ඡන්දය දුන් - නුදුන් සිය­ල්ල­ගේම ගෞර­වය දිනා­ගෙන ඉදි­රි­යට යමු! | සිළුමිණ

ඡන්දය දුන් - නුදුන් සිය­ල්ල­ගේම ගෞර­වය දිනා­ගෙන ඉදි­රි­යට යමු!

කලක් තිස්සේ රටේ උත්සන්න වෙමින් පැවති දේශ­පා­ලන අස්ථා­ව­ර­භා­ව­යට නැව­තීමේ තිත තබ­මින් ස්ථාවර නාය­ක­යකු පත් කර­ගැ­නී­මට ශ්‍රී ලංකාව පසු­ගි­යදා සමත් විය. අභි­නව නාය­ක­යා­ගෙන් රට ඉටු කර­ගැ­නී­මට බලා­පො‍රොත්තු වන අර­මුණු පිළි­බඳ මේ හිමියෝ කරුණු දක්වති.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මේ රටේ ජනා­ධි­ප­ති­ධු­ර­යට පත් වන්නේ සුවි­ශේෂ සන්ධි­ස්ථා­න­ය­ක­දීය. එක් අත­කින් ඇමෙ­රි­කානු ව්‍යාප්ත­වා­දය ශ්‍රී ලංකාවේ ස්වෛරී­ත්ව­යට තද ලෙස බල­පෑම් කර­මින් තිබිණි.‍ පසු­ගිය කාලය තුළ අස්සන් කිිරී­මට උත්සාහ ගන්නා ලද මිලේ­නි­යම් චැලේන්ජ් ගිවි­සුම එහි එක් දර්ශ­ක­යක් පමණි. තවත් අත­කින් ඇමෙ­රි­කාව ලොව යම් යම් රට­ව­ලට ඇතුළු වීමට භාවිත කරන මෙව­ල­මක් වන වහාබ් අන්ත­වා­දය ශ්‍රී ලංකාව ඇතු­ළත සක්‍රී­යව ක්‍රියා කර­ව­මින් 250කට වැඩි ජීවිත අහිමි කර තිබිණි.

2015 දී මහින්ද රාජ­පක්ෂ මහතා පරා­ජය වීමත් සමඟ රට තුළ බෙදු­ම්වා­දය සඳහා අවශ්‍ය ව්‍යවස්ථා වෙනස ආරම්භ වූයේය. බෙදු­ම්වා­දයේ ශ්‍රී ලංකාවේ නියෝ­ජි­ත­යන් හැටි­යට පෙනී සිටින ලාල් වි‍ජේනා­යක, සුම­න්ති­රම්, ජය­ම්පති වික්‍ර­ම­රත්න වැනි අය එක් වී පාර්ලි­මේ­න්තුව පවා නොමඟ යව­මින් මෙය ඉදි­රි­යට ගෙන එනු ලැබීය. ඒත් සම­ඟම එයින් කර­ගැ­නී­මට නොහැකි වූ ව්‍යවස්ථා ක්‍රියා­දා­මය 20 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය ඉදි­රි­පත් කර­මින් 13ට පණ දෙන බව පෙන්ව­මින් රට බෙදී­මද කර­ගෙන යනු ලැබීය.

මෙහිදී නිර­න්ත­ර­යෙන්ම ජන­තාව අත­රට ගෙන ආවේ සුළු සුළු වෙන­ස්කම් කිහි­ප­යක් සිදු කරන බවයි. එහෙත් මේ ‘සුළු සුළු වෙන­ස්කම්’ සමඟ බෙදු­ම්වාදී ගල් රෝල ලංකාව මතින් පිය නඟන සෙයක් දිස් විය. ඒ මඟින් ලංකාව දෙකඩ වීමට තිබූ අව­දා­නම පසු­ගිය අවු­රුදු පහ තුළම මාතෘ භූමි­යට එරෙ­හිව පැව­තිණි.

එමෙන්ම මහ බැංකු මංකො­ල්ල­යෙන් අන­තු­රුව රටේ ජන­තා­වගේ බදු වැඩි කර­මින් රට වැසි­යන් කබ­ලෙන් ළිපට ඇද දමන තත්ත්ව­ය­කට පත් විණි.

රණ­වි­රු­වන් දඟ­ගෙට යැවී­මට මෙන්ම ජිනීවා යෝජ­නා­ව­ලිය මඟින් ශ්‍රී ලංකා හමුදා යුද අප­රාධ කළා­ යැයි ලෝක­යට පෙන්වී­මට මංගල සම­ර­වීර තම අනු­ග්‍ර­හය යටතේ බර­ප­තළ අත­පෙ­වී­මක් සිදු කළේය.

ඒත් සම­ඟම ඉන්දීය ටෙලි­නා­ටක මෙරට රූප­වා­හි­නී­ව­ලට ‍ගෙන එමින් ඒ ඔස්සේ අප රටේ මොළ ශෝධ­නය කර­මින් ඉන්දීය උප සංස්කෘති මෙර­ටට ඇතුළු කර­ව­මින් විශාල සංස්කෘ­තික හෝදා පාළු­ව­කට ලක් කරනු ලැබීය. මේවා සම­හ­රක් රාජ්‍ය මැදි­හත් වීමෙන් මෙන් ම ව්‍යාපා­රි­ක­යන් මාර්ග­යෙන් ද සිදු කරනු ලැබිණි.

භික්ෂූන් වහන්සේ සිර­ගත කර­මින්, සිංහ­ල­යන්ගේ මූලි­ක­ත්වය නැති කරන තත්ත්ව­යක් දක්වා එය වර්ධ­නය වෙමින් පැව­තිණි. විශේ­ෂ­යෙන්ම මුහුදු මහා විහා­රය, ගුරු­කන්ද විහා­රය වැනි ස්ථාන­වල ඉඩ­ක­ඩම් අන්ත­වා­දීන්ට පව­ර­මින් ඒවා කොල්ල කන්න සැල­සිණි. මෙහි උග්‍රම අව­ස්ථාව වූයේ අප­වත් වී වදාළ හිමි­න­ම­කගේ දේහය තම විහාර භූමි­යේදී ආදා­හ­නය කිරී­මට නොහැකි තත්ත්ව­යක් උදා කිරී­මය.

ලේක්හ­වු­සිය, ජාතික රූප­වා­හි­නිය, ස්වාධීන රූප­වා­හි­නිය වැනි ආය­ත­නය යොදා­ග­නි­මින් මේ රටේ ජාති­ක­ත්වය ගොඩ­නැඟූ භික්ෂූන් වහ­න්සේට දැඩි ලෙස ප්‍රහාර එල්ල කර­මින් බොරු චෝදනා නඟ­න්නට වීය.

දව­සින් දවස මේ දේශ­පා­ල­නී­ක­ර­ණය මෙන්ම පලි ගැනීම් උග්‍ර වෙමින් සමා­ජය ඉතා නරක තැන­කට පැමි­ණි­යේය. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා බහු­තර සිංහල ඡන්ද­යෙන් හා අත­ළො­ස්සක් දේශ­ප්‍රේමී සුළු ජාතික ඡන්ද­යෙන් රටේ ජනා­ධි­පති බවට පත් වූයේ මෙවන් අව­ස්ථා­ව­ක­දීය.

දැන් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට තිබෙන අභි­යෝ­ගය තමා ජනා­ධි­පති ධුර­යට පත් කිරී­මට ඡන්දය දුන් හැට නව ලක්ෂ­ය­කට අධික ජන­තා­වගේ අභි­ලා­ෂ­යන් ඉටු කිරී­මයි; එමෙන් ම තමාට ඡන්දය නොදුන් පිරි­සද ඇතුළු සමස්ත ජන­තා­ව­ගේම ගෞර­වය සහ පක්ෂ­පා­ති­ත්වය රැක­ගෙන මේ රට යහ­පත් මාර්ග­යට ගෙන ඒමයි.

විශේ­ෂ­යෙන් භූගෝ­ලීය වශ­යෙන් රටේ ඒකීය භාවය ආරක්ෂා කර­ගැ­නීම ඉතා වැද­ගත්ය. මෙහිදී රටේ ඒකී­ය­භා­වය සුර­ක්ෂිත කර­ගෙන අනා­ග­තයේ එල්ල විය හැකි තර්ජන නැති කර­ගැ­නීම සඳහා වැද­ගත් වන කාරණ කිහි­ප­යක් පෙන්වා­දිය හැකියි.

දහ­නව වතා­වක් සංශෝ­ධ­නය වෙමින් විකෘත භාව­යට පත්ව ඇති මේ ව්‍යව­ස්ථාවේ දහ­තුන් වැනි සංශෝ­ධ­නය සහ දහ­නව වැනි සංශෝ­ධ­නය ඉවත් කිරී­මට කට­යුතු කිරීම මෙහිදී ඉතා වැද­ගත් කරු­ණකි.

යම් විධි­ය­කින් එලෙස ඉවත් කිරීම ගැට­ලු­වක් වේ නම් නව ව්‍යව­ස්ථා­වක් සකස් කළ යුතුය. එහිදී දහ­තුන් වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නයේ ඇති බෙදු­ම්වාදී ලක්ෂණ ඉවත් කළ යුතුය. එමෙන්ම ‘විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­යාගේ තටු කප­න­වාය’ කියන බෙදු­ම්වාදී එන්ජීඕ කල්ලි­ව­ලට රට පාල­නය කිරී­මට සලසා දුන් ඒ වැඩ­පි­ළි­වෙළ වෙනස් විය යුතුය.

ඡන්ද ක්‍රමය වෙනස් කර, මේ තිබෙන ක්‍රමය වෙනු­වට කොට්ඨාස ඡන්ද ක්‍රමය ඇති කිරී­මද ඉතා වැද­ගත්ය.

මේ අව­ස්ථාවේ සිය­යට හැට හතක් සිංහල ඡන්ද ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට ලැබීම විශේෂ සංසි­ද්ධි­යකි. මේ තත්ත්වය අපට හැමදා බලා­පො­රොත්තු විය නොහැ­කිය‍‍. එහෙ­යින් බහු­තර සිංහල ජන­තා­වගේ අභි­ම­තා­ර්ථය ඉටු නොවන පරිදි සකස් කර ඇති මේ ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුය.

ජාතික සම­ඟිය ආරක්ෂා කර­ගැ­නී­මේදී වැද­ගත්ම කරුණ නම් අන්ත­වාදී නාය­ක­යන්ට දේශ­පා­ලන කප්පම් දීම නැවැ­ත්විය යුතු බවයි. එය මින් ඉදි­රි­යට සිදු නොවිය යුතුයි.

සුළු ජාතීන් මේ වන විට පසු වන්නේ අන්ත­වාදී දේශ­පා­ල­න­ඥ­යන්ගේ අත්අ­ඩං­ගු­වේය. මෙයද වහා වෙනස් කළ යුතුය. කිසිම සුළු ජාතික සාමාන්‍ය මනු­ෂ්‍ය­යකු බෙදු­ම්වා­දය අනු­මත කරන්නේ නැත. ඔවුන් ඉල්ලන්නේ තමන්ට ජීවත් වීමට සුදුසු අවශ්‍ය පරි­ස­ර­යකි. ඔවුන් දැනට සිටින මාන­සි­ක­ත්ව­යෙන් මුදා­ගත හැක්කේ යුද්ධය අව­සන් කර ඔවුන්ට ජීවත් වීමේ අයි­තිය සහ­තික කර දුන්නා සේම ඒ ප්‍රදේ­ශ­වල ගම­නා­ග­මන පහ­සු­කම්, ගොවි­තැ­නට අවශ්‍ය කරන පහ­සු­කම්, ජලය, ඔවුන්ගේ කෘෂි නිෂ්පා­ද­න­ව­ලට සාධා­රණ මිලක්, වෙනත් නිෂ්පා­දන තාක්ෂ­ණය වැනි දේ සැල­සීම මඟින් පමණි.

අප භික්ෂූන් වහන්සේ විසින් ඉදි­රි­පත් කළ ‘සම්මු­තියේ මාලි­මාව’ යන වැඩ­ස­ට­හනේ මේ සියලු කරුණු පැහැ­දි­ලිව ඉදි­රි­පත් කර ඇත.

කිසිදු සොයා බැලී­ම­කින් තොරව මේ ර‍ටට සර­ණා­ග­ත­යන් ගෙන ඒම සම්පූ­ර්ණ­යෙන් නතර කළ යුතුයි. මෙය වළ­ක්වා­ලීම සඳහා ආග­මන විග­මන නීති සකස් කළ යුතු අතර, ඔවුන් ලියා­ප­දිංචි කිරීම සිදු කරන කූට ව්‍යාපාර වහා නැවැ­ත්විය යුතුය.

අහි­ත­කර ගිවි­සුම් රැසක් මඟින් ඉකුත් කාලය තුළ මේ රට අරා­ජික කර­මින් පසු­ප­සට ගෙන යනු ලැබීය. එම­ඟින් රටේ ඒකීය භාවය හා ස්වාධි­ප­ත්‍යය ගිලිහී යෑමට කට­යුතු සිදු විය; දේශීය ආර්ථි­කය සූරා­කෑ­මට ලක් කෙරිණි; විදේශ සමා­ග­ම්ව­ලට මෙරට සම්පත් අත්පත් කර­ගැ­නී­මට ඉඩ සැල­සිණි‍. මේ සියල්ල ක්‍රියා­ත්මක වීමේ ඉඩ-කඩ වසා­දැ­මීමේ වග­කීම ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට පැවරී තිබේ.

පුරා­විද්‍යා ස්ථාන, ආග­මික ස්ථාන මංකොල්ල කමින්, විනාශ කර­මින්, බහු­තර සිංහල සංස්කෘ­ති­යට මෙන්ම ඉති­හා­ස­යට සිදු කරන මහා අනර්ථ බල­පෑම නතර කිරී­මද මේ මොහොතේ ජනා­ධි­ප­ති­ව­ර­යාට පැවරී ඇති වග­කී­මකි.

සංවි­ධා­නා­ත්මක කල්ලි මඟින් බුදු­ද­හ­මට සිදු කරන විනා­ශය, අසත්‍ය ප්‍රකාශ, බුදු දහම විකෘති කිරීම්, බෞද්ධ සංස්කෘ­ති­යට එල්ල කරන නොයෙක් ප්‍රහාර, සත්ත්ව අහිං­සා­වාදී සංවි­ධාන නමින් ඇති රාජ්‍ය නොවන සංවි­ධාන බෞද්ධ පෙර­හ­ර­වල අලි ගෙන යෑම වළ­ක්වා­ලී­මට උත්සාහ දැරීම වැනි අභි‍යෝ­ග­ව­ලින් බුද්ධ ශාස­නය බේරා­ගැ­නී­ම­ටද රාජ­පක්ෂ මහ­තාට සිදු වී තිබේ.

පසු­ගි­යදා වහාබ් අන්ත­වා­දීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලා­වෙන් පසු මුස්ලිම් පල්ලි­යක් පල්ලි­යක් ගානේ කඩු, කිනිසි ඇතුළු නොයෙක් තියුණු ආයුධ සොයා ගැනිණි; නිවා­ස­ව­ලින් පවා බෝම්බ සොයා­ගනු ලැබිණි; පුද්ග­ලයෝ රැසක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූහ. එහෙත් ඔවුහු වහා නිද­හස් කරනු ලැබූහ. ඒ නිසා මේ අන්ත­වා­දීන් පුන­රු­ත්ථා­ප­නය කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ යුතුය. මෙය ඉක්ම­නින් සිදු නොවුණ හොත් ඔවුන් නැවත සංවි­ධා­න­ගත වී ඉදි­රි­යේදී මීට වඩා බර­ප­තළ විනා­ශ­යක් සිද්ධ කිරී­මට ඉඩ තිබේ‍. මේ අන්ත­වා­දීන්ට උදවු-උප­කාර කළ, ඒ සඳහා උඩ­ගෙඩි දුන් දේශ­පා­ල­න­ඥ­යන්ගේ තරා­ති­රම නොබලා නීතිය ක්‍රියා­ත්මක කළ යුතුය.

ඉකුත් කාලයේ රට පුරා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම ශීඝ්‍ර­යෙන් සිදු විය. ඒ නිසා අව­ශ්‍ය­යෙන්ම මත්කුඩු, මත්පෙති වැනි මත්ද්‍රව්‍ය දුර­ලීම සඳහා ගුවන් තොටු­පොළ, වරාය හා රේගුව ඒකා­බද්ධ ආර­ක්ෂක ක්‍රම­වේ­ද­යක් වහා ක්‍රියා­ත්මක විය යුතුය.

සිංහ­ලයා වඳ කිරීම සඳහා සැල­සුම් සහ­ගත සූක්ෂ්ම වැඩ­පි­ළි­වෙ­ළක් කලක් තිස්සේ ක්‍රියා­ත්මක වෙමින් තිබේ. මේවා­යින් සමා­ජය ගල­වා­ගැ­නීමේ නීති-රීති ක්‍රියා­ත්මක කිරීම ඉතා වැද­ගත්ය.

සමස්ත රට පුරා එක් නීති­යක් ක්‍රියා­ත්මක කළ යුතුයි. එය පුද්ග­ල­යා­ගෙන් පුද්ග­ල­යාට හෝ ප්‍රදේ­ශ­යෙන් ප්‍රදේ­ශ­යට හෝ වෙනස් වීමට ඉඩ නොති­බිය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන මේ සියලු ජන­ව­ර්ග­ව­ලට කිසිදු භේද­ය­කින් තොර ශ්‍රී ලංකා­වක ජීවත් වීමේ පරි­ස­රය නිර්මා­ණය කිරීම ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ වග­කී­මයි.

Comments