මහි­න්දලා දෙන්නා­ ගෙන් අලුත් අයට පන්තියක් | සිළුමිණ

මහි­න්දලා දෙන්නා­ ගෙන් අලුත් අයට පන්තියක්

නා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් බෞද්ධ උප­දේ­ශක සභාවේ පස්වන සභා­වා­රය ඉකුත් 21 දා පැවැ­ත්විණ. ජනා­ධි­පති කාර්යා­ල­යේදී පැවැති මෙම රැස්වී­මට බෞද්ධ උප­දේ­ශක සභා­වට පත්ව ඇති භික්ෂූන් වහන්සේ සියලු දෙනාම සහ­භාගි වී සිටි­යහ. “මම මේ උප­දේ­ශක සභාවේ උප­දෙස් පාදක කර­ගෙන තමයි රාජ්‍ය අමා­ත්‍යාංශ සකස් කර තිබෙන්නේ. මේ සභාව දැනට සභා­වාර හත­රක් පවත්වා තිබෙ­නවා. ඒ සභා­වාර වලදී අපි සාකච්ඡා කරල ක්‍රියා­ත්මක කර ඇති කට­යු­තු­වල ප්‍රග­තිය ලබන සභා­වා­ර­යට ඉදි­රි­පත් කර­නවා” ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ කීවේ සභාව ආර­ම්භ­යේ­දී­මය.

අන­තු­රුව පැවැති සාක­ච්ඡා­වෙන් අන­තු­රුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යා­ල­යත් බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යා­ල­යත් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය යට­තට පවරා ගැනී­මට තීර­ණය කෙරුණා. “මේ ආය­තන විශ්ව විද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂම යට­තට පත් කරන්න පුළු­වන්ද කිය­ලත් මම හොයල බල­න්නම්” ජනා­ධි­පති කීවේය.

ඉකුත් සතියේ පාර්ලි­මේ­න්තු­වට අලු­තින් පත්වූ මන්ත්‍රි­ව­රුන්ට කා‍ර්ය සාධ­නය හා පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ දෙදින පුහු­ණු­වක් පැවැ­ත්වුණේ පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේ­දී­මය. නවක මන්ත්‍රි­වරු අසූ දෙනෙකු පමණ සහ­භාගි වූ මෙම පුහුණු වැඩ­මු­ළු­වට අග­මැති මහින්ද රාජ­පක්ෂ, සභා­නා­යක දිනේෂ් ගුණ­ව­ර්ධන, කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන ද සහ­භාගි වී සිටි­යහ. මන්ත්‍රි­ව­රුන් සඳහා පැවැති තේ විවේ­ක­යේදී අග­මැති මහින්ද කථා­නා­යක මහින්ද හා සභා­නා­යක දිනේෂ් ද තේ පැන් සංග්‍ර­හ­යට සහ­භාගි විය.

“කථා­නා­ය­ක­ව­ර­යෙක් මේ වැනි අව­ස්ථා­වක තේ පැන් සංග්‍ර­හ­යට සහ­භාගි වූ මුල්ම අව­ස්ථාව මේක වෙන්න ඕනේ” දිනේෂ් කීවේ තේ මේසයේ අසුන් ගනි­මින්ය.

“ඔව් මටත් මීට පෙර එහෙම අව­ස්ථා­වක් මතක නෑ. ඔබ­තුමා නව­ක­යින් සමඟ මේ විදි­යට සමී­පව කට­යුතු කිරීම ඉතා වැද­ගත්” අග­මැති මහින්ද කීවේ කථා­නා­යක මහින්ද දෙස කෘත­වේ­දිව සින­හ­වක් පාමින්ය.

“පාර්ලි­මේ­න්තුවේ අපි හැමෝම එකට එක්ව රට හදන්න මහන්සි ගන්නවා කියල හැමෝම තේරුම් ගත්තොත් ගැටුම් අඩු කර ගන්න පුළු­වනි” කථා­නා­යක මහින්ද කීවේය.

ජනා­ධි­ප­ති­ව­රයා ඉකුත් සතියේ රාජ්‍ය අමා­ත්‍යාංශ තුනක ඇමැ­ති­වරු හා නිල­ධා­රින් කැඳවා සාකච්ඡා කළේ ග්‍රාමීය ජන ජීවි­තය ගොඩ­නැ­ඟීම සඳහා මෙම අමා­ත්‍යාංශ වෙත පැවරී ඇති වග­කීම ගැනය. මුලින්ම සාක­ච්ඡා­වට එක් වූයේ සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපෘති සංව­ර්ධන හා ඌන උප­යෝ­ජන රාජ්‍ය සම්පත් සංව­ර්ධන රාජ්‍ය අමා­ත්‍යාං­ශ­යයි. එම සාක­ච්ඡා­වෙන් පසු වී, ධාන්‍ය, කාබ­නික පොහොර, එළ­වළු පල­තුරු, මිරිස්, ලූනු හා අර්තා­පල් වගා ප්‍රව­ර්ධන බීජ නිෂ්පා­දන හා උසස් තාක්ෂ­ණික කෘෂි­කර්ම රාජ්‍ය අමා­ත්‍යාං­ශය සමඟ ජනා­ධි­ප­ති­ව­රයා සාක­ච්ඡාව ආරම්භ කෙළේය. පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රව­ර්ධන හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පා­දන හා අප­න­යන විවි­ධාං­ගි­ක­රණ රාජ්‍ය අමා­ත්‍යාං­ශය සමඟ ජනා­ධි­ප­ති­ව­රයා සාකච්ඡා කරනු ලැබුවේ ඉකුත් 25 දාය.

“ජනතා කේන්ද්‍රීය ආර්ථි­ක­යක් හදන්න පුළු­වන් වන්නෙ ග්‍රාමීය ආර්ථි­කය ශක්ති­මත් කිරී­මෙන් පම­ණයි. ග්‍රාමීය ප්‍රදේ­ශ­වල පොල්, අඹ, කොස් වැනි බෝග සංව­ර්ධ­න­යට ප්‍රමු­ඛ­තාව දෙන්න. ගෙවතු මිලි­යන දෙකක් පොල් පැළ මිලි­යන 4ක් හිටු­වන්න පිය­වර ගන්න. එහෙම කළොත් ජන­තා­වගේ ආර්ථි­කය ශක්ති­මත් කරන්න පුළු­වන්” ජනා­ධි­ප­ති­ව­රයා ඒ සාක­ච්ඡා­ව­ලදී අව­ධා­ර­ණය කෙළේය. ඉකුත් බදාදා ජනා­ධි­ප­ති­ව­රයා රාජ්‍ය අමා­ත්‍යාං­ශ­ව­ලට ලේක­ම්ව­රුන් 35 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදා­නය කෙළේය. එහිදී පැය භාග­යක පමණ කාල­යක් තුළ ජනා­ධි­ප­ති­ව­රයා රාජ්‍ය ලේක­ම්ව­රුන්ට කීවේ ගැමි ජන­තාව ආර්ථික සමා­ජ­යීය වශ­යෙන් ශක්ති­මත් කිරීමේ ඇති වැද­ගත් කමය.

ශ්‍රී ලංකාවේ වැඩ­බ­ලන බ්‍රිතාන්‍ය මහ කොම­සා­රිස් ලීසා වැන්ස්ටෝල් ඉකුත්දා අර­ලි­ය­ගහ මන්දි­ර­යට පැමිණ අග­මැති මහින්ද රාජ­පක්ෂ හමු­ව‍ූයේ මැති­ව­රණ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් සුභ පත­න්න­ටය. “මේ මැති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට ඉතා ශක්ති­මත් ජන­ව­ර­මක් ලැබී තිබෙ­නවා” ඇය කීවාය.

“ඔව් අපි අපේ රටට ආද­රය කර­නවා. ඒ නිසා ජන­තා­වට අපි විශ්වා­සයි” අග­මැති මහින්ද රාජ­පක්ෂ ඇයට උත්තර දුන්නේය. දෙපා­ර්ශ්­වය අතර විනාඩි 30ක පමණ පැවැති සාක­ච්ඡා­වෙන් අන­තු­රුව “ශ්‍රී ලංකා­වට ආයෝ­ජන ආක­ර්ෂ­නය කර ගැනීම සඳහා වරාය නග­රය උපාය මාර්ගික මධ්‍ය­ස්ථා­න­යක් ලෙස භාවිතා කළ හැකි බවද ඇය අග­මැ­ති­ව­ර­යාට පෙන්වා දුන්නාය.

ලොක ශූර ඩිලන්ත මාල­ග­මුව ඉකුත් බදාදා නාමල් රාජ­පක්ෂ, අග­මැති මහින්ද හමු­වූයේ ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් ලැබ්බෝ­ගිනි සුපර් ටෝෆියෝ යු‍රෝපා ශූරතා තර­ගා­ව­ලි­යට පිටත්ව යෑමට පෙරය. ඩිල­න්තට මෝටර් රථ ධාවන තර­ග­යක් සඳහා රාජ්‍ය අනු­ග්‍ර­හය ලැබුණේ පළ­මු­ව­ර­ටය. මේ අනු­ග්‍ර­හය දක්වා තිබුණේ ශ්‍රී ලංකා සංචා­රක මණ්ඩ­ල­යයි. අමාත්‍ය ප්‍රසන්න රණ­තුං­ගගේ මැදි­හත් වීමෙන් මෙම අනු­ග්‍රා­හක දාය­ක­ත්වය ලබාදී තිබුණි. ඩිලන්ත අග­මැති හමුවී තමන්ට අනු­ග්‍ර­හය ලබා දුන්නේ ඇමැති ප්‍රස­න්නගේ මැදි­හත් වීමෙන් බව කීවේ කෘත­ගු­ණය ඇති­වය.

“ඔව් ඔව් ප්‍රසන්න ටත් කථා කළා. මමත් කීවා මේ වැඩේ කොහෙම හරි කරමු කියලා.” අග­මැති ඩිල­න්තට කීවේය.

“ප්‍රසන්න ඇමැ­ති­තුමා මේ උදව්ව කරන්න හුඟක් මහන්සි වුණා.” ඩිලන්ත කියද්දී “ප්‍රසන්න අයියා වැඩක් බාර ගත්තොත් ඔහොම තමයි. වැඩේ කරන්න බාධා ආවොත් වැඩය කරන්න විදි­හක් හොයල හරි­ය­ටම වැඩේ කර­නවා.” ක්‍රීඩා හා තරුණ කට­යුතු ඇමැති නාමල් කීවේය.

නිමල් ලන්සා, පියල් නිශාන්ත හා ඇමැති ප්‍රසන්න ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා පාර්ලි­මේන්තු ලොබි­යේදි කථා බහ කර­මින් සිටි­යේය.

“ඔයාගේ යහ­ළුවා හුඟ කාලෙ­කට පස්සෙ අන්න ආයේ කට ඇරලා” නිමල් කීවේ පිය­ල්ටය. පියල් හා හිටපු ඇමැති රාජිත සේනා­රත්න අතර ඇති නයි මුගටි වෛරය ගැන දැන සිටි නිමල් එසේ කීවේ රාජිත 19 සංශෝ­ධ­නය ගැන කර තිබූ ප්‍රකා­ශ­යක් මතක් කර­මිනි.

“ඔව් ඔව් මාත් දැක්කා “පරා­ජිත” ආයෙත් කට ඇරලා තිබුණා” පියල් කීවේය.

“හැබැයි ඇමැ­ති­තුමා රාජි­තලා දැන් මොන විදි­යට කෙබර ගැහු­වත් ඒවාට ජන­තාව අහු­වෙන්නෙ නෑ.” ලන්සා කීවේය.

“බැසිල් ගේන්නලු අපි මේ සංශෝ­ධන කරන්නේ. බැසිල් ඇමැ­ති­තු­මාට පාර්ලි­මේන්තු එන්න ඕනේ නම් ඔය සංශෝ­ධන ඕනේ නෑ. එයා මේ පක්ෂය හැදුවා. ආණ්ඩුව හැදුවා. ගෝඨා­භය මහ­ත්තය ජනා­ධි­පති කළා. එහෙම කෙනෙක් පාර්ලි­මේන්තු එයි කියල මුන් දැන් වෙව්ල­නවා. ඒකයි ඔය බොරු පතු­රු­වන්නෙ අපිට ජන­තාව බලේ දුන්නෙ 19 අහෝසි කරන්න. අපි ඒක කරන්න ඕනේ. නැත්නම් අපි ජන­තා­වට බොරු කාරයෝ වෙනවා.” ප්‍රසන්න කීවේය.

නවක මන්ත්‍රි­ව­රුන් සඳහා පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදි පැවැති දෙදින පුහුණු වැඩ­මු­ළු­වේදී නව­ක­යින්ට පාර්ලි­මේ­න්තුවේ ආසන පැන­වෙන ආකා­ර­යද සාකච්ඡා කෙරිණ. ජාතික නිද­හස් පෙර­මුණ නියෝ­ජ­නය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රි මුසා­ම්මිල් මීට පෙර පාර්ලි­මේ­න්තු­වට පැමිණ තිබුණ ද ඔහුගේ නම ද නවක ලැයි­ස්තු­වට ඇතු­ළත් වීම නිසා ආසන පැන­වී­මේදී පිටු­පස අසු­නක් හිමි විය.

“මේ ආසන පැන­විම ජ්‍යෙෂ්ඨ­ත්වය අනුව කෙරෙ­නවා නම් මුසා­ම්මිල් මන්ත්‍රි­ව­ර­යට අපට වඩා ඉදිරි අසු­නක් දෙන්න” යදා­මිණි ගුණ­ව­ර්ධන කීවේය.

“ආ... හරි යදා­මිණි මන්ත්‍රි­ව­ර­යාට තමයි තේරුණේ මුසා­ම්මිල් මහතා මීට පෙරත් පාර්ලි­මේ­න්තුවේ සිටි නිසා ජ්‍යෙෂ්ඨ­යෙක් වෙනවා.” යැයි පාර්ලි­මේන්තු නිල­ධා­රියා කීවේය. මේ අතර රුපි­යල් 3000ක කෑම වේලක් රුපි­යල් 200 කට මන්ත්‍රි­ව­රුන්ට ලබා­දෙන බව පාර්ලි­මේ­න්තුවේ නිල­ධා­රි­යෙකු මේ පුහුණු වැඩ­මු­ළු­වේදී කීවේය. මෙයින් කල­බ­ල­යට පත් නවක මන්ත්‍රීන් “ඔය කියන්නේ කොයි කාලේ ගණන් හිලව්ද?” අස­න්නට විය.

කොළ­ඹට නුදුරු පුරාණ විහා­ර­යක විශාල භූමිය එක එක පන්නයේ වාහ­න­ව­ලින් පිරී තිබුණේ ඉකුත් බ්‍රහ­ස්ප­ති­න්දාය. කඩි­සර නිර්භීත හිමි­න­මක් සමඟ විවිධ තරා­ති­ර­ම්වල අය මහ සාක­ච්ඡා­වකි. පන්සලේ අධි­පති හිමිට හොඳ­ටම කේන්ති ගොස් ඇති අයුරු දක්නට ලැබුණි.

“ආණ්ඩු හද­නවා හොර­කම් වංචාව පගාව නව­ත්ව­නවා කිව්වට ඒවා නතර වෙලා නෑ. ඒවාට පුරුදු වුණ එවුන් ඒවා දිග­ටම කර­ගෙන යනවා” නාහි­මියෝ පැව­සූහ.

“මේවා මෙහෙම වෙන්න දෙන්න බෑ. ජන­ප­තිට කියන්න ඕනේ” කිව් නාහි­මි­යන් පන්සලේ ස්ථාවර දුර­ක­ථ­න­යෙන් ජන­ප­තිට කතා කළහ.

කරු ජය­සූ­රි­යට පක්ෂ සාමා­ජි­ක­ත්වය නොමැති බවට වූ ප්‍රකා­ශය ගැන සමගි ජන බල­වේ­ගයේ නාය­ක­යින් කතා කර­න්න­ට­වූයේ තර­මක කන­ගා­ටු­වන් යුතු­වය.

"එක්සත් ජාතික පක්ෂයේ නාය­ක­යින් කොත­රම් කළ ගුණ නොදත් අයද කියලා පෙන්නන්න වෙන උදා­හ­රණ ඕන නෑ. කරු ජය­සූ­රි­යට අද වෙලා තියෙන දේ දැක්කම ඒ බව හොඳින්ම පේනවා"සමගි ජන බල­වේ­ගයේ මහ ලේකම් රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර, සජිත් ප්‍රේම­දාස සමග කීවේ තර­මක කන­ගා­ටු­වෙන් යුතු­වය.

"කරු ජය­සූ­රිය කියලා කියන්නේ රනිල් වික්‍ර­ම­සිංහ කියන දේවල් විශ්වාස කරන්න ගිහින් අමා­රුවේ වැටුණ කෙනෙක්. රනිල් වික්‍ර­ම­සිංහ කියන කියන දේ කළා. නාය­ක­ත්වය පිළි­බඳ අර­ගල ඇති­වුණ වෙලා­වේදි ඒකට බෙල්ල තිව්වෙත් කරු ජය­සූ­රි­යම තමයි" කරු කළ කී දේ ගැන තිස්ස අත්ත­නා­යක මන්ත්‍රී­ව­රයා සිහි­පත් කළේය.

"මහ මැති­ව­ර­ණය වෙලා­වේදී කරු ජය­සූ­රි­යට නාම යෝජනා ලැබුණේ නෑ. ඒ වෙලාවේ සමගි ජන බල­වේ­ගය එක්ක එක­තු­වෙන්න කියලා අපි ආරා­ධ­නා­ව­කුත් කළා"සජිත් දේශ­පා­ලන රහ­සක් එළි කළේය.

"කරු කියන්නේ දින පනස් දෙකේ හොර ආණ්ඩුව පිහි­ටු­වපු වෙලා­වේදී කොන්ද කෙළින් තියා­ගෙන කට­යුතු කරපු කථා­නා­ය­ක­ව­ර­යෙක්. එක්සත් ජාතික පක්ෂය ඒ කැප­කි­රීම් අම­තක කරපු හැටි නම් හරිම පුදු­මයි. ඉතිං මේ වගේ අය එක්ක ජන­තාව එක­තු­වේ­විද"රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර කීවේ කන­ගා­ටු­දා­යක මුහු­ණ­කින් යුතු­වය.

"සමගි ජන බල­වේ­ගයේ සාමා­ජි­ක­ත්වය අර­ගෙන සමගි ජන බල­වේ­ග­යත් එක්ක එකතු කර­ගෙන දේශ­පා­ලන වැඩ­ව­ලට දායක කර­ගමු"සජිත් කොළ එළි­යක් දැල්වූ­වේය.

"මම කරු ජය­සූ­රිය මැති­තුමා එක්ක මේ ගැන කතා කර­න්නම්. අපිත් එක්ක එක­තු­වෙන්න කියලා කරුට මම ආරා­ධනා කර­න්නම්"තිස්ස අත්ත­නා­යක කරුට ආරා­ධනා කිරීමේ වග­කීම භාර­ග­ත්තේය.

විපක්ෂ නාය­ක­ධූ­ර­යට පත්වී­මෙන් පසුව සජිත් ප්‍රේම­දාස හමුවූ පළමු රාජ්‍ය තාන්ත්‍රි­කයා වූයේ ඉන්දීය මහ කොම­සා­රිස් ගෝපාල් බාග්ලේය.

ඉන්දීය මහ කොම­සා­රි­ස්ව­රයා සජිත් හමු­වට එන විට, දෑත් එකට එකතු කළ සජිත් "නමස්තේ" යැයි කිය­මින් ඉන්දීය මහ කොම­සා­රි­ස්ව­රයා පිළි­ගත්තේ ඉන්දීය ආචාර සමා­චාර විධි සිහි­පත් කර­මින්ය. ඉන්දීය මහ කොම­සා­රි­ස්ව­රයා එයට ප්‍රති­චාර දැක්වූයේ අපූරු ආකා­ර­ය­ක­ටය. ඒ ඔහුද පෙරළා දෑත් එකතු කර­මින් "ආයු­බෝ­වන්" යැයි කිය­මිනි.

සමගි ජන බවේ­ගයේ පාර්ලි­මේන්තු කණ්ඩා­යම් රැස්වීම පසු­ගිය බදාදා සවස පැවැ­ත්වුනේ පාර්ලි­මේන්තු කමිටු ශාලා­ව­ක­දීය.

පාර්ලි­මේන්තු කණ්ඩා­යම් රැස්වීම අත­ර­වා­ර­යේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රී­ව­රයා තර­මක ආවේ­ග­යෙන් යුතුව කතා කළේය. ඒ විකෘත කරන ලද ඇතැම් තොර­තුරු මාධ්‍යයේ පළ­වන නිසාය.

"අපි කණ්ඩා­යම් රැස්වී­ම්වල කතා කරන දේවල් කවු­රු­වත් විකෘති කරලා මාධ්‍ය­යට දෙන්න එපා"සජිත් කීවේ අභ්‍ය­න්තර සාක­ච්ඡා­වල තොර­තුරු මාධ්‍ය­යට ලබා­දීම සම්බ­න්ධ­යෙන් පාල­න­යක් ඇති කර­ගැ­නීමේ වැද­ග­ත්කම ගැනද සිහි­පත් කර­මින්ය.

"කෝප් කමි­ටුවේ හා කෝපා කමි­ටුවේ සභා­ප­ති­ත්වය සාමා­න්‍ය­යෙන් විප­ක්ෂ­යට හිමි­වන තන­තුරු. මේවා අපි විප­ක්ෂ­යට ගන්න ඔ්න"අශෝක අබේ­සිංහ මන්ත්‍රී­ව­රයා යෝජ­නා­වක් කළේය. සුජිත් සංජය පෙරේරා මන්ත්‍රී­ව­රයා නැගී සිටි­මින් එම යෝජ­නාව ස්ථිර කළේය.

"පාර්ලි­මේන්තු සම්ප්‍ර­දාය අනුව මේ තන­තුරු විප­ක්ෂ­යට ලැබිය යුතු තන­තුරු. ඒවා විප­ක්ෂ­යට ලබා­ගැ­නී­මට අපි කට­යුතු කළ යුතුයි"ඒ වෙනු­වෙන් විපක්ෂ නාය­ක­ව­රයා ලෙස මැදි­හ­ත්වී­මට සජිත් කට­යුතු කළේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී කණ්ඩා­යම් රැස්වීම අව­සන් කළේ ආණ්ඩුව ඉදි­රි­පත් කරන අතුරු සම්මත ගිණුම සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේ­න්තු­වේදී දැක්විය යුතු අද­හස් ගැනද අව­ධා­නය යොමු කිරී­මෙන් පසු­වය.

ඉකුත් සතියේ පුව­ත්පත් මණ්ඩ­ල­යට රංජන් රාම­නා­යක පැමි­ණියේ පුව­ත්ප­තක පළවූ ප්‍රවෘ­ත්ති­යක් සම්බ­න්ධ­යෙන් සිදු කරන පරී­ක්ෂ­ණ­ය­කට සහය වීම­ටය. එදින තවත් පුව­ත්පත් කීප­යක මාධ්‍ය­වේ­දින්ද පුව­ත්පත් මණ්ඩ­ල­යට පැමිණ සිටි­යහ.

“රංජන් මන්ත්‍රි­තුමා ඔබට මෙහෙත් නඩුද?” මාධ්‍ය­වේ­දි­යකු ඇසීය.

“අනේ නෑ මල්ලි මම මේ කට­උ­ත්ත­ර­යක් දෙන්න ආවා” රංජන් කීවේ මාධ්‍ය­වේ­දීන් අතරේ රැ‍ඳෙමින්ය.

“අර අධි­ක­ර­ණ­යට අප­හාස කළා කියන නඩුව මොකද වෙන්නෙ” ඒ තවත් මාධ්‍ය­වේ­දි­යකු ගෙන් රංජන්ට යොමුවූ ප්‍රශ්න­යකි.

“මල්ලී මට දැන් ඒක වෙනු­වෙන් මාස හයක් ඇතු­ළට යන්න වෙයි වගේ.” රංජන් කීවේ ඇඟට නොදැ­නීය.

එජා­පයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි­ව­ර­යකු පත් කර ගැනීම ඉකුත් සති­යේදි කල් ගියේය. සිරි­කො­තදී ඉකුත් සතියේ පැවැති කෘත්‍යා­ධි­කාරි රැස්වී­මේදී වැඩි­පුර කථා­බහ ඇති වූයේ පක්ෂ නාය­ක­ත්වය අර්බු­දය ගැනය. රනිල් වික්‍ර­ම­සිංහ රැස්වී­මට පැමිණ අසුන් ගනි­ද්දීම සභා­වෙන් නැගුණ ප්‍රශ්නය “ඇත්ත­ටම සැප්තැ­ම්බර් 05 පක්ෂ නාය­ක­ත්වයේ වෙන­සක් වෙන­වාද” යන්නයි.

“බලමු ‍මගේ තනි මත­යට පක්ෂ නාය­කයා වෙනස් කරන්න බෑ” ඒ ගැන කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලය සාමූ­හික තීන්දු­වක් ගත යුතුයි.” රනිල් කීවේ සැහැ­ල්ලු­වෙනි.

“දෙකට කැඩුණු පිරිස නැවත එක්කර ගන්න­වාද?” ඒ සභාවේ තවත් ප්‍රශ්න­යකි. “එජා­පය කියන්නෙ අලියා ලකුණ විත­රයි.” රනිල් ඇඟට පතට නොදැනී උත්තර දුන්නේය.

එජා­ප­යට හිත­වත් භික්ෂුන් වහන්සේ හා විද්ව­තුන් පිරි­ස­කගේ බල­පෑම මත තමන් එජාප නාය­ක­ත්වය බාර ගන්න කැමති බව කරු ජය­සූ­රිය ලිඛි­තව දැන්වූයේ ඉකුත් සති­යේ­දීය. මේ ගැනද එජාප කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ල­යේදී සාකච්ඡා කෙරිණි.

“එයා වසර තුනක් රාජ­පක්ෂ ආණ්ඩුව ශක්ති­මත් කරන්න ගියා. 2015 එයා පාර්ලි­මේ­න්තු­වට ආවේ ජාතික ලැයි­ස්තු­වෙන්. ඒ පත්වී­මට පක්ෂයේ සාමා­ජි­ක­ත්වය අදාළ නෑ. කරු ජය­සූ­රිය එජාප යාව­ජීව සාමා­ජි­ක­යෙක් බව ඔප්පු කර ගන්න කිසිම ලිඛිත සාක්ෂි නෑ.” එජාප නිල­ධා­රිහු කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලය දැනු­ම්වත් කළහ.

ගල­ගො­ඩ­අත්තේ ඥාන­සා­ර­හි­මි­යන් ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා උදේ රැයින්ම අග­මැති මහින්ද හමු වූයේ අග­මැති නිල නිව­සේ­දීය. ඥාණ­සාර හිමි උදෙන්ම නාරා­හේ­න්පිට අභ­යා­රා­ම­යට වැඩම කර මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද හිමි­යන්ද සිය වාහ­න­යෙන්ම අග­මැති නිල නිව­සට කැඳ­වා­ගෙන ආවේ අග­මැති නිල නිවසේ ගේට්ටු ආනන්ද හිමි­යන්ට නිතර විවෘ­තව පව­තින නිසාය.

අග­මැති මහින්ද හා ආනන්ද නාහිමි හා ඥාන­සාර හිමි අතර පැය­කට ආසන්න කාල­යක් පැවැති සාක­ච්ඡා­වෙන් පසු එළි­යට පැමිණි ආනන්ද හිමි අග­මැති ආර­ක්ෂක නිල­ධා­රි­යකු සමඟ කීවේ අග­මැ­ති­ව­ර­යාට සංඝ ආර­වුල් විස­ඳ­න්න­ටත් සිදු­වෙලා කිය­ලායි.

 

Comments