ඉඩම් - පොලිස් බල­තල ලබා­ගැ­නී­මට නම් ගෝඨා දින­විය යුතුයි | සිළුමිණ

ඉඩම් - පොලිස් බල­තල ලබා­ගැ­නී­මට නම් ගෝඨා දින­විය යුතුයි

වින­යා­ග­මූර්ති මුර­ලි­ද­රන් හෙවත් කවු­රුත් දන්නා කරුණා අම්මාන් යනු එල්ටී­ටී­ඊයේ දෙවැ­න්නාය. දෙමළ විමුක්ති කොටින් සතුව සිටි ප්‍රධා­නම සෙන්ප­තියා ය. 2004 මැයි මාස­යේදී කරුණා අම්මාන්, කොටි සංවි­ධා­න­යෙන් වෙන් වී යෑම යුද විශ්ලේ­ෂ­ක­යන් හඳු­න්වන්නේ එල්ටී­ටීයේ පරා­ජ­යට බලපෑ ප්‍රධාන ම හේතු­වක් ලෙසිනි. එය එල්ටී­ටී­ඊයේ පිරිස් බලය දිය කර හැරියා පම­ණක් නොව ඔවුන්ගේ සටන් උප­ක්‍රම රජයේ හමුදා අතට පත් වීම­ටත් බලපෑ බව නොර­හ­සකි.

අන­ත­ර්ජා­තික සංවි­ධාන හා සිවිල් ආර­ක්ෂාව (International Organizations and Civilian Protection) යන කෘතිය ලියූ ශ්‍රීරාම් චෝලියා, තම කෘති­යෙන් පෙන්වා දී තිබුණේ එව­කට කරුණා අම්මාන් සහ ඔහුගේ ගෝලයා වූ පිල්ලෙ­යාන් හෙවත් සිව­නේ­ස­තු­රෙයි චන්ද්‍ර­කාන්ත් එක්ව පිහි­ටු­වා­ගෙන තිබුණු ටී.එම්.වී.පී පක්ෂ­යට යුද ගැටුම් පැවති ප්‍රදේශ තුළ සිවිල් ජන­තා­වට අඩ­න්තේ­ට්ටම් කර­මින් සිත් සේ කට­යුතු කිරීමේ අව­ස්ථාව එවක රජය සලසා දී තිබූ බවකි.

කෙටි කලෙ­කින් මහින්ද රාජ­පක්ෂ ආණ්ඩුවේ ජාතික ඒකා­ග්‍රතා නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා ලෙස තන­තුරු ලද ඔහු අන­තු­රුව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ උප සභා­ප­ති­ව­ර­යෙකු බවට ද පත් වූයේ දෙමළ දේශ­පා­ල­නයේ අලුත්ම චරි­තය බවට පත් වෙමිනි. එහෙත් යහ­පා­ලන රජය බල­යට පිවි­සී­මත් සමඟ රජයේ වාහන අව­භා­විත කිරීමේ චෝද­නා­වක් නිසා වරක් රිමාන්ඩ් භාර­යට ද පත් වූ ඔහු ඉන් අන­තු­රුව විවෘත දේශ­පා­ල­නය තුළ දක්නට ලැබුණේ නැත.

ඉකුත් අගෝ­ස්තු­වේදී ගෝඨා­භය රාජ­පක්ෂ පොහො­ට්ටුවේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා බවට පත් වීමත් සමඟ නැවත කර­ළි­යට පැමිණි හෙතෙම මේ දින­වල ගෝඨා­භය දින­වීමේ වැඩ­පි­ළි­වෙළේ පුරෝ­ගා­මි­යෙකි. මේ ඔහු සමඟ සිළු­මිණ කළ සංවා­ද­යකි.

• ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඇත්තේ තවත් දින කිහි­ප­යක් පම­ණයි. කොහො­මද ඡන්ද­යට තිබෙන සූදා­නම?

අපි මේ වන විට ගෝඨා­භ­යගේ ජය­ග්‍ර­හ­ණය සඳහා කට­යුතු කර­ගෙන යනවා. අපේ රටට අවශ්‍ය වන්නේ ශක්ති­මත් නාය­ක­ත්ව­යක්. ඒ නිසා තමයි අපේ පක්ෂ­යත් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සමඟ ගිවි­සුම් ගත වුණේ සහ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට සහාය දැක්වී­මට තීර­ණය කළේ. මෙදා පාර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී වැඩි දෙමළ ඡන්ද ප්‍රමා­ණ­යක් රාජ­පක්ෂ මහ­තාට හිමි වේවි.

• ඇයි ගෝඨා­භය රාජ­ප­ක්ෂට ම සහාය දක්වන්න තීර­ණය කළේ?

වර්ත­මාන රජය යටතේ රටේ ආර්ථි­කය ගොඩක් දුර්වල වුණා. රනිල් වික්‍ර­ම­සිංහ ආණ්ඩුව යටතේ ආර්ථික සංව­ර්ධ­න­යක් සිදු වුණේම නැහැ. දෙවැ­නි­යට රටේ ආර­ක්ෂා­වට තර්ජ­න­යක් එල්ල වෙලා තියෙ­නවා. ඒ නිසා තමයි අප්‍රේල් 21 වැනිදා අයි­එස් අයි­එස් ප්‍රහා­ර­ය­කට ලංකාව මුහුණ දුන්නෙ.

• ඔබ මහින්ද රාජ­පක්ෂ රජ­යේත් සක්‍රී­යව සිටි කෙනෙක්. මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ නාය­ක­ත්වය සහ ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ මහ­තාගේ නාය­ක­ත්වය අතර, ක්‍රියා­කා­රී­ත්වය තුළ ඔබ යම් වෙන­සක් දකි­න­වාද?

නැහැ කිසිම වෙන­සක් නැහැ. අනෙක, ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කිරී­මෙන් පසුව අග­මැති ධුර­යට පත් වෙන්නේ මහින්ද රාජ­පක්ෂ මහ­තායි. ඒ නිසා කිසි වෙන­සක් හෝ ප්‍රශ්න­යක් මතු වෙන්නේ නැහැ. එදා වගේම සංව­ර්ධන කට­යුතු කරන්න පුළු­වන් වේවි. ඒ නිසා තමයි මම කිසිම වේලා­වක මහින්ද රාජ­පක්ෂ මහතා ගාවින් ඉවත් නොවු­ණෙත්. ඔහු ශක්ති­මත් නාය­ක­යෙක්. ඒකයි යුද්ධ­යෙන් පස්සේ ඔහුගේ පාලන කාලයේ කිසිම සිද්ධි­යක් ඇති නොවු­ණෙත්.

• ඔබ එල්ටී­ටීයේ කර්න­ල්ව­ර­යෙ­කුව සිටි­යදී කලක් ගෝඨා­භය රාජ­ප­ක්ෂත් යුද හමු­දාවේ කර්න­ල්ව­ර­යෙ­කුව හිටියා. ඔබට කර්නල් ගෝඨා­භය ගැන ඇත්තේ කවර මත­ක­යක්ද?

ඒ කාලයේ ඔහු ඉතාම වින­ය­ග­රුක හමුදා නිල­ධා­රි­යෙක්. මට මතක හැටි­යට ඔහු එව­කට සන්නි­වේ­දන කට­යුතු භාරව හිටියා.

• ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සය පසු­ගි­යදා ඔබට එරෙ­හිව බර­ප­තළ චෝද­නා­වක් එල්ල කළා. ඔබ ඇතුළු පිරි­සක් උතුරු නැගෙ­න­හිර මැති­ව­රණ නීති­රීති උල්ලං­ඝ­නය කර­මින් කට­යුතු කරන බවට ඔවුන් කරුණු වාර්තා කරලා තිබුණා?

ඔය වගේ චෝදනා කරන්නේ තමන් පරාද වෙන බව ඔවුන් දන්නා නිසායි. හැබැයි අපිට ඒ විදි­හට ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න කිසිම අව­ශ්‍ය­තා­වක් නැහැ. මුස්ලිම් කොංග්‍ර­සය සහාය දක්වන අපේ­ක්ෂ­ක­යාට ඡන්දය දැමී­මට මිනි­ස්සුන්ට අවශ්‍ය නම් අපිට ඒක නව­ත්වන්න වුව­ම­නා­වක් නැහැ. හැබැයි ජන­තාව අව­බෝධ කර­ගත යුතු ප්‍රධාන කරු­ණක් තියෙ­නවා. ඒ තමයි, සිය­ලුම ජාති­වාදී මුස්ලිම් නාය­ක­යන් හිට­ගෙන ඉන්නේ සජිත් ප්‍රේම­දාස සම­ඟයි. මේ මුස්ලිම් නාය­ක­යන් නිසා අපි නැගෙ­න­හිර පළාතේ ගොඩක් ප්‍රශ්න­ව­ලට මුහුණ දුන්නා.

අපිට නැගෙ­න­හිර පළා­තට දෙමළ ආණ්ඩු­කා­ර­ව­ර­යෙක් අව­ශ්‍යයි. දෙමළ මහ ඇමැ­ති­ව­ර­යෙක් අව­ශ්‍යයි. ඒ නිසා තමයි අපි ගෝඨා­භ­යට සහාය දැක්විය යුත්තේ. සිය­ලුම මුස්ලිම් නාය­ක­යන් සජිත් ප්‍රේම­දාස සමඟ ඉන්න එක අපිට අන­තු­රු­දා­ය­කයි.

• හැබැයි ඒ.එම්.එල්.ඒ. හිස්බුල්ලා සහාය දක්වන්නේ ගෝඨා­භය රාජ­ප­ක්ෂට නේද? ඔහු තමන්ට ඡන්ද දෙන ජන­තා­ව­ගෙන් ඔවුන්ගේ දෙවැනි මනා­පය ගෝඨා­භ­යට දෙන ලෙස ප්‍රකාශ කර­නවා නේද?

ඒක බොරු කතා­වක්. එයා වෙනම තරග කරන කෙනෙක්. එයත් නැගෙ­න­හිර මිනි­ස්සුන්ට ගොඩක් වැරැදි කරපු කෙනෙක්.

• සිංහල සමා­ජය තුළ ඔබ කෙරෙහි බර­ප­තළ විරෝ­ධ­යක් පව­ති­නවා. අර­න්ත­ලාවේ භික්ෂු ඝාත­න­යත් අම්පා­රේදී පොලිස් නිල­ධා­රීන් 600ක් වධදී මරා දැමීම ගැනත් ඔබට චෝදනා එල්ල වෙනවා...

මුලින්ම කියන්න අව­ශ්‍යයි මම කව­දා­වත් ඒ වගේ දේව­ල්වල නිරත වුණේ නැහැ. ඒ දේවල් යුද්ධය අත­ර­තුර ඇති වුණු සිදු­වීම්. හැබැයි මම ඒවට සම්බන්ධ නැහැ. අතී­තය අයිති අතී­ත­ය­ටයි. ගොඩක් දෙමළ මිනිස්සු, සිංහල මිනිස්සු, එල්ටී­ටී­ඊයේ අය, හමු­දාවේ අය මර­ණ­යට පත් වුණා. ඒ විදි­හට ගොඩක් සිදු වීම් ඒ කාලෙ සිද්ධ වුණා. අපි දැන් ඒවා ගැන කතා කරන්නේ නැහැ.

• කොටි ත්‍රස්ත­වා­දීන් නැව­තත් ඉස්මතු වෙන බවට විවිධ කට­කතා පව­ති­නවා. එහෙම දෙයක් වෙන්න පුළු­වන් කියලා ඔබ හිත­න­වද?

ගෝඨා­භ­ය­වත් මාවත් මරන්න සූදා­න­මින් හිටි මිනිස්සු දෙන්නෙක් සීඅ­යි­ඩීය අල්ලලා තිබුණා. හැබැයි මේ මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කළාට පස්සේ රට තුළ හොඳ ආර­ක්ෂා­වක් නිර්මා­ණය කරන්න අපිට පුළු­වන්.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වටා ඉන්න බොහෝ දෙනෙ­කුට තියෙන්නේ හමුදා පසු­බි­මක්. මේජර් ජන­රල් කමල් ගුණ­රත්න, අද්මි­රාල් සරත් වීර­සේ­කර වගේම හිටපු එල්ටී­ටීඊ සෙන්ප­ති­යෙක් වන ඔබ වැනි අයත් ගෝඨා­භය රාජ­පක්ෂ වටා සිටි­නවා. මේ විදි­හට හමුදා පසු­බි­මක් තියෙන පිරිස් ගෝඨා­භය වටා එක් වීම විශේ­ෂ­ත්ව­යක් නොවෙ­යිද?

ඒක කාට­වත් වද වෙන්න හේතු­වක් නොවෙයි. උදා­හ­ර­ණ­ය­කට ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­ර­ණය දිනද්දි අමෙ­රි­කාවේ ගොඩක් හමුදා ප්‍රධා­නීන් ඔහුට සහාය දැක්වූවා. ඔහුගේ උප ජනා­ධි­පති පවා හිටපු හමුදා ප්‍රධා­නි­යෙක්. ඒ වගේම ලංකා­වේත් හමුදා නිල­ධා­රීන් ගෝඨා­භ­යට සහාය දක්ව­නවා. එහෙම වුණා කියලා ඒකා­ධි­පති පාල­න­යක් ඒවි කියලා බය­වෙන්න ඕනෙ නෑ.

• දෙමළ දේශ­පා­ල­න­ඥ­යෙකු ලෙස ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය තුළ ඔබ දකින ආක­ර්ෂ­ණී­යම ප්‍රති­ප­ත්තිය කුමක්ද?

අපිට මුලින්ම අවශ්‍ය වන්නේ ඉඩම් බලය ලබා­ගැ­නී­මයි. ඊට සම­ගා­මීව යම් පොලිස් බල­තල ප්‍රමා­ණ­යක් උතුරු නැගෙ­න­හිර පළා­ත්ව­ලට අව­ශ්‍යයි.

මොකද දෙමළ පොලිස් නිල­ධා­රීන් එම ප්‍රදේ­ශ­ව­ලට පත් කළ යුතුයි. ඊළ­ඟට දේශ­පා­ලන සිර­ක­රුන් නිද­හස් කර­ගත යුතුයි.

දැනට ඒ විදිහේ දේශ­පා­ලන සිර­ක­රු­වක් 124ක් ඉන්නවා. ගෝඨා­භ­යගේ ජය­ග්‍ර­හ­ණ­යෙන් පසුව මේ පිරිස් නිද­හස් කර­ගත යුතුයි. මම ඒ පිළි­බ­ඳව පෞද්ග­ලි­ක­වම ඔහුට ඉල්ලී­මක් කරලා තියෙ­නවා.

• යාප­නය ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ විවෘත වුණු අව­ස්ථා­වේදී විමල් වීර­වංශ ඇතුළු ඔබ නියෝ­ජ­නය කරන පිලේම දේශ­පා­ල­න­ඥ­යන් ගුවන් තොටු­පොළ් නාම පුව­රුවේ සිංහල නමට ඉහ­ළින් දෙමළ නම සඳ­හන් වීම ගැන විරෝ­ධය පළ කළා. ඒ වගේ දේශ­පා­ලන කඳ­වු­ර­කින් දෙමළ ජන­තා­වට සාධා­ර­ණ­යක් ඉෂ්ට කර­ගන්න පුළු­වන් කියලා ඔබ හිත­න­වද?

අපි ගෝඨා­භ­යට සහාය දැක්වූ­වාට සෑම විටම දෙමළ ජන­තා­වගේ අයි­තීන් වෙනු­වෙන් පෙනී සිටි­නවා.

මේ වෙලාවේ දෙමළ ජන­තා­වත් ගෝඨාට සහාය දක්වන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ වේලා­වක මේ වගේ අන්ත­වාදී කතා­බ­හෙන් සියලු දේශ­පා­ල­න­ඥ­යන් වැළකී සිටිය යුතුයි.

 

Comments