රන් සිතු­වම් | සිළුමිණ

රන් සිතු­වම්

මීදුම් සළු එපි­ටින් ඇඳි
අතී­ත­යක රන් සිතු­වම්
නින්ද නොඑන රෑ මැදි­යම
සිහින වෙසින් යළි උප­දියි

හඬා වැටෙන ඔය අස­බඩ
එදා දැනුණ ළය උණු­සුම
මෙදා සිහි­න­යෙන් සපැ­මිණ
මා නළ­ලත ඔසු තව­රයි

සදා­හ­රිත තුරු­ලිය මත
විදා පියා ගී මුමු­ණන
විහ­ඟුන් ගැයු සුපෙම් ගීත
දෙස­වන් තුළ පිළි­රැව් දෙයි

සිරී­පාදෙ යන සම­නල
රංචු­ව­කට එකතු වෙලා
ඔබෙ අත­ගෙන ඉගි­ළෙ­න්නට
පැතූ පැතුම් යළි සිහි­වෙයි

තෙරක් නොමැති පටු මංපෙත
මුණ­ගැ­හිලා මතු දව­සක
එදා නතර කළ තැන් සිට
කතා ගොත­න්නට සිත් වෙයි

සීතල පාළුව තනි­කම
වියරු ලෙසින් හද පාරන
ඔබ නැති දා මරු කත­රක
රන් සිහි­නය යළි උප­දියි ...!

සුදත් ගාමිණී බණ්ඩාර


තේ කෝප්පය

පොත් අතර සරන සිත
නතර කර මොහො­ත­කට
ආද­රය මට පුදන
දෙවි දසුන ඔබ ය මට

එන­තුරා පොත අතැර
ඔබ බලා සිටි­න­යුර
නිවී නිවී ජීවි­තය
මා අසළ රැඳෙ­න­යුර

නෙතට අව­හිර නොකර
පසෙ­කට ව සිටි­න­යුර
පොත­ප­තට අම­තර ව
තවත් වැඩ තිබෙන බව

රහස් පණි­විඩ ලෙසින්
සෙමෙන් ඉඟි කරන ඔබ
උණු­සුම් ව සිටින බව
සුවඳ දී කියද්දී
ඔබ නැතුව මොන පොත් ද ?

සුමින්ද කිත්සිරි ගුණ­රත්න
 


දිය­දම් මවත් අද­හ­න්නට
බැරි සෙරක...


සිහි­ළැල් සොඳුරු නිද­හස් අර­ණක පිපුණ
සැඩ සුළ­ඟ­කට හසුවී ඈතට ඇදුණ
මල­කට පිපුන වන පෙතට ම පෙම් බඳින
හැම මොහො­තක් ම කවි­යක් මෙනි දුක හිතෙන

හස­රැ­ල්ලක් තරම් ජන කවි­යක් මෙලෙක
මත­කෙට නගා ගන්නට මට බැරි සෙයක
කඳු­ළක සිහිල ගම්වැ­සි­ය­කුගේ ඇසක
මම නොදු­ටු­වෙමි හිම වැස්සක දුරු රටක

තොටු­පල අයිනේ උණ පඳුරේ මඩුලු බැඳ
ගඟ දිය සත්ස­රට මුසු­කළ මියුරු නද
සුමි­තුරු විහඟ කැළ මර­ණයේ අඳුර විද
ඉගිළී ගිහිං ඇති සම­හර විටෙක අද

ගිංගඟ තනි අතින් ඔස­වා­ගෙන හිටිය
උහු­ලනු බැරි ව වැසි දව­සක අත හැරිය
සල්ගහ තාම මගෙ සිත උහු­ලන සැටිය
මට­වත් ඇතැම් විට අද­හා­ගනු බැරිය

පොඩි දරු­ව­කුගේ මුහුණේ රැඳි මුදු මෙළෙක
රෑ යෙහෙ­ළිය එවා සොර­කම් කර බිඳෙක
තවරා තිබිණ සුපි­පෙන මුදු වන මලෙක
දිය­දම් මවත් අද­හ­න්නට බැරි සෙරක

බිහි­සුණු කුණා­ටු­ව­කින් ආ අකා­ලෙට
පැට­වුන් අහිමි වන විට ඇස් පනා­පිට
දිගු රෑ පුරා විහ­ඟුන් නැගු විලා­පෙට
තාමත් සිත සැලේ තනි­වුණු වෙලා­වට

ඵීමසා එතෙක් නොදුටු ව නැවුම් මං පෙත්
යන විට එ බිම අත­හැර කවුරු කවු­රුත්
මිටි­යා­ව­තක තනි­යට ඉන්න විය­පත්
මහ නුග රුක් ය සෙව­ණැලි වතළ විය­පත්

ජගත් ගාමිණී මාව­ත­ගම
 


මල්

අගුලු ලා වසා සිටි
ජනෙල් පිය­න්පත්
මුදා හැරි­යෙමි
ප්‍රභා­ත­යට

වයෝ­වෘද්ධ
කිරි­ඉද්ද කුණප
මුස්න­යෙන් සෙමෙන්
පිරි­ය­මින්

සුසා­න­යට රැගෙන යන අම්මා
හැකිලී බිඳී
විසිරී යන්න ආසන්න
කිරි­ඉද්ද කුණ­ප­යක් අතට

ආයා­ස­යෙන් සිඹ බලයි
ගිල­ටි­නය කර මලක් ගස­කින්
පූජා­ස­නය මත
ප්‍රාණය නිරුද්ධ වන තුරු සෙමෙන්

සිසිල් පැන් බිඳු ඉසි­මින්
බණවා සිලෝ ප්‍රයෝ­චනා
හිමි­දි­රියෙ පිරි­නි­වන් පෑ
මලක සුවඳ මෙනෙහි කර ...!

කේ. ඩී. ප්‍රදීප් කුමාර
 


ඇළ

සයි­බු­නාන ගෙ
දුම්දාන සයි­වර් කඩේ ළඟ
මඳක් නව­තිමි
තෝසෙ උණු උණු­වෙම ගන්නට

හැබැයි නානා ගන්නෙ කොහොම ද
කඩේ ඇතු­ළට එන්නෙ කොහොම ද
කවුද සූවස් ඇළක් කැපුවේ
උඹේ දොර­කඩ

හැබැයි නානට වගේ­මයි මට
බැලූ බැල්මට පේන්නෙත් නැත
උඹේ දොර­කඩ හරස් කර­ගෙන
පෙනී නො පෙනී කට පියා­ගෙන
ගලන හැටි මේ දිසි අදිසි ඇළ

උඹෙන් මා ඈත්කර
මගෙන් උඹ ඈත්කර
අපි දෙන්න ගෙම මැදින්
උඹට නො කියා
මට ද නො කියා
කවුද නානෝ හොරෙන් කැපුවේ

මේ කරුම ඇළ ?
උඹේ හස­රැලි
මගේ හස­රැලි
උදු­ර­ගෙන දිය­කඳේ පතු­ලට
පෙනී නො පෙනී ගලයි මේ ඇළ ...!

කුමාර හෙට්ටි­ආ­රච්චි
 


අනා­දරී

නැවුම් කවි­යක් පුබුදු වන්නට
අලුත් හුස්මක් නොදී
තැවුල් කඳු­ළැල් කොපුල් තල මත
වියරු සිතු­වම් අඳී
අදත් පෙර මෙන් රැවටි රැවටී
පුරුදු අව­මන් විඳී
මාත් මගෙ පෑරෙන තුවා­ලෙත්
ඔහොම පෙළලා මදී ...!

නාරද විජේ­සූ­රිය


නුඹ

තිබිණි නම් ආදරේ ඉතුරු ව
හද­වතේ කොතැ­නක හෝ රැඳී
දැනුණි නම් සෙනෙ­හ­සක සුව­ඳක්
හිතට ළං ළං වී බැඳී
ඒ නුඹයි නුඹ ම පම­ණයි
නුඹේ ආද­ර­යයි

වියළි කත­රක
තනි ව මියැ­දෙන
තුරු ලතා­වක් සේ
මා තැවෙද්දී ලොවට සඟවා
බිඳී­ගිය විජිතේ
නුඹයි ආවේ මහා වරු­සා­වක් සේ

හිතක හිමි නැති පෙමක සුව තවරා
දරා­ගනු බැරි හැඟුම් සිත පුරවා
සිතට ළං වූ නුඹයි නුඹ පම­ණයි
ආදරේ මගෙ ජීවිතේ ...!

පාලිත කලු­බෝ­විල
 


උලෙළ

අවු­රුදු නම් තිහක් ඇති
දශක නම් තුනක්
ඇය මට හමු වූ මුල්දි­නය
අපි හිටියෙ මයිල ගහ යට
සිංහල පාඩම කිය­ව­මින්
ඇයි හිස හසු­රු­වයි ලතා­වට

වමේ සිට දකු­ණට
දකුණේ සිට වමට
පෙළින් පෙළට
පොත් පිටුව මතට බට මයි­ල­පත
ඉගිළ යයි මුව­ගින් පිඹින විට
සම­න­ලයකු ලෙස
අතු පත­රින් පතිත වන
හිරු කිර­ණින් දිදු­ලන

රෝස මල­කට නො දෙවැනි ඒ මුහුණ
අත රැඳි වූල් ලේන්සුව
විසු­රු­වයි ජෙස්මින් සුවඳ දස අත
උප­හාර උළෙලේ පෙළින් පෙළ
දකුණේ සිට වමට
වමේ සිට දකු­ණට

මේ සොයන්නේ ඇය ව
හිස් ව ඇත
ඇයට නම් කළ අසුන
ඇය පුද­න්නට
මත­ක­යෙන් මා සිතු­වම් කළ
රෝස­මල
මා අත ...!

චමින්ද ක්‍රිශාන්ත


නුඹේ රඟ

වත්සලා පොඩි නංගියේ
ගස්සලා නුඹ ගියත් සෙයි­ලම
ගැස්සුණා හද­වත මගේ
පොත්මි­ටිය ළමැ­දට හොරා

බැහැර කර මංමුළා
තොරො­ම්බල් බැඳ තාල අල්ලන
රැලේ නුඹ රඟ­දෙන සොබා
තක්කිට තරි­කිට රුඳ­ගත රුඳ­ගත

නොවෙයි නඟේ නුඹ රඟ දෙන්නේ
ගැස්සෙන පැද්දෙන ඉඟ­සුඟ ලැම­හස
ලාබෙට ඇස්රතු කර­වන්නේ
පාද තියන කොට වේගෙට වේගෙට

බස්ර­ථයේ වේගෙට වැඩි­යෙන්
පුදුම වුණා ඇස් ඉස්සර උඹ තිව්
අඩි යන්තම් මත­කෙට ගනි­මින්
ගමේ පිපු­ණු­මල් නෙළාන යනවා

ගමට වැදුණු සෙයි­ලම් වැසියෝ
එහේ පිපෙ­න­මල් හරිම ගණන් ඇති
සර­සන තරු මැද මහ සාලේ
උන් උන් තරු මැද සාද කෙළින් සඳ

සාරෙට ලෝකෙන් වහන් වෙලා
පන්පැ­දු­රෙන් උඹ බිමට වැටුණු බව
දැනුණ ද කියපං පමා වෙලා
සාරෙට පිපි­මල් සාරෙ උරා බී
උන් තව මල් ලෝකෙට තැනුවෝ
තාම පමා නෑ පාර හොයා ගෙන
ගමට වරෙන් ආයෙම දෙයියෝ ...!

ධම්මි අනු­ර­පුර

Comments