මේ අර්බුද ‘යහපාලන’ ආණ්ඩුව සම අනු­ග්‍ර­හය දැක්වීම නිසයි | සිළුමිණ

මේ අර්බුද ‘යහපාලන’ ආණ්ඩුව සම අනු­ග්‍ර­හය දැක්වීම නිසයි

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය 2006 මාර්තු මාසයේ ඇති කරන ලද ආයතනයකි. ඊට පෙර ස්ථාපිතව තිබුණේ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිසමකි. එම කොමිසම පක්ෂග්‍රාහී මානව අයිතිවාසිකම් කඩ කරන ලද කොමිසමක් බවට යම් විවේචනයන්ට පවා ලක්විය. එම නිසා එය නව මුහුණුවරකින් 2006 වසරේදී නැවත පිහිටු විය. එහි කටයුතු ආරම්භ කෙරුණේ 2007 වර්ෂයේ සිට වන අතර එය සාමාජිකයන් හතළිස් හතකගෙන් සමන්විතව ඇති කරන ලදී.

ඒ අනුව අප්‍රිකානු ආසියානු කලාපමය වශයෙන් 13 දෙනෙකුගෙන් ද , නැඟෙනහිර යුරෝපයෙන් 06 දෙනෙකුද ලතින් ඇමරිකානු රටවල් ඇතුළු කැනේඩියානු රටවලින් අට දෙනෙකු සහ යුරෝපය අවට රටවලින් 07 දෙනෙකු බැගින් මේ සඳහා සහභාගි කර ගන්නා ලදී. මේ සාමාජික රටකින් අවුරුදු තුනක කාලසීමාවකට යටත්ව සාමාජිකයන්ට නැවත පත්විය හැකියි.

 

යාපනයේ නගරාධිපති ඝාතනය

 

අපේ රටේ ත්‍රස්තවාදී ගැටුම වසර තිස් හතරක් දිවයන්නකි. මෙයට පාදකවූ කරුණු අතර යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා 1975 වසරේ ඝාතනය කිරීම සඳහන් කළ හැකිය. ඉන් පසු 1983 දී නැවත කෝලාහලයක් හටගනු ලැබිණි. එම ප්‍රශ්නය සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපතිවරුන් විසින් කිහිපවතාවක් සාමකාමීව විසඳීමට විශාල උත්සහයක් ගනු ලැබීය. එ

එහෙත් එල්.ටී.ටී.ඊය එය සාමකාමීව විසඳා ගැනීමට කිසිදු සහයක් දුන් බවක් නොපෙනේ. ඉන් අනතුරුව 2006 වසරේදී මාවිල් ආරු සොරොව්ව අවහිර කිරීමෙන් අනතුරුව රජයට මානුෂීය මෙහෙයුමක් ඇරැඹීමට සිදුවිය. ත්‍රස්තවාදය 2009 වසරේදී මුලිනුපුටා දමන ලදී.

ඉන් අනතුරුව ජනතාව අතර සංහිදියාව ඇති කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් විසින් එල්එල්ආර්සී එනම්, උගත් පාඩම් කොමිසම පත් කරන ලදී. සංහිඳියාව සහ ප්‍රතිසංවිධානය ඇති කිරීම සඳහා 2010 වසරේදී එය ස්ථාපිත කෙරුණි. අනතුරුව ප්‍රථම වරට 2012 වසරේදී මානව හිමිකම් පිළිබඳ කොමිසම ඉදිරියට ශ්‍රී ලංකාව ප්‍රථම වරට කැඳවීය. මේ එල්එල්ආර්සී කොමිසම් වාර්තාව එහිදී ඔවුන්ට ප්‍රමාණවත් නොවන බව සඳහන් විය. නමුත් එදා යම් කිසි ආකාරයකට දේශීය යන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ඉඩ දී තිබුණි. ඉන් අනතුරුව 2014 දී මැක්ස්වේ පරණගම කොමිෂම ද ඉන්පසු උදුලාගම කොමිසමද පත් කරනු ලැබිණි. පරණගම කොමිසම වරින්වර දීර්ඝ කරනු ලැබිණි. 2017 වසර දක්වාම එහි විමර්ශන කටයුතු කරනු ලැබිණි. මේ කොමිසම මගින් දරුස්මාන් වාර්තාව අනුව සිවිල් වැසියන් හතළිස් දහසක් පමණ මෙරට හමුදාව විසින් ඝාතනය කළ බවට චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප විය. මිෂෙල් බැෂෙලේ වාර්තාවත් දරුස්මාන් වාර්තාව මත සැකසී ඇත්තකි.

 

ඇමරිකාවේ ඉවත් වීම

 

මේ කොමිසමෙන් ඇතැම් අවස්ථාවලදී ඇමරිකාවත් ඉවත් වීම සුවිශේෂ කරුණකි. ඉන් අනතුරුව බැරක් ඔබාමාගේ කාලයේ දී නැවත ඇතුළත් විය. ඉන්පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත එයින් ඉවත් විය. ඇතැම් අවස්ථාවලදි සුඩානය වැනි රටවල් එම රටවල ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මේ කොමිසමට ඉඩ ලබා දුන් බවක් නොපෙනේ. ඊට අමතරව ඇමරිකාවේ අබුගාරි හිරගෙදර සහ මො බොක්කේ සිර මැදිරි වල මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම් ගැන ප්‍රශ්න කිරීමක් මේ කොමිසම විසින් සිදු කර නැත.

මෙවර මේ කොමිසම මඟින් මෙරට ආරක්ෂක ප්‍රධානින් 28 දෙනෙකුට තහංචි පැනවීමට උත්සාහ කර ඇත. ජනාධිපතිවරයා විසින් රජයේ තනතුරු සඳහා විශ්‍රාමික හමුදා නිලධාරින් පත් කිරීම සම්බන්ධයෙන් සොයා බලමින් ඔවුන්ට ඇති අයිතීන්ට වඩා එහා යමින් මෙරට ස්වාධිපත්‍යයට ඇඟිලි ගැසීමක්ද සිදු කර ඇත.

ඇමරිකාව බ්‍රිතාන්‍ය වැනි රටවල් එයට හොඳ උදාහරණ සපයයි. බ්‍රිතාන්‍යයේ චර්චිල් ගේ සිය පවුලම හමුදා සේවයේ නියුතු අය විය. ඔහු 1948 වර්ෂයට පෙර ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙකි. අපේ රටට මේ අර්බුදය මේ තරම්ම උග්‍ර තත්ත්වයකට පත් වූයේ මේ රටේ 2015 දී පැවැති රජය ජිනීවා කොමිසමේදී සම අනුග්‍රහය දැක්වීම නිසාය.

ලෝකයේ ස්වාධිපත්‍ය සහිත නිදහස් රටක් පළමු වතාවට තමන්ගේ රටේ යුද අපරාධ සිදුවී ඇතැයි යන ප්‍රකාශය ජාත්‍යන්තරය හමුවේ පිළිගැනීම සිදු කර ඇත මෙය ඉතාමත් අවාසනාවන්ත තත්තවයකි.

 

සිංගප්පුරුවේ එකතුව

 

ඔවුන් 2012 වසරේදී ඔවුන් සිංගප්පුරුවේ ඩයස්පෝරාව සමඟ එකතුවී ඉන් පසුව 2015 දී රෙජින් චේන්ජ් ව්‍යාපෘතියකට සම්බන්ධ වී එවකට ජනාධිපතිවරයා පරාජයට පත්කිරීම අනුව එය සිදු කෙරිණී. ඒ අනුව ඔවුන් එහිදී පොරොන්දු වී තිබු කරුණක් වූයේ ව්‍යවස්ථාව වෙනස් කර පෙඩරල් පාලනයක් ලබාදීමයි. ඒ කිසිවක් කිරීමට ඔවුන්ට හැකියාව නොතිබිණි. එයට පාර්ලිමේන්තුවේ සහය නොලැබිණි. එදා එයට සම්බන්ධ වූ එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී අන්ත පරාජයකට පත් විය. ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් පමණක් එක් ආසනයක් පමණක් හිමිවීම සිදුවිය. එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ දේශපාලන බළ කඳවුරු වන කොළඹින් ඔහු ලබාගත් මනාප පවා ගණන් කිරීම සිදු නොවුණි.

මානව අයිතිවාසිකම් සම්බන්ධ කොමිෂම මගින් එල්ටිටිඊය යුද අපරාධ සිදු කළ බව පමණක් සඳහන් කරයි. නමුත් ඒ කිසිවක් පුළුල්ව සඳහන් කරන්නේ නැත. ලංකාවේ ඇතුළු රටවල් එකොළහක් මේ එල්ටීටීඊ අපරාධ පිළිබඳ විමර්ශනයට ලක් කිරිම සම්බන්ධයෙන් දැනුම්වත්ය. මේ සියලු සිදුවිම් ත්‍රස්තවාදි ක්‍රියා යටතේ සිදු කෙරිණි. සිවිල් වැසියන් හතළීස් දහසක් මරා දැමූ බව පමණක් ඒ වාර්තාවල සඳහන් විය .ඇත්තවශයෙන්ම සිවිල්වැසියන් යාපනය අතහැරීමෙන් අනතුරුව ලක්ෂ තුනක පිරිසක් මුලතිව් කැලයට රැගෙන යනු ලැබීය.

එමෙන්ම මේ එල්ටීටීඊ සාමාජිකයන් සිවිල් වැසියන් ලෙස වෙස්වළාගෙන මෙම සටන්වලට අවතිර්ණ වූ අවස්ථාද විය. මෙරට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරියෙකු විසින් ලංකාවෙන් බ්‍රිතාන්‍යයට යැවූ රහස් ලිපි හත්දහසකට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව දුන්නත් ඒ සම්බන්ධව පියවරක් නොගත් අතර එය මෙවර හෝ සිදු කළ යුතුය.

එසේම මිෂෙල් බැචලේගේ වාර්තාවේ විසි වැනි සංශෝධනය ගැන සඳහන් වෙයි. ස්වාධීන කොමිෂන් ඉවත් කිරීම පිළිබඳ කතා කිරීම ලංකාවේ ඇති අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසිමකි. එවකට යහපාලන රජය ඊට අමතරව 19 වැනි සංශෝධනයක් ගෙන එනු ලැබුයේ පෙඩරල් ආණ්ඩු ක්‍රමයක් ගෙන ඒම සඳහාය. නමුත් එයද අසාර්ථක විය. එවැනි දෙයක් කිරිමට වත්මන් රජයට කිසිදු අවශ්‍යතාවයක් නැත. ඒ නිසා 20 වැනි ව්‍යවස්ථාව ගෙන එන ලදි. එහිදී 19 වන ව්‍යවස්ථාවෙන් අඩුකරන ලද ජනාධිපතිවරයාගේ බලතල එලෙසම තබාගන්නා ලද නමුත් දෙවතාවකට වඩා ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බව ස්ථාපිත කෙරුණි. එමෙන්ම සියලුම කොමිසන් සභා එලෙසම පත් කර ඇත.

මිෂෙල් බැසලේ ගේ අනෙක් යෝජනාව නම් මෙහි කරුණු අන්තර් ජාතින අධිකරණයක විභාග කිරීමට හැකියාව තිබිය යුතු බවයි. එය කළ නොහැකිය. බ්‍රිතාන්‍ය, මැසිඩාව, ජර්මනිය මොන්ටිගෝව වැනි රටවල් ප්‍රතිසංවිධානය සහ මිනිස් අයිතිවාසිකම් පිළිබඳව වගවිම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවට තොරතුරු ඇත.

කෙසේ වුවද රජය මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරිමේදි සැලකිය යුතුයි.

පසුගිය වාරයේ යම් ජන්ද ප්‍රමාණයක් අපේ රටට ලැබි තිබුණි. යෝජනාවට පක්ෂව ජන්ද විසිපහක් ලැබුණි. ලංකාවට පක්ෂව 13ක් ද ජන්දය ලබා නොදුන් රටවල් 9ක්ද විය. මේ වන විට රජය සම්පුර්ණෙයෙන් ම 2015 අනුග්‍රහය දැක් වූ 30/1 , 34/1 සහ 40/1 යෝජනාවලින් ඉවත්වී ඇත. ඒ සඳහා වග නොවන බව සඳහන් කර ඇත. මෙවැනි දේ කාම්බෝජයට කිරිමට උත්සහ කළද එයද නොහැකි විය. මේ යෝජනා මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය.

 

අපේ බලාපොරොත්තුව

 

ඊට අමතරව විදේශීය විනිශ්චයකරුවන් මෙරට නඩු ඇසීමේ හැකියාවක්ද නැත. ඒ බව දැනුවත්ව තිබියදී මේ යෝජනා නැවත නැවත ඉදිරිපත් කිරිම කරනු ලබයි. ඒ නිසා මේ වතාවේදී මේවා නිවැරැදි විය යුතුයි.

මිෂෙල් බැෂලේගේ පිටු දාහතක වාර්තාව මේ වන විටත් අපිට ලැබී ඇත. නමුත් රජය එයට එකඟ නොවී ඊට පිටු 19ක උත්තර වාර්තාවක් සපයා ඇත.

ඉන්දියාව ඇතැම් විට මේ අවස්ථාවේදී අපිට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකිරීමට ඉඩ ඇත. චීනය, කියුබාව සහ රුසියාව අපිට පක්ෂව කටයුතු කරයි. වියට්නාමය සහභාගි විය හැකියි. එයත් අපිට පක්ෂව ජන්දය පාවිච්චි කිරීමට ඉඩ ඇත. ඒ නිසා අපිට බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට හැකියි. ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කිරීම හේතු කොට ගෙන මෙවැනි චෝදනාවක් ඉදිරිපත් කිරීම් ලැබූ පළමු රට ලංකාව විය හැකිය. ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය ලංකාවේ ස්වාධිපත්‍යට, ස්වාධීනත්වයට සම්පූර්ණව පටහැනි කරුණකි . ඔවුන් මේ වතාවේදී සිරියාවත් එමෙන්ම දකුණු යේමනයටත් යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙයි. ඊට අමතරව ඔවුන් මෙසේ පරීක්ෂණ පවත්වන රටවල් වන බුරුමය, මියන්මාරය, තුර්කිය මෙන්ම යේමනය වැනි රටවල් දෙස බැලීමේදී පෙනී යන්නේ ඔවුන් කලක් යටත්ව සිට පසුව නිදහස ලැබූ රටවල් බවයි. ඒ අනුව බටහිර ආධිපත්‍ය එක්තරා ආකාරයකින් යළි නතු කර ගැනීමට උත්සාහ කරන බවක්ද පෙනේ. මානව අයිතිවාසිකම් වල ඒ අය සඳහන් කරන නිර්වචන වල ආර්ථික අයිතිවාසිකම් නොවෙයි.

යුද සමයේ දී එල්ටීටීඊ සංවිධානයට පවා ආහාර ලබා දීම සිදු විය. මේ නිසා යුද්ධයත් මානසික මුහුණුවරකින් සිදුවිය. එය මානුෂික මෙහෙයුමක් වුයේ එනිසාය. ඇත්ත වශයෙන්ම යුද්ධය කළේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටය. මූලික මිනිස් අයිතිවාසිකම් යනුවෙන් සඳහන් කරන්නේ ජීවිතය පිළිබඳ ආරක්ෂාව, නිදහස පිළිබඳ ආරක්ෂාව සහ දේපළ පිළිබඳ ආරක්ෂාව ඇති කිරීමය. මේ සියල්ල සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර මිලේච්ඡ ඝාතනයන් සිදු කෙළේ එල්ටීටීඊ සංවිධානය විසිනි . එමෙන්ම ඔවුන් දෙමළ දේශපාලනඥයන්ද මරා දැමීය.

 

බිය ගැන්වීම හා තර්ජනය

 

කිසිම රටකට ඒ පිළිබඳව දඬුවම් දීමට බලයක් මේ කොමිසම සතුව නැත. සිරියාවේ රජය පෙරළා දැමීමට උත්සාහ කර බැරි වූ අවස්ථාවේ සිරියානු රජයට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන ලදී.

ඒ නිසා අපට කළ හැකි වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට පැමිණිල්ල ගෙන ඒමයි. නමුත් ආරක්ෂක මණ්ඩලයට ඒකමතික භාවයක් නොමැති අතර කිසිදු විටක බටහිර රටවලට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරයි. විශේෂයෙන් චීනය සහ රුසියාව වැනි රටවල් එසේ නොකරනු ඇත. එම නිසා මෙය එක්තරා බිය ගැන්වීමක් නැත්නම් තර්ජනය කිරීමක් විය හැකිය. දෙමළ ජනතාව රැවටීමක් සහ දෙමළ දේශපාලනඥයන්ට යම්කිසි ආකාරයකට ඩයස්පෝරාව උසි ගැන්වීමක් පමණක් මෙතැනදි සිදුවිය හැකිය. නමුත් අපේ රටේ සියලු ජන කොටස්වල මානව අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුය.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ නොපැවැත්විමට හේතුව ‍ ව්‍යස්ථාව වෙනස්කොට ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් ඇති‍ කිරීමට ඔවුන් බලාපොරොත්තු වීමය.

එම නිසා දැන් පළාත් සභා මැතිවරණය පවත්වා සියලු පළාත් සභා යථා තත්ත්වයට පත් කළ යුතුයි. මේ වන තුරු TNA පක්ෂය ඉල්ලා සිටින්නේ එය දෙමළ ජනතාවගේ අභිලාෂය ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් බවයි. ඔවුන්ට පෙර බණ්ඩාරනායක මහතා එය ඉල්ලා සිටියා. එමෙන්ම උඩරට සංගමය ඉල්ලුවා.

නමුත් ඒ කිසිවක් ඉටු වූයේ නැහැ. ශ්‍රී ලංකාව සියලු ජනතාවගේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම මඟින් කටයුතු කළ යුතුයි. එය කළ හැකි වන්නේ විදේශීය ආයෝජනයන්ට පහසුකම් ඇති කිරීම මඟිනි. ඒ නිසා අපි මුළු ලෝකෙම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේද මෙරටට සංවර්ධනය කරා ගමන් කිරිමට ආධාර කරන ලෙසයි. මේ රටේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් ආර්ථික සංවර්ධනයක් ගමන් කිරීම සහාය වීම අද දවසේ සියලු දෙනාගේ වගකීමයි.

Comments