නීතිය වල්වැ­දිලා තිබුණේ පසු­ගිය ආණ්ඩු කාලේ | සිළුමිණ

නීතිය වල්වැ­දිලා තිබුණේ පසු­ගිය ආණ්ඩු කාලේ

 ඔබට පැවැරී ඇති ඇමැති ධූර­යට අදාළව සියලු වැවිලි ක්ෂේත්‍ර­යන්හි මේ වන විට අර්බුද මතු­වෙලා තිය­නවා නේද?

තේ, රබර්, පොල්, කුරුදු, සාදික්කා, වසා­වාසි මේ යටතේ තියෙ­නවා. තේ කර්මා­න්තය විශාල අර්බුද ගණ­නා­ව­කට ලක්වෙලා තියෙ­නවා. ඒකට ප්‍රධා­න­තම කාර­ණාව නිෂ්පා­ද­නය අඩු වීම. ඒ හරහා ගොවියා විශාල අප­හා­සු­තා­ව­කට පත්වෙලා තියෙ­නවා. විශේ­ෂ­යෙන් නිෂ්පා­ද­නය අඩු වීම නිසා කර්මාන්ත ශාලා අතර තර­ග­කාරී තත්ත්ව­යක් ඇති­වෙලා තියෙ­නවා. ඒ තර­ගය නිසා කර්මාන්ත ශාලා විශාල ප්‍රමා­ණ­යක් අර්බු­ද­ය­කට ලක් වෙලා තියෙන‍වා. ඒ නිසාම ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉතා නරක අත­කට හැරිලා තිය­නවා. ඒනිසා තේවල ඵල­දා­යි­තාව ඉතා අඩු වෙලා තියෙ­නවා. අද වන­විට අක්ක­ර­යක කිලෝ ග්‍රෑම් 350 පමණ අඩු තත්ත්ව­ය­කට පත්වෙලා තියෙ­නවා. එය උප­රිම දක්වා වැඩි කළ හැකියි. කිලෝ ග්‍රෑම් 1500 ක් පමණ දක්වා වැඩි කර­න්නට හැකි වෙනවා. අපි අමා­ත්‍යං­ශය හැටි­යට ඒ සම්බ­න්ධ­යෙන් වැඩ­පි­ළි­වෙ­ලක් ක්‍රියා­ත්මක කිරී­මට අපේක්ෂා කරන අතර ගොවියා දිරි­මත් කිරී­මට කට­යුතු කර­නවා. නොමිලේ පැළ රාශි­යක් ලබා දීමට කට­යුතු කර­නවා. ලබන වසර වන විට ඒ කට­යුතු සිද්ධ කර­නවා. සාර්ථක වැවිලි ක්‍රම හඳුන්වා දීම වැනි ව්‍යාපෘති රාශි­යක් ඒ වෙනු­වෙන් ඉදි­රි­යේදි කිරී­මට සැල­සුම් කර තියෙ­නවා. ඒ වගේම අප­න­යන තත්ත්වය පුළුල් කිරී­මට කට­යුතු කර­නවා. එමෙන්ම දැනට රබර් කිරි නොක­පන ඉඩම් රාශි­යක් තියෙ­නවා; ප්‍රමා­ණ­වත් මිලක් නොලැ­බෙන නිසා. ඉදි­රි­යේදී අපි කර්මා­න්ත­ක­රු­වන් සමඟ සාකච්ඡා කරලා ගොවියා සහ කර්මා­න්ත­ක­රුවා අතර සම­තු­ලිත භාව­යක් ඇති­වන ආකා­ර­යට ලාබාංශ බෙදී යන ආකා­ර­යෙන් ගොවියා දිරි­මත් කිරී­මට කට­යුතු කර­නවා. අපේ රජය අප­න­යන වෙළෙ­ද­පොළ පුළුල් කර­නවා; වගේම ගොවියා ආරක්ෂා කරන වැඩ­පි­ළි­වෙ­ලක් ඉදි­රි­යේදි නොව­ළහා ඉඩු කර­නවා.

ඔබ සඳ­හන් කර තිබුණා, මේ නව රජය යටතේ අඩු අධ්‍යා­ප­නික සුදු­සු­කම් ඇති තරුණ තරු­ණි­යන්ට රැකියා ලක්ෂ­යක් දීමට අපෙ­ක්ෂා­වෙන් බහු­කාර්ය සාධක බල­කා­යක් රජයේ දෙපා­ර්ත­මේ­න්තු­වක් ලෙස ස්ථාපිත කිරී­මට කට­යුතු කර­නවා නේද?

මෙය ජාතික වැඩ­පි­ළි­වෙ­ලක් ලෙසයි ක්‍රියා­ත්මක වෙන්නේ. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ සංක­ල්ප­යක් ය‍ටතේයි මෙය ක්‍රියා­ත්මක වෙන්නේ. සමස්ත රජයේ කාර්යය භාර­යක් ලෙසයි මෙය ක්‍රියා­ත්මක වෙන්නේ. අඩු­ආ­දා­යම් සහිත පවුල් වල ජන­තා­වගේ සාමාන්‍ය පෙළ දක්වා උගත් දරු­ව­න්ටයි මේ බල­කාය මුලින් ආරම්භ කරන්නේ. ඉන් පසුව විවිධ අංශ­ව­ලින් වැවිලි කර්මාන්ත ‍ක්ෂේත්‍රයේ, කෘෂි­ක­ර්මාන්ත ක්ෂේත්‍රයේ, ප්‍රවා­හන ක්ෂේත්‍රයේ කරුණු කාරණා ඉදි­කි­රීමේ ක්ෂේත්‍ර­වල විවිධ පුළුල් පරාස වල පුහු­ණුව ලබා­දෙ­නවා; මේ කරුණු කාරණා රාශි­යක පුහු­ණුව ලබා­දෙ­නවා. මේ බඳවා ගන්නා අය පසුව රජයේ ආය­ත­න­වල පුර­ප්පාඩු සදහා බඳවා ගන්නට කට­යුතු කර­නවා. මේ බඳවා ගැනීම සිදු­වන්නේ ඒ පුහු­ණුව හර­හායි.

මේවන විට රට පුරා විශාල අර්බු­ද­යක් බවට පත්වෙලා තියෙන සහල්, එළ­වළු මිල වගේම ලූනු මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙ­නවා. පාලන මිලක් නියම කර තිබු­ණත් පාලන මිලට සහල් ‍තවමත් වෙළ­ඳ­පොලේ නැහැ. මේ සඳහා රජ­යක් හැටි­යට ගෙන ඇති පිය­වර කෙබදු ද?

පාරි­භෝ­ගි­ක‍ ­සේවා අධි­කාරිය මේ සම්බ­න්ධ­යෙන් දැඩි ක්‍රියා මාර්ග රැසක් ‍ගැනීමට තීර­ණය කර තියෙ­නවා. මේ සම්බ­න්ධ­යෙන් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ඍජු මැදි­හත් වීමක් ‍තියෙනවා. වී තොග සඟ­වා­ගෙන සිටින ගොවී­න්ටත් විරු­ද්ධව නීතිය ක්‍රියා­ත්මක කර­නවා. ඊට අම­ත­රව හාල් මිල අඩු නොවෙ­නවා නම් පිට­ර­ටින් හාල් ගෙන ඒමට කට­යුතු කර­නවා. ඒ වගේම එළ­වළු මිල වැඩි වීමට හේතුව පසු­ගිය දින­වල තිබුණ අඛණ්ඩ වර්ෂා­ප­ත­න­යයි. මේ කාලය පිළි­බඳ ව ගැට­ලු­වක් මතු වෙනවා. උත්සව සමය නිසා ඒ පිළි­බඳ ව සැල­කි­ලි­මත් වෙන්න කියලා පාරි­භෝ­ගික අධි­කා­රි­යට උප­දෙස් ලබා දී තියෙ­නවා. තාව­කා­ලික වික­ල්ප­යක් ලෙස අඩු තීරු ගාස්තු සහි­තව පාන්පිටි ආන­ය­නය කර­න්නට අව­සර ලබා දී තියෙ­නවා. අපි බලා­පො­රොත්තු වෙනවා ‍ගොවියා ආරක්ෂා කර­නවා සේම පාර­භෝ­ගි­ක­යන්ට සහන ලබාදීමට. අත­ර­මැ­දි­යන් පිළි­බඳ කාර­ණාව සාර්ථ­කව පාල­නය කළ යුතුයි කියන කාර­ණාවේ අපි තරයේ ඉන්න‍වා. පසු­ගිය කාල‍යේ මේ රටේ නිෂ්පා­දන පහළ වැටිලා තියෙ­නවා. පොහොර නැති­වීමේ ඒව­ගේම කෘෂි­ක­ර්මා­න්තය අඩාල කිරී­මට කට­යුතු කිරීම සහ ගොවි­යාට අත හිත නොදීම වැනි කාරණා නිසා මේ තත්ත්වය උද්ගත වෙලා තියෙ­නවා. ලබන වසර වෙන විට අනි­වා­ර්යෙන් ම දේශිය ආර්ථි­කය ශක්ති­මත් වෙන බවට අපි සහ­තික වෙනවා. ගොවි ජන­තා­වට සහ පාරි­භෝ­ගික ජන­තා­වට ඉතා හොඳ තත්ත්ව­යක් ඇති­වෙයි කියලා.

මේ වන විට රටේ නීතිය නොස­ලකා හරින තත්ත්ව­ය­කට පත් වෙලා තියෙ­නවා කියලා රජ­යට විප­ක්ෂ­යෙන් චෝද­නා­වක් තියෙ­නවා නේද?

නීතිය වල් වැදිලා තිබුණේ පසු­ගිය ආණ්ඩුව කාලයේ. නීති­යට අනු­ග­තව තමයි අපි ක්‍රියා කරන්නේ. නීති­යට අනු­ග­තව කට­යුතු කරන නිසා නීති­යට බල­පෑම් කරන්න අපි කට­යුතු කරන්නේ නැහැ. ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව යටතේ නීතිය ක්‍රියා­ත්මක වෙනවා. අපි ඒ කිසිදු ආය­ත­න­ය­කට ඇඟිලි ගහන්නේ නැහැ.

විග්නේෂ්ව­රන් හිටපු උතුරු පළාත් මහ ඇම­ති­ව­රයා ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවේ ලෙස කළ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් නීතිය ක්‍රියා­ත්මක විය යුතුයි කියලා මහ සංඝ රත්නය ප්‍රකාශ කර­නවා.. ‍

ඇත්ත­ටම එවැනි ප්‍රකාශ පිළි­බඳ ව අපි එත­රම් කල­බල විය යුතු නැහැ. ජන­තාව ප්‍රකෝප කර­ගෙන නැව­තත් මේ රටේ අන්ත­වාදි තත්ත්ව­යන් ඇති කර­ගැ­නී­මට, ජාති­වා­දය පැති­ර­වී­මට උත්සාහ කරන බවයි පේන්නේ. අපි ඒ සම්බ­න්ධ­යෙන් කල­බල විය­යුතු නැහැ. අන­වශ්‍ය විදි­හට අපි කල­බල විය යුතු නැහැ. අපි කළ­බල විය යුතු නැහැ. රට පද­නම් කර­ගෙන අපි අපේ ජාතික වැඩ­පි­ළි­වෙල ඉදි­රි­යට ගෙන යා යුතුයි.

සුදු­වෑන් සංස්කෘ­තිය සම්බ­න්ධ­යෙන් පසු­ගිය ජනා­ධි­පති මැති­ව­රණ සම­යේදි ම පොදු ජන පෙර­මුණු දෙසට චෝදනා එල්ල වුණත් අද වන විට එය පසු­ගිය රජයේ හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක් දෙසට යොමු­වෙලා තියෙ­නවා නේද? මොකක්ද මේ සම්බ­න්ධ­යෙන් ඔබේ අද­හස?

පසු­ගිය රජ­යෙ‍ ­සිටි ඒ ඇමැ­ති­ව­රයා කට­යුතු කළ ආකා­රය සහ එ් පුද්ග­ල­යන් දෙදෙනා පිළි­බඳ ව දැන­ට­මත් අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පරි­ක්ෂණ ආරම්භ කර තිබෙ­නවා. පැහැ­දි­ලි­වම මේ දේවල් බොරු බව දැන­ට­මත් ‍ඔප්පු වෙලා තියෙ­නවා. ජන­තාව සුදු වෑන් සංස්කෘ­තියේ නිර්මා­තෘ­ව­රුන් ඉන්නේ අපේ පාර්ශ්වයේ නොවන බව හැම­දා­මත් දැන­ගෙන හිටියා. ඒ වගේම මේ චෝද­නා­වට ලක්වන ඇමැ­ති­ව­රයා කියන දේවල්, කරන දේවල් සත්‍ය නොවන බව ජන­තාව දැන­ගෙන හිටි නිසා ඔහුව විස්වාස කළේ නැහැ.

රාජ්‍ය දේපොල විකු­ණන්නේ නැහැ කියන පොරොන්දු මේ ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට පෙර මැති­ව­රණ වේදි­කා­වල නිතර කතා කළත් මත්තල ගුව­න්තොටු පල විදේශ සමා­ග­ම­කට පැවැ­රීමේ සුදා­න­මක් තියෙන බවට ඇතැ­මුන් චෝදනා කර­නවා.?

එසේ කිසිදු සාක­ච්ඡා­වක් සිදු­වෙලා නැහැ. උප­රිම ආකා­ර­යෙන් රාජ්‍ය දේපොළ ආරක්ෂා කර­මින් අපි සංව­ර්ධන වැඩ­පි­ළි­වෙල ක්‍රියාත්ම කළත් අපි කිසිදු දෙපො­ළක් විකුණා දමන්න පිඹුරු පත් සකස් කරන්නේ නැහැ.

රාජ්‍ය ආය­ත­න­ව­ලට නිල­ධාරි පත් කිරී­මට සම්බ­න්ධ­යෙන් යම් මණ්ඩ­ල­යක් මගින් සිදු කිරී­මට පිය­වර ගෙන තිබීම ප්‍රායෝ­ගි­කයි කියලා ඔබ හිත­න­වාද ?

එය ‍ඉතා හොඳ ක්‍රියා­මා­ර්ග­යක් කියලා ජන­තාව පව­ස­නවා. පසු­ගිය කාලයේ රාජ්‍ය ආය­ත­න­ව­ලට නිල­ධා­රීන් පත් කරපු ආකා­රය අපි දැක්කා. ඒ නිසා මෙය හොඳ ප්‍රායෝ­ගික වැඩ­පි­ළි­වෙ­ලක් ලෙසයි මම දකින්නේ. සුදු­සු­කම් තියෙන පුද්ග­ල­යන් ඒ සම්බ­න්ධ­යෙන් තෝරා පත් කර­ග­නි­මින් වැඩ­පි­ළි­වෙල කර­ගෙන යෑමට කට­යුතු කර­නවා. පසු­ගිය කාලය පුරා රාජ්‍ය සේවයේ තිබුණ අඩු­පා­ඩු­කම් රාශි­යක් මේ මගින් මඟ හරවා ගන්නට පුළු­වන්. සිය­යට සිය­යම බැරි වුණත් යම් ප්‍රමා­ණ­යක් සාර්ථක කර­ගැ­නී­මට හැකි­යාව ලැබෙවි යැයි සිත­නවා.

රාජ්‍ය ආය­ත­න­ව­ලට මේ වන­විට නිල­ධා­රීන් පත් කිරී­මේ­දීත් හිටපු හමුදා නිල­ධා­රීන් පත් කිරීමේ ක්‍රම­වේ­දය හරහා මිලි­ට­රි­ක­ර­ණය කරා රට­ගෙන යන බව විපක්ෂයේ ඇතැ­මුන් සඳ­හන් කර­නවා?

ඔවුන් විනය ගරුක උගත් නිල­ධා­රීන් නිසා; ඔවුන් නිර­තව සිටි හමුදා සේවය අම­තර සුදු­සු­ක­මක් පම­ණයි. විනය ගරුක භාවය සමා­ජ­යට එන්නත් කිරී­මට මේ ක්‍රම­වේ­දය අනු­ග­ම­නය ඉතා හොඳ පිය­ව­රක්

එම්.සී.සී. ගිවි­සුම සම්බ­න්ධ­යෙන් පසු­ගිය ජනා­ධි­පති මැති­ව­රණ සම­යේදි පොදු ජන පෙර­මුණේ දැඩි විවේ­ච­න­යට ලක්වුණා. එය අව­ලංගු කරන බවට පැවැ­සු­වත් මේවන විට ඒ සම්බ­න්ධ­යෙන් සලකා බල­න්නට කට­යුතු කරමින් ති‍බෙන බවට සමාජය යම් කතාබහකට ලක්වෙලා තියෙනවා...?

වග­කි­ව­යුතු ආණ්ඩුව ලෙස කිව­යු­තුයි අපි මේ වන විට මිලේ­නි­යම් චැලෙන්ජ් කෝප­රේ­ෂන් සම්බ­න්ධ­යෙන් සියලු වැඩ­ක‍ට­යුතු අත්හි­ට­වලා තියෙ­නවා. මේ වන­විට ඒ සම්බ­න්ධ­යෙන් අදාළ පරි­ක්ෂණ කට­යුතු කරන්න කමි­ටු­වක් පත් කර තිබෙ­නවා.

අර්ජුන මහේ­න්ද්‍රන් ලංකා­වට ගෙන්වී­මට කට­යුතු කර නීතිය ක්‍රියා­ත්මක කරන්න කියලා පසු­ගිය කාලය පුරා හඬ නැඟු­වත්; මේවන විට ඒ සම්බ­න්ධ­යෙන් නිහ­ඬ­තා­වක් දකි­න්නට ලැබෙ­නවා කියලා ඇතැම් පිරිස් කිය­නවා.

හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා සිංග­ප්පූරු රජ­යෙන් ඉල්ලී­මක් කර තියෙ­නවා ඔහුව රටින් පිටු­ව­හල් කරන්න කියලා. සිංග­ප්පූරු රජයේ නීති­පති දෙපා­ර්ත­මේන්තුවේ තීන්දුව තව සති දෙක­කින් ලැබෙ­නවා. ඉන්ප­සු­වයි අපිට ඒ සම්බ­න්ධ­යෙන් කට­යතු කර­න්නට සිදු­වෙන්නේ. මේ සම්බ­න්ධ­යෙන් නිත්‍යා­නු­කූල දැනු­වත් කිරී­මෙන් අන­තු­රුව නීතිය ක්‍රියා­ත්මක වෙයි.

ඉදි­රි­යේදී එජාප පුළුල් සන්ධා­න­යක් ගොඩ­න­ඟන බවත්; ඒ සඳහා ජවිපෙ ට ආරා­ධනා කරන බවත් බවත් ඔවුන් ප්‍රකාශ කර­නවා?

එකට එකතු වෙලා තමයි මේ අය දේශ­පා­ල­නය කළේ. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මේ අය එකතු වීමක් සිදු වුවත් එය අරු­ම­යක් නොවෙයි.

Comments