මේ දෙගොල්ල අද රට අගා­ධ­ය­කට ඇද දාලා | සිළුමිණ

මේ දෙගොල්ල අද රට අගා­ධ­ය­කට ඇද දාලා

 

රට තුළ දේශ­පා­ලන හා සමා­ජීය කැල­ඹී­මක් තිබෙ­නවා. මොකක්ද මේ වෙන්නේ ඇත්ත­ටම?

රටේ අද ඇති වුණු තත්ත්ව­යක් නොවෙයි මේක. දේශ­පා­ල­නික වශ­යෙන් යහ­පා­ලන රජය බිහි වීමත් සම­ඟම මේ රට දැඩි අස්ථා­වර තත්ත්ව­ය­කට පත් වුණා. ඒ නිසා අද ජන­තාව දැඩි අප­හ­සු­තා­ව­කට පත් වෙලා තිබෙ­නවා. ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා සහ අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රමුඛ මැති ඇමැ­ති­ව­රුන් මේ රට දැඩි අස්ථා­වර තත්ත්ව­ය­කට ඇද දැම්මා කියන එක ඕනෑම අයෙ­කුට තේරුම් යනවා. මේ බැව් ජන­තාව ඉතා හොඳින් තේරුම් ගෙන තිබෙ­නවා මේ වන­විට.

රට අස්ථා­වර වීමට ප්‍රධාන ලෙසම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වග­කි­ව­යුතු වෙනවා. මේ පක්ෂ දෙක තුළ බිඳ වැටීම් රැසක් ඇති වෙලා තිබෙ­නවා. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය දන්නේ නැහැ ඔවුන් මොන­වද කළ යුත්තේ සහ කරන්නේ කියන එක. ජන­තා­වට පැහැ­දි­ලිව කියන්න ඕනෑ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසු මේ සියල්ල විසඳී රටට යහ­පත් කල දසා­වක් උදා­ව­නවා කියන එක.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ නාය­ක­ත්ව­යෙන් යුත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය බිඳ වැටී ඇති බව ඔබ ප්‍රකාශ කර­නවා. එවැනි පක්ෂ­යක සහාය ඇයි පොදු­ජන පෙර­මුණ බලා­පො­රොත්තු ‍වන්නේ?

ඇත්ත­ටම මේ රටේ ජ්‍යෙෂ්ඨ නාය­ක­යන් බිහි කරපු නිර්ධන පන්තිය නියෝ­ජ­නය කරපු ශ්‍රී ලංකා පක්ෂය තමයි අද මෙලෙස බිඳ වැටිලා තිබෙන්නේ. මේ පක්ෂය අද දුර්වල තත්ත්ව­ය­කට පත් වුණත් එදා සෑහෙන පිරි­සක් නියෝ­ජ­නය කළ පක්ෂ­යක්. මේ පක්ෂය මෙලෙස දුර්වල වීමට වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ක්‍රියා කලා­පය ඍජුව බල­පෑවා කියන එක පැහැ­දි­ලිව කිව යුතුයි.

අපි දිගින් දිග­ටම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සමඟ සාකච්ඡා කිරී­මට හේතුව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ගෙන එන ප්‍රති­ප­ත්ති­ව­ලට කැමැති පිරි­සක් සහ ජන­තා­වක් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ තව­මත් සිටී­මයි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සහ පොදු­ජන පෙර­මුණ අතර සිදු කෙරෙන සාකච්ඡා සාර්ථක නැහැ. දිනෙන් දින දිග් ගැස්සෙ­නවා. ඇයි එක­ඟ­තා­ව­ය­කට පැමි­ණී­මට නොහැ­කිවී තිබෙන්නේ?

ඇත්ත­ටම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ කිහිප දෙනෙකු තමන්ගේ පෞද්ග­ලික මත මෙන් ම වුව­ම­නාව වෙනු­වෙන් ක්‍රියා කර­නවා කියන එක මගේ මත­යයි. ඒත් ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් අප සමඟ එක ගම­නක් යෑමට මේ රට මේ තත්ත්ව­යෙන් ගලවා ගැනීම සඳහා උත්සාහ කරන පිරි­සට අපි අව­ස්ථාව දිය යුතුයි අප සමඟ එක්වී­මට. කෙසේ හෝ අප උත්සාහ කරන්නේ ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් එක වේදි­කා­ව­කට පැමි­ණී­ම­ටයි.

දිනෙන් දින රටේ ආර්ථි­කය කඩා වැටෙ­මින් මේ රට දුප්පත් වෙමින් තිබෙ­නවා. ‍ඔබ ඇතුළු සියලු දේශ­පා­ල­න­ඥ­යන් මැති­ව­රණ පැවැ­ත්වී­මට උත්සාහ ගන්නවා. ඒ වෙනු­වෙන් පම­ණක් ක්‍රියා කර­නවා. මේක සාධා­ර­ණ­යිද?

ජනා­ධි­ප­ති­ව­ර­ණය නිය­මිත කාල­යට පැවැ­ත්විය යුතුයි. අනෙක මේ අස්ථා­වර තත්ත්ව­යෙන් රට ගොඩ ගැනී­මට නම් පාලන බලය වෙනස් කළ යුතු බවට ජනතා මතය ගොඩ නැඟී තිබෙ­නවා. ජන­තාව පළාත් පාලන මැති­ව­ර­ණ­යක්, මහ මැති­ව­ර­ණ­යක් අවශ්‍ය බව ප්‍රකාශ කරන්නේ මේ නිසයි.

වර්ත­මාන ආණ්ඩුව මැති­ව­ර­ණ­ව­ලට බයයි. ඔවුන් මැති­ව­රණ අකුළා ගත් ආණ්ඩු­වක් ඔවුන් සියලු මැති­ව­රණ කල් දමන්නේ ඔවුන් පරා­ජය වන බව ස්ථිර­වම දන්න නිසායි. ආණ්ඩුව මැති­ව­ර­ණ­ය­කට බයයි. ඒත් ජන­තා­වට මැති­ව­ර­ණ­යක් අව­ශ්‍යයි. දිගින් දිග­ටම මැති­ව­රණ කල් දැමූ ආණ්ඩු­වට තව­දු­ර­ටත් එසේ කළ නොහැකි නිසා අද මැති­ව­රණ තියන්න සිදු­වෙලා තිබෙ­නවා.

මේ වන­විට එක්සත් ජාතික පක්ෂ­යට ජනා­ධි­පති ධූර අපේ­ක්ෂ­ක­යකු තෝරා ගැනී­මට නොහැකි තත්ත්ව­යක් ‍උද්ගත වී තිබෙ­නවා. විප­ක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු හැටි­යට ඔබ මේ තත්ත්වය දකින්නේ කෙසේද?

ඇත්ත­ටම එක්සත් ජාතික පක්ෂයේ නාය­ක­ත්වය කඩා වැටිලා නැහැ. වසර විසි පහක කාල­යක් රනිල් වික්‍ර­ම­සිංහ මහතා එම නාය­ක­ත්වයේ හොඳින් වාඩි වී සිටි­නවා. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් කරන පක්ෂයේ නියෝ­ජි­තයා සම්බ­න්ධ­වයි මේ ගැටලු සහ­ගත තත්ත්වය වේග­වත් වී තිබෙන්නේ.

රනිල් වික්‍ර­ම­සිංහ, කරු ජය­සූ­රිය සහ සජිත් ප්‍රේම­දාස යන තුන් කට්ටුව වටා පක්ෂයේ අනෙ­කුත් සාමා­ජි­ක­යින් බෙදී වෙන්වී සිටි­නවා. මේ පුද්ග­ල­යන් තිදෙ­නාම මේ සඳහා සුදුසු නැතැයි කියලා මම නොබි­යව ප්‍රකාශ කර­නවා. ඊට හේතුව තමයි මහ බැංකු මංකො­ල්ලය වෙනු­වෙන් මේ කිසි ම අයෙකු ඉදි­රි­පත් වී හොරු ඇල්ලුවේ නැහැ.

මේ රටට මෑත ඉති­හා­සයේ සිදු වූ දරු­ණු­තම කඩා වැටී­මට හේතුව එයයි. අද සජිත් ප්‍රේම­දාස මහතා කිඹුල් කඳුළු හෙළ­මින් රණ­වි­රු­වන් ගැන කතා කර­නවා. ඔහුගේ ආණ්ඩුව රණ­වි­රු­වන් සිර­ගත කළා. අද එජා­පය එජා­පයේ නාය­ක­යන් සංඝ­ර­ත්නය ගැන කතා කර­නවා. එහෙත් හාමු­දු­රු­වන්ට පහර දෙන කොට, සිර­ගත කරන කොට මේ අය ඊට එරෙ­හිව කිසිදු පිය­ව­රක් ගත්තේ නැහැ.

1977 ඉඳ­ලම එක්සත් ජාතික පක්ෂය මේ රටට ද්‍රෝහි­කම් කර­මින් මේ රට විනාශ කර දමන ආර්ථි­ක­යක් ක්‍රියා­ත්මක කළේ. මේ නිසා මොවුන්ට මේ රටේ දේශ­පා­ලන බලය හිමි­විය යුතු නැහැ.

පොහො­ට්ටුව තමන්ගේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ප්‍රකා­ශ­යට පත් කිරීම කල් වැඩි බව ඇත­මුන්ගේ මතය වී තිබෙ­නවා. මේක ඇත්තක්ද?

ඇත්ත­ටම එහෙම නැහැ. කල් වැඩි වීමක් කොහො­ම­වත් නැහැ. අපි බොහොම පැහැ­දි­ලිව ඉතා නිර­වුල්ව තමයි අපේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ගෙන එන්නේ.

දැවැන්ත දේශ­පා­ලන ගම­නක් ආරම්භ කර­මින් තමයි මේ ගමන පැමි­ණියේ. මේ රටේ කෘෂි කාර්මි­ක­යන්, ගුරු­ව­රුන්, රජයේ සේව­ක­යන්, ඇතුළු සෑම වෘත්ති­ය­කම කට­යුතු කරන මේ රටට ආද­රය කරන කණ්ඩා­යම් සමඟ නොයෙක් සංවා­ද­වල නියැ­ළෙ­මින්. රටට අවශ්‍ය හොඳ ප්‍රති­ප­ත්ති­මය කරුණු පිළි­බඳ සාකච්ඡා කර­මින් තමයි මේ ගමන පැමි­ණියේ. නිසැක වශ­යෙන් ම ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජය­ග්‍ර­හ­ණය කරන බව නිහ­ත­මා­නීව ප්‍රකාශ කිරී­මට කැමැ­තියි.

Comments