නත්තල් කවි | සිළුමිණ

නත්තල් කවි

මෙදා නත්තලේ සැඟ­වුණු යථා­ර්ථය

පුංචි පුංචි
පිනිි බින්දු වැටෙනා
සීතල මැදි­යම්
රාත්‍රියේ
නත්තල් ගීතිකා
ඇසෙ­නවා
පල්ලියේ...

නොදැ­නීම
කඳුළු බින්දු‍
එකින් එක‍
ඇද වැටුණා
ම්ලේච්ඡ
පාස්කු ප්‍රහා­රයේ‍
සිත් රිදුම් දෙන ඒ‍
වේද­නා­ත්මක‍
අතීත මත­ක­යන්
යළි යළිත්
සිහි­ගැන්වී...

අනුර ශාන්ත පීරිස්


කිතු සමි­ඳුනි

සත් වග මුදනු වස් සග සැප ඉවත ලමින්
උත්තම කිතු තුමන් මෙදි­යත ජනිත වෙමින්
සත් දම් දෙසා ජන හද­වත් පුබුදු වමින්
ගත් දැඩි වෙහෙස සම­රමි හද පිරුණු පෙමින්

දිව රෑ මුළුල්ලේ ගම් බිම්වල ඇවිද
පව නම් රෝ දුකින් පීඩිත දන වැලඳ
ඔව­දන් ඔසු දෙමින් පා මෙත් ගුණ නොමඳ
සුව කළ අයුරු හිමි­යනි සිහි වෙයි නිබඳ

දෙවි­තුම බිහිව මනු කය ගෙන ලොවට මෙම
නිත­රම පෙන්ව­මින් සත­හට කුලුණු පෙම
තම කම නැසූ එස­මිඳු අති පරම රම
දණ බිම හොවා නම­දිමි බැති බරව මම

සද­හම් දියෙන් ලෙව් දන පව් මල සේදූ
සැල­සුම් ඇතිව ඔවු­නට යන මඟ පෑදූ
අති­තුම් සමිඳ; කිතු රැස් දස අත වීදූ
බැති පෙම් පුදමි ඔබ හට ගුණ පිරි සාදූ

දළු­පත පිලී­ෂි­යන්


උඳු­වප් මිහිර මැදින්

නත්තල් අසිරි සිරි­යෙන් ලොව නැහැ­වෙ­නවා
හද­වත් සිසිල කොට දන­ සිත් සැන­සෙ­නවා
කිතු සමි­ඳුන් දෙසූ වදන් යළි සිහි­වෙ­නවා
මිනිස් සිත් සතන් දහ­මෙන් නැහැ­වෙ­නවා

අදි­ටන් කර ගෙන පව් බරින් මිදෙ­න්නට
දයාව කරු­ණාව දක්වමු සැම මිනි­සුන්ට
සාම කුම­රුගේ උප­තින් ලැබ‍ූ සාමය රැක­ගන්ට
සමිඳුු මග යමු සැම විමු­ක්තිය ලබ­න්නට

ලොවට ගැල­වුම ගෙනා මිනිස් බව ගත් දෙව් පුතුනී
මිනි­සත් බව සුර­කින්න වර දෙන්න දෙව් පුතුනී
දෙවි­පිය වෙතට පා නැගු­මට මඟ පෙන්නූ දෙව් පුතුනී
දෙන්න සමා පව් කරවූ අප හට සාම­කු­මරු දෙව් පුතුනී

මාරි පැන්සි පෙරේරා


අසි­රි­මත් නත්තල !

උදු­වප් සඳ­රැස් බබ­ලන නත්තල
සීතල නල­වැල් දිව­යන නත්තල
වන­මල් සුව­ඳින් උතු­රන නත්තල
සම­රමු අපි අද මෙය­තුම් නත්තල

බෙත්ලෙ­හෙ­ම­ය­පුර පුද ලද නත්තල
සුර­වි­ම­නක් කළ ගව­ලෙන නත්තල
ජේසුස් කුම­රුන් ඉප­දුන නත්තල
සම­රමු පිංබර මෙය­තුම් නත්තල

සාමය සම­ගිය පැතු­රුව නත්තල
පේමය හද තුළ ඇති කළ නත්තල
ජාතික අබි­මන් එක්කල නත්තල
සම­රමු සම­රමු මෙය­තුම් නත්තල

සීනු හඬින් ගුම් නද දෙන නත්තල
ගීත රසින් රස උතු­රන නත්තල
පීති සිතින් කුල් මත්වෙන නත්තල
ලෝකෙම සම­රති මෙය­තුම් නත්තල

සරත් ධර්ම­සේන


සමු­ගත් මිතුරු
නන්දසේන

මිතු දම් අවං­කව කව­දත් පෙන්වීය
යුතු කම් සපු­රන්න හැම­විට කැප වීය
සතු වුණ ඔබේ ගුණ තව කොතෙ­කුත් වීය
මිතු රන් අතර හිත දිනු මිතු­රෙක් වීය

පාසල් වියේ එක පොකු­රක මල් වාගේ
කාලය ගත වුණේ සතු­ටින් පිරි අපගේ
තාමත් දකිමි මත­කය සිතු­ව­මක් වගේ
වාවා ගන්නෙ කොහො­මද නෙත කඳුළු නැගේ

එනවා වගේ කවු­රුත් යා යු­තුව ඇත
දෙසුවා බුදු­ද­හමෙ පිළි­ගත යුතුව ඇත
මොනවා කර­න්නද කරු­මය ගෙවී ඇත
කළ හොඳ ඔබට නිය­තයි පල දෙවනු ඇත

ජය­සේන කොඩි­තු­ව­ක්කු
 


සැබෑ නත්තල් සිරි

තරු සල­කුණු පෙනුණි බෙත්ලෙ­හෙමේ අහසේ
දරු හඬනා හඬින් සුබ පණි­වුඩ පැව‍සේ
දුරු වී සෝක සිත්වල මෙත්මල් ගැවසේ
අරු­ණළු අතර නත්තල් සිරි­යකි නිවසේ

උත්තම දේව මන්දි­ර­වල සීනු හඬ
පුත් කුම­රුන් උපත දන්වයි දනන් තුඩ
අත්කර දෙන්න සාමය මනු සතට සැඩ
නත්තල ඉඳි­ක­ඩුලු පැන සැම ගෙයට වැඩ!

ඇති - නැති කාහ­ටත් සම අත­කිනි දුන්නේ
පැති­රුණු කුලුණු මෙත කිතු හද­වත දන්නේ
තුති ගී ගයා කිත් පැස­සුම් ලැබ දෙන්නේ
ඉති­රුණු බැතිනි දෙව් කුම­රුන් නම ඳින්නේ

උඳු­වප් සීත අත­රෙම දන බැති සිතිණ
සොඳු­රුව දසුන් මව­මින් මැදි­යම පැමිණ
මැදු­රට දේව මෙහෙ­යට එක්වී තුටින
පිදුවෝ සමිඳු නත්තල් අරු­තක අටින

සැම­රුම් අතර සතු­ටක අද දවස ගෙවේ
සම­හරු කුසට අහ­රක රස නැතිව තැවේ
පෙම පෙර­දැ­රිව ඒ අය­හට සතුට සුවේ
විමසා පුදමු නත්තල් සිරි එතැන මැවේ

සරත් කුමාර වික්‍ර­මගේ
 


 
පුතුනි මා....

නැගෙන හිරු කිරණ මැද
ඇසේ සියො­තුන්ගෙ කිචි බිචිය
සීත­ලට ගුළි වී නිදන පොඩි පුතු සිඹිමි
අවදි වනු පුත­ුණු­වනි උදා වී ඇත දවස....
ලහි ලහියෙ අවදි වී
රුවා බෑගය උර­මත
පුංචි පාපොඩි තබන
පුතු සමඟ පිය නගමි
දැවේ මා හද විසල් ගිනි මැද.......

හොවා පුතු ඇදුරිඳුන් ඇකයේ
හැරෙමි මම දිවි දින­න්නට
නිමා­කොට සේවය
හිරු ගිලුණු ගොම්මනේ...
පුතු සොයා පැමි­ණෙමි
තාරකා දෙනෙත් පුතු‐ මග බලා හිඳී නිති
දකි­න්නට මගේ රුව
අඳු­රේම ගෙට වදිමි
පුතු කැටිව සැණෙ­කින්
සියලු වැඩ නිමා කොට
පුතු දෙසට එබෙමී.....

කුස පිරු­ණාද නොද­නිමි
ළතැ­වු­ලින් වග දනිමි
මගේ පුතු නිදි සුවේ
විඳින්නට නුඹේ සුර­තල්
දොඩ­මලු වන්න නුඹ හා
පෙර පිනක් නැති­වද
පින් ඇති මවයි මා
නුඹ ලබ­න්නට තරම්.....

ජී. ­එම් මානෙල් පෙරේරා


නත්තල් ගීතය

සාමයේ උල්ප­තෙහි සිසි­ලස
හද­ව­තෙහි ලේ පොදක සඟවා
එදා බෙත්ලෙ­හෙ­මෙහි රැයේ
උපන් බිලිඳාණෝ

සුපිපි තරු මල් මැ­දින් දුටු සද
අදත් නුබ ගැබ පායලා
අසිරි සිරි ඒ සොඳුරු දවසේ
සිහි කරයි නත්තල් දිනේ

සැබෑ නත්තල උදා­වන්නේ
දිළි­න්දන් බත් කන දිනෙයි
එදා පැ­වසූ පන්සලේ පිය­තුමා
අදත් සිහි­කළ යුතුයි සැම දන
එයයි නත්තල සැබෑ නත්තල

රාත්‍රියේ හැම පල්ලි­යක්
දෙව් ලිය­න්ගෙන් ඉති­රිලා
දේව කුම­රුන් පිරි­වරා
ගයති සාමයෙ ගීතිකා
ලෝක­යම ඒ දසුන් මිහි­රෙන්
මහා දෙව් විම­නක් වෙලා

අැ­ව­ැසි සඳ ලෝක­යට සාමය
කුමට ගිනි අවි අතට අර­ගෙන
මිනි­ස්සුන් නොමි­නි­සුන් විල­සින්
විශ්වයේ තැන - නොත­ැන නොබලා
අදත් අස­මගි වෙලා

ගයමු එනිසා සැ­වොම එක­තුව
සාමයේ රන් ගීතකා
උදා­වුණු මේ නත්තලේ...

කලා­භුෂණ කිවි­පති
ස­රත් විම­ල­සිරි


කිතු දෙසුමින් බණ ඇසුණේය

නපුරු රජ­ව­රුන් පූජක ධන­ප­තින් ලොව ‍රොද බැඳී
රුදුරු ලෙස ලොවේ සාරය උරා බොන ලදී
අඳුරු සම­යක එවන් යේසු උපත ද යෙදී
මහරු දම් දෙසා සැන­සු­මක් ගෙන දෙන ලදී

තුසර පිනි වැටෙන උඳු­වප් මසේ මැදි රැයේ
අඹර පෙර දිග නැගුණ අමුතු තරු­වක් තියේ
පවර උප­තක ලකුණු පහළ විය මුළු දියේ
නුවර බෙත්ලෙ­හෙම් ගව ලෙනක ඉප­දුණ පියේ

වසර තිස් දෙකක් වැනි කෙටි කලක් තුළ පියේ‍
අසර ණව සිටි දනට සැන­සු­මක් දී තියේ
‍අමර ණීයයි දෙසූ දහම් මග සාමයේ
සමර කර­නට බුදුනු මටත් අද ඉඩ ති‍ෙය්

මලෙන් ඉදි­කටු ඔටු­වෙ­කුට යන්ට බැරි ලෙසේ
දනෙන් යුත් ලෝබ රුදු අයට සග දොර වැසේ
මෙයින් කිතු හිමි කියා දුන් පව පින ලෙසේ
ගමන් කරනා අයට දෙව් ලොව සිරි දිසේ

කෙනෙක් ඔබෙ කම්මු­ලට ගසා ඇති මුත් රුදා
අනෙක් කම්මුල ද පා මෙත් කරනු මැන සදා
බසක් මේ වැනි ලොවට කියා සෙත කළ උදා
පසක් වනු ඇත සැමට ඉව­සීම හරි හොඳා

කර­ණීය මෙත් සුතුර බුදුන්ගේ දේශ­නය
අනු­ව­මය දෙසුවේ කන්ද උඩ දේශ­නය
අරු­මය ද එය අපට දෙකම එක සමා­නය
තියෙ­නු­මය මෙයින් ලෝ සතට සහ ජීව­නය

ළමා කාලයෙ දිනක් තව­ල­මට එක් වෙලා
පමා නොව වෙ‍‍ෙළඳ පිරි­සක් සමඟ ඇවි­දලා
අමා දම් භාර­තයෙ ටිබැ­ටයේ විම­සලා
යොමා ඇස බුදු දමට තිබේ සාවක වෙලා
කලා භූෂණ ජ්‍යොතිෂ ඉඳු­වර කිවි­පති

අමු‍වල අම­ර­සේන


තරු එළිය

දුරු කර අස­ම­ඟිය හද­වත් සිසිල වුණා
හුරු කර දන්දීම දුගි­නට මිහිර ගෙනා
කරුණා අමා දහ­රෙන් හද මැදුරු තනා
කරු­වල රැයක් තරු එළි­යෙන් එළිය වුණා

සැප මන්දිර තිබුණ මුත් ලොව හතර අත‍
නොපතා සැපත දුගි­යන් ගැන යෙදුව සිත
අප ගේ ජේසු මුනි­දා­ණන් තිලොව නෙත
ඉපදුණි ගව හලක සිරි­යෙන් අපරි මිත

දුක විඳි දනන් වෙනු­වෙන් ජීවි­තය පුදා‍
නෙක බාදක මැදින් සෙනෙ­හස කෙරුව උදා
මෙකරුණ සිත තබා වෛරය ලොවට නොදා
රැක ගමු හිමි දහම සැන­සුම ගෙනෙන සදා

තම අත ඇති දෙයින් දුගි­යන් සන­සන්න
හැමටම එක වගේ දැනෙ­නව කුස ගින්න
මම එමි ඔබ වෙතට දුගි­යෙක් විල­සින්න
මෙම මා හැඟි වදන් හිමි දෙසු අද­හන්න

පව්කාරි­යට ගල් ගැසු­මට දෙසු­වේය
කව්රුත් අතේ රැඳි­ ගල් බිම හෙළු­වේය
ලව්කික දහම මේ ලෙස හෙළි කෙරු­වේය
සව් සත ප්‍රේම­යෙන් සැන­සුම ලැබු­වේය

සුග­ත­දාස කුරු­විට


බිලිඳු ජේසුනී

උදු­වප් සීතලේ
බැබ­ළෙන තරු අතරේ
තවත් නත්ත­ලක අසි­රිය
ළඟ ළඟ බැව්
දැනෙ­න්නට වූ නිමේ­ෂ­යේ...

ගව­ලෙ­නෙහි වූ සැබෑ අර්ථය
මිනි­ස්කම් හැර යන
හද­වත් තුළට
පෝෂ­ණය කර­ගෙන
තනා­ග­න්නට ගව­ලෙ­නක් හද­ව­තේ...

එදා මඟ සෙවූ තරු­වෙන් මෙන්
හරි පාර අද සොයා යන්න­ටත්
අඳුර මැදින් ගලන ආලෝ­ක­යෙන්
මිනිස් වටි­නා­කම්
ජීවත් කර­ව­න්න­ටත්
සැබෑ නත්තල් තිළි­ණ­යක්ව
වඩින්න
බිලිඳු ජේසුනී
ඒ හද­වත් වල­ටග

ශාමිනී නටාෂා

Comments