ශ්‍රීල­නි‍ෙප ඡන්ද තියෙන අය දැන් ඉන්නෙ සජිත් එක්ක | සිළුමිණ

ශ්‍රීල­නි‍ෙප ඡන්ද තියෙන අය දැන් ඉන්නෙ සජිත් එක්ක

 

අපේ­ක්ෂ­ක­යන් තිස්පස් දෙනෙකු අත­රින් හත්වන ජනා­ධි­ප­ති­ව­රයා තෝරා ගැනීමේ ඡන්ද සටන දැන් ඇරඹී තිබෙ­නවා. මේ ජන­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කිරී­මට නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ඇති සූදා­නම කෙබ­ඳුද?

සජිත් ප්‍රේම­දාස මහතා හංසයා ලකු­ණින් නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ නාම යෝජනා බාරදී තිබෙ­නවා. අපේ­ක්ෂ­කයෝ තිස්ප­හක් ඉල්ලු­වට මෙතන තර­ගය තියෙන්නේ අපේ­ක්ෂ­කයෝ දෙන්නෙක් අත­රයි. ඒ තමයි සජිත් ප්‍රේම­දාස හා ගෝඨා­භය යන මහ­ත්ව­රුන්‍. මේ කඳ­වුරු දෙකේ පැහැ­දිලි වෙන­සක් තියෙ­නවා.

මොකක්ද ඒ වෙනස?

එක කඳ­වු­රක් තමයි පවු­ල්වාදී වැඩ­ව­ස­ම්වාදී මිලි­ට­රි­වාදී කඳ­වුර. අනෙක් කඳ­වුර තමයි ප්‍රජා­ත­න්ත්‍ර­වාදී කඳ­වුර. සජිත් ප්‍රේම­දාස මහතා නියෝ­ජ­නය කරන්නේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජනතා හිත­වාදී කඳ­වු­රයි. එක පැත්තක මිල්ටරි නාය­ක­යෙක්‍. අනෙක් පැත්තේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නාය­ක­යෙක්. මිලි­ටරි නාය­ක­යාට බොහෝ ම සාප­රාධී ඉති­හා­ස­යක් තිය­නවා. අනෙක් පැත්තෙන් දෑත පිරි­සුදු අතේ ලේ ගෑවිච්ච නැති චෝදනා නැති ජන­තා­වට ළෙන්ගතු නාය­ක­යෙක්‍. එත­කොට අපිට පේනවා පොදු­ජන බල­වේග මේ ජන­තාව ළෙන්ගතු නාය­කයා වටා පෙළ ගැහෙ­නවා. පවු­ල්වාදී, වැඩ­ව­ස­ම්වාදී, රාජ­ආණ්ඩු බල­වේග පසු­ගිය කාලය පුරා ක්‍රියා­ත්මක වුණේ ගජ­මි­තුරු ලුම්පන් පාද­ඩ­ක­ර­ණ­යක් සඳ­හායි. ඊට කැමැති පිරිස් ඔවුන් වටා එක්රොක් වෙනවා. ඉති­හා­සයේ චාපය නැවෙන්නේ සාධා­රණ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පැත්ත­ටයි. එම නිසා මේ ජන­ප­ති­ව­ර­ණ­යෙන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය නියෝ­ජ­නය කරන අපේ පිල ජය­ග්‍ර­හ­ණය කර­නවා.

ඇතැම් විද්ව­තුන් උග­තුන් කිය­නවා සජිත් ප්‍රේම­දාස මහතා පීඩිත පංතිය නියෝ­ජ­නය කර­න්නෙක් කියා. ඔහු පීඩිත පංතිය නියෝ­ජ­නය කර­නවා කියන්නේ කුමන පද­න­ම­කින්ද?

සජිත් ප්‍රේම­දාස මහතා පොදු­ජන හඬින් පොදු­ජන බසින් පොදු­ජ­න­යාට සමීප ජීවන විලා­සි­තා­ව­කින් යුක්ත කෙනෙක්. ඒ වගේ ම සජිත් මහ­තාගේ අන­න්‍ය­තාව ‘ජනතා සේව­ක­යාය’ කියන එකයි. ඉතිං මේ රටේ අති­වි­ශාල ජන කොට­සක් බලා­පො­රොත්තු වෙනවා තමන්ගේ ප්‍රශ්න කතා කරන්න පුළු­වන් තම ගැටලු හඳු­නා­ගත හැකි ජන­යාට සමීප නාය­ක­යෙක්. ඓති­හා­සික වශ­යෙන් ලංකාවේ තිබුණු ප්‍රශ්න­යක් තමයි ප්‍රභූ පැලැ­න්තිය රදළ වල­ව්වල මුහ­ම්දි­රම්ලා වගේ අයගේ පාල­න­යට සාමාන්‍ය ජන­තාව යට­වීම. එවැනි ඉති­හා­ස­යක් අපිට තිය­නවා. ජන­තාව ඉතා ආශ්වා­ද­යෙන් වැල­ඳ­ගන්නේ පීඩක ප්‍රභු පාලන තන්ත්‍ර­යක් වෙනු­වට ජනතා හද ගැහෙන රිද්මය හඳු­නන පොදු­ජන නා‍යක­යෙක් කෙරෙ­හියි. ඒ ගුණ සුවඳ ඒ ආශ්වා­දය සජිත් ප්‍රේම­දාස මහ­තාට අපේ­ක්ෂ­ක­ත්වය ලබා­දුන් පසු ගම්වල පැති­රෙ­මින් තිබෙ­නවා. ඒ නිසා වෙන්න ඇති වික්ටර් අයි­වන් මහ­තාත් පසු­ගිය දින­වල කළ ප්‍රකා­ශ­යක් සමාජ ජාලා­වන්හි සංස­ර­ණය වෙන්නේ. ඒක වටි­නවා. ලෝකයේ හැම තැන­කම මෙවැනි විප්ලව පොදු­ජ­නතා අව­දි­වීම් සිදුව තිබෙ­නවා. එය අපේ ප්‍රචා­රක ව්‍යාපා­ර­යට විශේෂ වාසි­යක්.

ඒ අතර මං මෙහෙම දෙය­කුත් කියන්න ඕනෑ‍. අද සම­හරු සජිත් ප්‍රේම­දාස මහ­තාට අව­ලාද නඟ­නවා. සජිත් ප්‍රේම­දාස මහතා කතා කරන වචන අල්ල­ගෙන ‘ශ්‍රී මුඛය’ වෙන්න පුළු­වන්, ‘පියා­ණන්’ වෙන්න පුළු­වන් මොකා හරි වචන ටිකක් අල්ල­ගෙන ඔහුව නිග්‍ර­හ­යට ලක් කිරී­මට හද­නවා. සජිත් ‍බුද්ධාග­මට අප­හාස කර­න­වාය. බෞද්ධ සංස්කෘ­තිය හඳු­නන්නේ නැතිය කියා අව­ලාද නග­නවා. මං කියන්න කැමැ­තියි ඒ පැත්තේ දාල ඉන්න අපේ­ක්ෂ­කයා කතා කරන කෙනෙක් නෙවෙයි. ඒ අයගේ කාලයේ වචන වෙනු­වට ආවේ උණ්ඩ. ඒ උණ්ඩ මාධ්‍ය­ක­රු­වන්ගේ, තරු­ණ­යන්ගේ, උද්ඝෝ­ෂණ කළ අයගේ ඔළු පසාරු කර­ගෙන ගියා. ඕක තමයි කතා නොක­රන අයගේ ප්‍රශ්නය. පොදු­ජන හඬින් පොදු­ජන බසින් කතා කරන මිනි­ස්සුන්ගේ වච­න­යක් දෙකක් අල්ලා­ගෙන විප­ක්ෂය ඊට අව­ලාද නගන්නේ ඒ අයගේ යම් හිතේ කෑකෑ­රෙ­මින් ගොජ දම­මින් බුර­බුරා නැගෙන පොදු­ජන විරෝ­ධ­යයි. අපි කියන්නේ ඒවා තව කියන්න කිය­ලයි. සජිත් ප්‍රේම­දාස මහ­තාගේ පොදු­ජන ප්‍රති­රූ­ප­යට තව ගහන්න කියලා අපි ඉල්ලා සිටි­නවා. එත­කොට පොදු­ජ­නයා වඩ වඩා අපිට එකතු වෙනවා. ඒ සාමාන්‍ය දේශ­පා­ලන විද්‍යා­ව­වත් ඔය වල­ව්වල මහ­ත්වරු දන්නේ නෑ.

අපේ පැත්තේ ඉන්නේ දින­පතා පන්සිල් ගන්න අයෙක් නොවේ. පන්සිල් රකින කෙනෙක්. ප්‍රාණ­ඝාත චෝදනා ඔහුට නෑ. රටේ ජාතික ධනය හොර­කම් කළා කියා චෝදනා නෑ. රටේ ජාතික ධන­යෙන් අම්මා තාත්තාට සොහොන් කොත් හැදුවා කියා චෝදනා නෑ. සජිත් මහතා බෞද්ධ සදා­චා­රය අනුව ජීව­ත්වෙන කෙනෙක්. ඔහු ශාස­න­යට සුවි­ශාල සේව­යක් කරපු කෙනෙක්.

සජිත් ප්‍රේම­දාස මහතා ශාස­න­යට කර තිබෙන මෙහෙ­ව­ර­යන් මොන­වාද?

පන්සල් හදලා තිය­නවා. ධර්ම­ශාලා හදලා තිය­නවා. දහම් පාසල් හදලා තිය­නවා. බෞද්ධ භික්ෂූන් වහන්සේ සමඟ ඉතා කිට්ටු­වෙන් ඇසුරු කරලා තිය­නවා. ඒ නිසා තමයි සජිත් මහතා දළදා සමිඳු වැඳ පුදා ගැනී­මට ගිය වෙලාවේ භික්ෂුන් වහ­න්සේලා අට­සිය නමක් පමණ පිරිත් කියා ආශි­ර්වාද කෙළේ. මහ­නා­යක හිමි­ව­රුන්ගේ ආශි­ර්වා­දය ලැබුණු, පන්සිල් රකින ශාස­නික සේවා­වක් කළ මෙවැනි අයකු දෙව්ද­ත්තෙර ගන­යට දැමී­මට භික්ෂුන් වහ­න්සේලා දෙතුන් දෙනෙක් ඉදි­රි­ප­ත්වීම කන­ගා­ටුයි. අපි ඒ භික්ෂුන් වහන්සේ දෙතුන් නමට කියන්නේ රාජ­ප­ක්ෂ­ලාගේ ලේවැකි ප්‍රචා­රක යුද්ධයේ ගොදු­රක් නොවන ලෙසයි.

සජිත් ප්‍රේම­දාස මහතා නාම­යෝ­ජනා බාර­දුන් දින­යේදී එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාත් මහ­ලේ­කම් අකිල විරාජ් කාරි­ය­ව­සම් මහ­තාත් මැති­ව­රණ මහ­ලේ­කම් කාර්යා­ල­යට නොපැ­මි­ණීම පිළි­බඳ විප­ක්ෂය විවිධ චෝදනා නග­නවා. ඊට ඔ‍ෙබ් පිළි­තුර කුමක්ද?

කියන්ඩ මොකුත්ම නැති වුණ­හම ඔය වගේ දේව­ල්වල තමයි එල්ලිලා දඟ­ලන්නේ. දැන් සජිත් ප්‍රේම­දාස මහ­තාගේ නම එජා­ප­යෙන් ආවේ ඒක­ම­ති­කව. පක්ෂ නාය­කයා මහා සමු­ළු­වක් තියලා සජිත්ගේ නම ප්‍රකාශ කළා. අපේ අපේ­ක්ෂ­කයා තේරුවේ වල­ව්වක උදේ කෑම මේස­යේදී නෙවේ. බොහෝම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ලෙසයි. ඒක හොඳ සහ­සු­ද්දෙන්ම කළා. අනිත් එක ඔය චෝදනා කරන අය මැති­ව­රණ නීති රීති දන්නේ නෑ. නාම යෝජනා බාර­දෙන්න යන්න ‍ඕනෑ පක්ෂ ලේකම්, අපේ­ක්ෂ­කයා හා නීති­ඥ­යකු පම­ණයි. අනික් අය යන්නේ හයිය පෙන්නන්න. අපි අපේ හයිය ඕනෑ තරම් පෙන්නලා තිය­නවා. මංගල මහා රැලිය ගෝල්ෆේස් පිටි­යේදී පැවැති වෙලාවේ ජන ගංගා­ව­කින් ඒ පළා­තම එකම හිස් ගොඩක් වුණා. අන්න ඒක තමයි හයිය. සතර දිග්භා­ග­යෙන් ලක්ෂ ගණ­නින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හැම ජන කොට­සක් ම ගාලු මුව­දොර පිටි‍යේදී සජිත් දින­වී­මට එක්වන බව සපත කළා.

මෙවර මැති­ව­රණ නීති තදින් ම ක්‍රියා­ත්මක කරන බව මැති­ව­රණ මහ­ලේ­කම් කාර්යා­ලය පව­ස­නවා. පව­තින නීති­රී­ති­ව­ලට එක­ඟව ප්‍රචා­රක කට­යුතු ගෙන­යෑ­මට ඔබේ අපේ­ක්ෂ­කයා සූදා­නම් ද?

අපි මැති­ව­රණ නීති­යට ගරු කර­මින් තමයි ප්‍රචා­රක කට­යුතු කරන්නේ‍. සාධා­රණ මැති­ව­රණ දිනා­ගැ­නීම සඳහා අපි කැප­වුණා‍. පෙනී සිටියා. 2015 මහ මැති­ව­ර­ණය තමයි ලංකාවේ පැවැත්වූ සාධා­ර­ණම මැති­ව­ර­ණය. රාජ­පක්ෂ ආණ්ඩුව පැවැති සමයේ පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණය අන්ත දූෂිත එකක්. අද මේ ර‍ෙට් මැති­ව­රණ සංස්කෘ­තිය පැහැ­බර වී ලස්සන වී තිබෙ­නවා. එකම දේ ජන­මාධ්‍ය මත කරන මැති­ව­රණ දූෂ­ණය පම­ණයි අද තියෙන්නේ. ඒ පිළි­බ­ඳව මැති­ව­රණ කොම­සා­රිස් සලකා බලයි.

මාර්තු 12 ව්‍යාපා­ර­යෙන් ‘මහ­ජන වේදි­කාව’ නමින් ජන­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් සඳහා සුග­ත­දාස ගෘහස්ත ක්‍රීඩාං­ග­ණ­යේදී වේදි­කා­වක් සැක­සුවා. ඊට සජිත්, අනුර, මහේෂ් ඇතුළු අපේ­ක්ෂ­ක­යන් සහ­භාගි වුණත් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සහ­භාගි වුණේ නෑ. ඒ ගැන ඔබ හිතන්නේ මොන­වාද?

සංවා­ද­යට බය කතා කරන්න බය කතා කරන්න වචන සංකල්ප නැති උණ්ඩ­යට පම­ණක් ආද­රය කරන අය සංවා­ද­ව­ලට කැමැති නෑ. මිනි­හෙක් මිනි­හෙ­කුට යමක් කතා කිරි­මෙන් තමයි දේශ­පා­ල­න­යක් පැන නැගෙන්නේ. කතා කරලා වාද කරලා සමඟි සම්මුති හදා ගැනී­මෙන් තමයි ප්‍රජා­ත්ත්‍ර­වාදී දේශ­පා­ල­නය පැන නඟින්නේ. ඒවා වැඩක් නෑ කියලා හිතන අය කල්පනා කරන්නේ වෙන විදි­ය­කට. ඒකෙන් පේන්නේ ගෝඨා­භය ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට කැමැති නෑ කියන එකයි. එහෙම නෙවෙයි කිය­නවා නම් ගෝඨා­භ­යට සජිත් සමඟ විවා­ද­ය­කට එන ලෙස අපි අභි­යෝග කර­නවා‍.

ඔබේ පාර්ශ්වය කියන්නේ සජිත් ප්‍රේම­දාස මහ­තාට පරා­ජය කිරී­මට ලේසිම අපේ­ක්ෂ­කයා තමයි ‍ගෝඨාභය රාජ­පක්ෂ කිය­ලයි. ඇයි එහෙම කියන්නේ. මොකක්ද හේතුව.

මේ රට ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රටක්. මේ රටේ මිනිස්සු සර්ව­ජන ඡන්ද බලය ලබා­ගත්දා සිට මිලි­ට­රි­වා­ද­යට ඒකා­ධි­ප­ති­වා­ද­යට විරු­ද්ධයි. මහින්ද මහ­ත්තයා ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යෙන් බල­යට ඇවිත් ඒකා­ධි­ප­ති­වා­ද­යට පල්ලම් බැස්සා. එවිට ඔහුව ජන බල­යෙන් පරා­ජය කළා. චීන මහා ප්‍රාකා­රය පෙර­ළපු අපිට ගෝඨා­භය කියන්නේ නිකම් ගඩොල් බිත්ති­යක්. මිල්ට­රි­වා­ද­යට හමුදා ජුන්ටා­වට පවු­ල්වා­ද­යට වරි­ග­වා­ද­යට එරෙ­හිව ජන බලය නැගි­ටි­නවා. කාර­ණය සර­ලයි.‍‍

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සහාය දී තිබෙන්නේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ටයි. එය ඔබ පාර්ශ්ව­යට තර්ජ­න­යක් නොවේද?

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය දෙස බලන්න ඕනෑ ඒ නිල ප්‍රකා­ශය දෙස නොවේ. ඇත්ත. ශ්‍රී.ල.නි.ප. යට මොකද වෙලා තියෙන්නේ කිය­ලයි. ශ්‍රී.ල.නි.ප‍.යේ හොඳ ජන පද­න­මක් තියන අය දැන­ට­මත් සජිත් සමඟ එක්වී අව­සන්. විජි­ත­මුණි සොයිසා, ෆවුසි, පිය­සේන ගමගේ, මනුෂ නානා­ය­ක්කාර, ඒ අය අත­රින් කීප­දෙ­නෙක්. ශ්‍රීල­නි­පයේ අය අද මෛත්‍රී­පාල සිරි­සේන ජන­ප­ති­ව­රයා වෙනු­වෙන් කිඹුල් කඳුළු හෙළු­වට 2015 ජන­ප­ති­ව­ර­ණ­යේදී එයාලා ඡන්දය ‍දුන්නේ මහින්ද මහ­ත්ත­ය­ටම තමයි. එජාප ඡන්ද­යෙන් මෛත්‍රි­පාල සිරි­සේන මහතා ජනා­ධි­පති වූ පසු මේ අය ඇමැ­ති­කම් ගන්නයි පස්සෙන් ආවේ. එයාලා රාජ­පක්ෂ හවුලේ අයම තමයි. ජන පද­න­මක් තියන අය හංසයා වටා එක් රොක් වෙනවා. අද ශ්‍රී.ල.නි.ප දෙකට බෙදිලා පැත්තක් පොහො­ට්ටුවේ. පැත්තක් හංස­යාගේ. ඔය අද කෑ ගහන ශ්‍රී.ල.නි.ප. යේ කට්ටි­යට වෙන්නේ මැද­මූ­ලන වලව්වේ හුණු ගෑම මිස වෙන කිසි­වක් නොවේ. ඒ නිසා ජන­ප­ති­ව­ර­ණ­යෙන් සජිත් ප්‍රේම­දාස විශිෂ්ට ජයක් ලබ­නවා.

 

Comments