‘ලෙනින් තියරිය’ අද­ටත් වලංගුද? | සිළුමිණ

‘ලෙනින් තියරිය’ අද­ටත් වලංගුද?

වී. අයි. ලෙනින්ගේ ජන්ම දිනය 1870 අප්‍රේල් 10 වැනිදා ය. ලෙනින් මිය ගියේ 1924 ජනවාරි 21 වැනි දාය. ඒඅනුව පසුගිය 21 වැනිදා අපි සමරනු ලැබුවේ ලෙනින්ගේ මරණයෙන් 97 වැනි අනුස්මරණයයි. මේ සියවස තුළ ලෙනින් සහ ලෙනින්ගේ දර්ශනය වත්මනට කෙතරම් ගලපාගත හැකිද යන කාරණාව පිළිබඳව වඩා උචිත වෙයි. 1917 ඇති වූ රුසියානු විප්ලවය සියවසේ සිදු වූ බලගතුම විප්ලවයයි. ඒ මහා විප්ලවයට සියවසකට වැඩි කාලයක් ගත වී ඇත. ලෙනින්ගේ මරණින් 97 වසක් සපිරෙන අවස්ථාවේ අවුරුදු සියයකට ආසන්න දර්ශනයක් වර්තමානයට කෙතරම් දුරට ගලපා ගත හැකිද යන කාරණය පිළිබද මෙහිදී වඩා සැලකිලිමත් විය යුතුයි. ධනවාදය නිසා ලෝකයම මුහුණ පා ඇති තත්ත්වයට පිළිතුරක් සෙවිය යුතු ආකාරය පිළිබඳවද අපි සලකා බැලිය යුතුයි.

අදවන විට ලෝකය වෙලා ගත් ගෝලීය අර්බුදයක් මතුවෙමින් පවතී. ඒ වසංගතය පිළිබඳව නොයෙක් සමාජ මතවාදයන්ද ගොඩනැඟී ඇත. උදාහරණයක් ලෙස මේ පිළිබඳව ඇති මතවාදයන් සඳහන් කළහොත් බලගතු අධිරාජ්‍යවාදී රටවල් එකිනෙකා අතර පැවැති ආර්ථික තරගාවලියේදී භාවිත කරන ලද ජෛව අවියක් ලෙස ද ඇතැමුන් මෙය හඳුන්වා දී ඇත.

පරිසර විනාශය

එමෙන්ම දිගින් දිගටම සිදු කරන ලද පරිසර විනාශය නිසා සිදු වූ වසංගත තත්ත්වයක් ලෙසත් ඇතැමුන් හඳුනාගෙන ඇත. ලෙනින් ජීවත් වුනේ කෙළේ පළමු වැනි ලෝක යුද සමයේය. පළමු ලෝක මහා යුද්ධයේදී සිදුවූයේ නිෂ්පාදන බලවේගවල වර්ධනය ධනවාදයේ නිෂ්පාදන සම්බන්ධතාවයට බාධාකාරිවීමේදී නිෂ්පාදන බලවේග මහ පරිමාණයෙන් විනාශ කර ලෝක යුද්ධයන් ඇතිවන බව ලෙනින්ගේ න්‍යායාත්මක කරුණු අතරින් ප්‍රධාන වේ. එහිදී ඒ නිෂ්පාදන බලවේග විනාශ කිරීම යනුවෙන් අදහස් කරනුයේ භෞතික සහ මානව සම්පත් වන අතර ඒවා විනාශ කිරීමට හැකි එකම මාදිලිය ලෝක යුද්ධ පමණක් නොවෙන බවද ඔහු ගේ දර්ශනයයි. මේ නව ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව ඇතැමුන් සදහන් කරන්නේ ද එවැනි අදහසකි. එය ධනවාදයේ පැවැත්ම සඳහා කරනු ලබන නිර්මාණයක් බවත් ඒ අනුව ඔවුන් පවසයි.

ලෙනින් ජීවමාන කාලයේ දී යුරෝපයේ කළුමරණයත් ඉන් පෙර කොළරාව වැනි වසංගතයන් ඇතිවිය. ඒ සියලු අවස්ථාවන්ටත් වඩා කොවිඩ් වසංගතය වෙනස් විය. මෙය තවත් එක් වසංගතයකට මුහුණ දීමක් නොවේ. මේ වසංගතයේ පැති කඩ බොහොමයක් වෙයි. එදා ලෙනින්ගේ කාලයේ මිනිස් ජීවිත බේරාගැනිමේ ප්‍රයත්නයක ජනතාව නියැළී සිටි බැව් පෙනේ. කෙසේ හෝ ජීවිත බේරාගැනිම යන න්‍යාය මත එකල ජනතාව සිටි අතර අද වන විට කොරෝනා වසංගතය තුළ ඇතැම් රටවල්හි අවසාන යථාර්ථය ජිවිත බේරා ගැනිම පමණක් නොව ආර්ථිකය නොවැටි රදා පවත්වා ගැනිමද ප්‍රධාන ප්‍රයත්නයන් අතර ඇති බව පැහැදිලිය. මෙහි දී මරණය යථාර්ථයක් බව පිළිගත යුතු බව ඇතැම් රටවල පාලකයන්ගේ අදහස වෙයි.

ශ්‍රම බළකාය පමණයි

ලෝකයේ බලවත් රටවල් ප්‍රසිද්ධියේ ඒ බව ප්‍රකාශ කර ඇත.මේ වසංගතයෙන් මිය යන අයවලුන් ශ්‍රම බළකායට අයත් නොවන බවත් ශ්‍රම බළකායට අයත් නොවන අය මිය ගියා ගැටලුවක් නොවන බව ඔවුන් ප්‍රකාශ කර ඇත. ලෙනින් එදා යෝජනා කරනු ලැබු ආකාරයට මෙවැනි ව්‍යසනයන්ට අපි කෙසේද මුහුණ දිය යුතු වන්නේද? යන කාරණාව පැහැදිලි වෙයි.

එහිදී එවැනි ව්‍යාසනයන්ට මුහුණ දිය යුතු වන්නේ ධනය, විද්‍යාත්මක දැනුම , මානව සම්පත, සමාජයේ සාමුහිකත්වය සමාජයේ ඇති සංස්කෘතිකමය යහපත් ලක්ෂණ ඒකාබද්ධ කරමිනි. එම ඒකාබද්ධතාවයෙන් මානව සම්පතට එරෙහිව එන තර්ජනයන්ට මුහුණ දියයු තු බව ලෙනින් විසින් මතු කරන ලද කරුණු අතර වෙයි.

එය ලෙනින්ගේ සටනේ පදනමයි. අද අපි ඉදිරියේ ඇති පදනමද එයයි.

උදාහරණ ලෙස බර්න්ස් ටයිල්ස් වැනි අය සඳහන් කර තිබුණු ලෙසින් ධනවාදය තුළම ඉදිරියට ගොස් විමුක්තිය සලසා ගත හැකි බවත්, කෞට්ස්කි වැනි අය ජාතිකවාදයේ සිමාවන් තුළ විමුක්ති මාර්ගය ඇති කර ගත හැකි බව සඳහන් කරයි. ලෙනින් ඒ සියල්ල සමඟ සටනක යෙදි ඔහු ධනවාදය තුළ ඉදිරියට ගිය හොත් සිදුවන්නේ විනාශය පමණක් බවත් ඒ නිසා ධනවාදය පරාජය කළ යුතු වන්නේ විප්ලවීය ආකාරයට බවත් මේ ධනවාදය පරාජය කළ යුතු බවත් සඳහන් කරන ලදී.

ධනවාදය යනු ධනය ප්‍රාග්ධනය මත සංවිධානය වූ සමාජයකි. ඒවෙනුවට ධනය වැදගත් බවත් යන මතවාදය ගොඩනැගුණු සමාජයක, සමාජය ධනයට වඩා වටිනා බව ඔහුගේ මතයයි. සමාජවාදය ලෙස හඳුන්වනු ලබන්නේ එයයි. ඒ අනුව සමාජමය අවශ්‍යතා ඇති පරිසරය ප්‍රමුඛ කරගත් සමාජයක් ගොඩනැගිය යුතු බව , ලෙනින්ගේ වැඩපිළිවෙළ තුළ තිබිණි. මේ වැඩපිළිවෙළ වසර සියයකට හෝ එකසිය පනහකට නොව සදාකාලිකවම වලංගු වෙයි. ආකෘතිය වලංගු නොවූවද එදා සටන් පාඨ වලංගු නොවූවද නමුත් නිෂ්චිතවම ලෙනින්ගේ අරගලයේ පදනම අදට වඩා වලංගුය.

මේ අරගලය හරහා අපි තිරිසන්ගත සතුන් ලෙස හැසිරිය යුතුයි. එසේ නැතිනම් කොටසක් මැරෙනවා කොටසක් ඉතිරි වෙනවාද ශක්තිවන්තයා ඉතුරු වෙයි. දුබලයා මියයයි. තිරිසනුන්ගේ නීතිය එයයි. මිනිසුන් මෙය වෙනස් කළ අතර දුබලයා ඉදිරියට ආ යුතුයි. එය ශක්තිවන්තයාගේ වගකීමක් ලෙස එදා සැලකෙයි. දැන් මේ නව ක්‍රමවේදයන් යටතේ දුබලයන් මැරීමත් ශක්තිවන්තයන් ඉතිරිවීමක් සිදුවෙයි. අවසානයේ ඉතිරි වෙන අය සමඟ සමාජය ගෙන යා යුතුයි යන ස්ථානයට අද සමාජය පත්වී ඇත.

උෂ්ණත්වයේ ඉහළ යාම

මුළු මහත් මිනිස් සංහතියම විනාශ විමේ ප්‍රවණතාවයක අද ලෝකයේ පවතී. පැරිස් නගරයට එකතු වූ දේශගුණ විද්‍යාඥයින් පහළොස් දහසකගේ සමුළුවේදි ඒ අය ප්‍රකාශයට පත් කළ කරුණක් නම් ධනවාදයට ප්‍රාග්ධනය ඉපයීම සදහා මේ ආකාරයට දිගටම පරිසරය විනාශ කරන්නේ නම් මේ ආකාරයෙන් ම පෘථිවියේ උෂ්ණත්වය වැඩිවේ නම් මිනිසුන්ට මේ ආකාරයට පෘථිවියේ සිටිමට හැකි කාලය වසර සියයකට සිමා වන බවයි.

වසර සියයකට පසුව පෘථිවියේ උෂ්ණත්වය මිනිස් සිරුරට දරා ගැනිමට නොහැකි වන බව සදහන් කරයි. ධනවාදය මේ ආකාරයටම පවත්වා ගෙන ගොස් වසර සියයකට පසුව සමූහ ඝාතනය වෙනවාද?

එසේ නොමැති නම් අපි ප්‍රධාන විකල්පයන් සෙවිය යුතු වේ. ඒ මොනවාද? අපි මේ ධනවාදි අර්ථ ක්‍රමය වෙනස් කළ යුතුයි. ලෙනින් යෝජනා කළ ධනවාදය වෙනස් කළ යුතුයි යන ක්‍රමවේදයන් වසර සියයකට පසු අපට ඇති එකම විකල්පය බවට පත් වී ඇත. එසේ නැතිනම් න්‍යෂ්ටික යුද්ධයකින් මෙවැනි ජෛව අවියන්ගෙන් අපි විනාශ විමේ ප්‍රවණතාවයක් ඇත. අධිරාජ්‍යවාදි බලවතුන් ඔවුන්ගේ ප්‍රාග්ධනය වැඩි කරගැනීම වෙනුවෙන් ගොදුරු සොයා ලෝකය පුරා ඇවිද යති. ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය චීනය රුසියාව ඉන්දියාව ඕස්ට්‍රේලියාව ජපානය වැනි බලගතු රටවල් භූමිය අත්පත් කරගැනීමට සහ සම්පත් අත්පත් කරගැනීමට උත්සාහ කරයි.

සම්පත් අත්පත් කරගැනීම වෙනුවෙන් යුද්ධ පවත්වනු ලැබේ. මේ යුද්ධ න්‍යෂ්ටික යුද්ධයක් බවට පත් වුවහොත් කුමක් සිදුවේද? මේ වනවිට පෘථිවියේ ඇති සමස්ත න්‍යෂ්ටික යුද අවි ප්‍රමාණය පෘථිවිය මෙන් හය ගුණයක් විනාශ කිරීමට හැකියාව ඇති බව සඳහන් වෙයි‍. 2020 ජනවාරි වසරේ ජනවාරි 21 දා ඇමරිකානු විද්‍යාඥයන්ගේ සංගමය ප්‍රකාශයට පත් කළ නිවේදනයක් අනුව න්‍යෂ්ටික විනාශයකින් මානව වර්ගයා සමූල ඝාතනය කිරීම සදහා ඒ අවධානමට වැඩිපුරම ඇති සමීපතම වසර වන්නේ 2020 බවයි.

2021 ඊටත් වඩා සමීපතම වසර විය හැකියි. ඒ නිසා අපි මේ ජීවත් වන්නේ සාමූහිකව මිය යනවා ද ජිවත් වෙනවාද ? ම්ලේච්ඡයන් ලෙස මිය යා යුතුද? ධනවාදයක් ඉදිරියට ගිහින් විමුක්තියක් අත් පත් කරගත නොහැකියි. එයින් වෙන්නේ විනාශයකි. සාමුහිකව සමාජවාදය ගොඩනැගිම අදට ඔබින මාදිලියයි. එදා ලෙනින් ජිවත් වූ යුගයට වඩා අදට එය වලංගුයි.

අනෙක් කරුණ නම් කෞට්ස්කි ජාතිකවාදය තුළ විමුක්තියක් ඇතිද යන කරුණේදී ලෙනින් සඳහන් කළ කරුණක් නම් ජාත්‍යන්තර වශයෙන් අත්පත් කරගන්නා විමුක්තියක් පිළිබඳව සඳහන් කර ඇත. අද වන විට අපි මුහුණ දී ඇත්තේ එවැනි කාලවකවානුවකටයි. ආනයන සීමාකිරීම හෝ අපනයන වැඩිකිරිම් කළ නොහැකියි. මුළුලෝකයම වෙලී ඇති ගෝලිය ක්‍රමවේදය තුළ රටක් ලෙස අපට හුදකලා විය නොහැකියි. දුපතේ දේශ සිමාවල ගැටලු විසදන්නට නොහැකිය. දුපත තුළ ප්‍රශ්න විසදිමට නොහැකි බව ලෙනින් සදහන් කර ඇත. මේ වනවිට උපාය මාර්ග තීන්දු වන්නේ ගෝලිය වශයෙනි. අපි මේ ජිවත්වෙන ලෝකය ආර්ථිකය දේශපාලනය සියල්ල බලවත් රටවල් මත රදාපවතින ගෝලිය තත්ත්වයක් මත සිදු වේ.

අපට දියුණුව කරා යා හැකි වන්නේ ස්වශක්තියක් මත නොව ඇමරිකාවේ චිනයේ වැඩ කරන වාමාංශික ජනතාව සමග ඇති කරගන්නා එකගතාවයක් සහ සහයෝගිතාවයක් මත පමණි. නිර්ධන පන්තිකයන් වැඩ කරන ජනතාව පිළිබදව විස්වාසය තබාගත යුතු ඇත.

සමානුපතිකව ලෝකයේ සියලු වෘත්තියන් කම්කරුවන් එකට ගොඩනගන සටන් පාඨ අනුව ධනපති පාලක පන්තිය සමග ගැටුම ජය ගත හැකිවනු ඇත. මේ ජාත්‍යන්තර සහයෝගිතාවය තුළ හැර ජාතිකවාදයක් මත ජාතික දේශ සිමා තුළ අපිට කිසිම සටන් පාඨයක් ජයගත නොහැකිය. ලෙනින් සදහන් කරන ලද දෙවැනි න්‍යායාත්මක කරුණක් ඉතා පැහැදිලිව තහවුරු වි ඇත. එනම් ධනවාදය තුළ විකල්පයක් නැත. සමාජවාදයේ ගොඩනැඟීමට විප්ලවය අවශ්‍යයි.

සමාජවාදි විප්ලවය තනි රටකට සිමාවිය නොහැකියි. එය ලෝකයම වෙලාගත් විප්ලවයක් විය යුතුයි. ඒ නිසා සමාජවාදීන් ජාත්‍යන්තරවාදින් විය යුතුයි යන කරුණ අද වැඩි වශයෙන් වලංගු වෙයි .අපේ දෛනික ජිවිතයේ අත්දැකීම් තුළ එය යථාර්ථයක් බවට පත්වි ඇත. අපි මුහුණ දි ඇති තත්ත්වය අනුව පවතින ක්‍රමවේදයන් අනුව, ආර්ථිකය සංවිධානය වි ඇති ක්‍රමවේදයන් අනුව, දේශපානික පසුබිම සංවිධානය වි ඇති ආකාරය අනුව ,සංස්කෘතික සිමාවන් විප්ලවිය වෙනසකට භාජනය නොකර අපිට තවදුරටත් පිළිතුරක් නැත .

අවම සම්පත් සපුරා ගැනිමට අපිට ඉදිරියේදි සටන් කිරිමට සිදුවෙයි. දරිද්‍රතාවයෙන් මන්ද පෝෂණයෙන් පෙලෙන වතුකම්කරුවන්ගේ ලේ වලින් රත් පැහැ ගැන්වි ඇති තේ කහට විදුරුවටත් සටන් කිරිමට සිදුවන සමාජයක් ඉදිරියේදී බිහිවෙයි. ලෙනින් ජිවත් වු කාලයත් අද සමාජයත් අතර ඇති වෙනස කුමක්ද යන සංවාදය අපිට සැමදාටම පොදු කාරණාවකි. වැදගත්ම දේ තමන් ජිවත් වු සමාජයත් සමග එදා ලෙනින් පොර බැදු ආකාරය කුමක්ද? ඒ පොර බදින ආකාරයත් සමග පදනම් වු ප්‍රධාන මූලධර්ම කුමක්ද ? යන්නය.

සංවිධානය වීම

 

ඒ වෙනස කිරීමට අපි සංවිධානය විය යුතුයි. සංවිධානගත නොවි අජාජිකව තනි පුද්ගල සටන් පාඨ ගෙනවිත් යුක්තිය ස්ථාපිත කර ගත නොහැකියි. එකිනෙකා අතර බැදිමක් නොමැතිව කිසිදු ආකාරයක සංවිධානයක් ව්‍යුහයක් නොමැතිව සාමුහිකව ගොඩනැගිම කළ නොහැකියි. සමාජය වෙනස් කරන්න නම් සාමුහිකව සංවිධානය විය යුතුයි. ලෙනින් සදහන් කරනු ලැබුවේ ආරාජිකවාදිව විප්ලවයක් කළ නොහැකියි බවයි. විප්ලවයක් කිරිම සදහා සංවිධානයක් අත්‍යවශ්‍ය බවයි. එවැනි දියුණුතම සංවිධානාත්මක පක්ෂය වූ බොල්ෂවික් පක්ෂය වැනි පක්ෂයක් එවකට නිර්මාණය කෙරිණි. ලෙනින් සදහන් කළ එම දර්ශනයන් අදටත් වලංගුව වන්නේ සරල කාරණාවකදි පවා සංවිධානයකින් තොරව වෙන මාර්ගයක් නොමැති බව පවතින යථාර්ථය තුළ අපට වැටහි ඇති නිසාවෙනි.

ඒනිසා සියවසකට ආසන්න ලෙනින්ගේ මරණින් පසුවත් අපි ලෙනින් ඉදිරිපත් කරන ලද ධනවාදය පරාජය කොට සමාජවාදය ගොඩනැගිය යුතුයි යන පදනම මත පිහිටා කටයුතු කළ යුතුයි. අප එක් සමාජයකට සිමා විය යුතු නැත. විප්ලවය එය ජාත්‍යන්තර වාදි විය යුතුයි යන පදනම මත සමාජවාදය බිහි කිරිමට නිර්ධන පන්තික වැඩ කරන ජනතාව සංවිධානය විය යුතුයි ඒ න්‍යායන් දර්ශනයන් බිහි වි ශතවර්ෂයක් ආසන්න වීම නොව වැදගත් වන්නේ යාවත්කාලීනද යන කාරණාවේදි දේශපාලනික පදනම් අතිශයින්ම වැදගත් ද යන කරුණයි. මේ මොහොතේ මනුෂ්‍ය වර්ගයාට මතුවි ඇති අවදානමෙන් ගැලවිම සදහා අපි සියවසකට ආසන්න ඒ දර්ශනයට අවධානය යොමු කළ යුතු වන්නේ එහෙයිනි. ඒ අනුව ලෙනින්ගේ දර්ශනය අපි මුහුණ දි ඇති තත්ත්වයට මුහුණ දිමටත් විමුක්තිය අත්පත් කරගැනිම සඳහාත් ඉතා වැදගත් වෙයි.

Comments