඉතිරි කර ගැනේ. අවශ්‍ය උණු ජලය සැප­යී­මට සහ පිඟන් සේදීම සඳහා සූර්ය උණු වතුර පද්ධ­ති­යක් භාවි­ත‍ වේ.

සේව­ක­යන්ගේ යහ­පත් සෞඛ්‍ය පවත්වා ගැනී­ම­ටත් කාබන් දහ­නය අවම කිරී­ම­ටත් ප්‍රදේ­ශයේ පාපැදි පැද­වීම ප්‍රව­ර්ධ­නය කිරී­ම­ටත් සේව­ක­යන්ගේ පා පැදි නැවැ­ත්වීම සඳහා විශාල ආව­ර­ණ­යක් බ්‍රැන්ඩික්ස් පරි­ශ්‍රයේ සකසා තිබේ.

Comments