කවි මඬල | සිළුමිණ

කවි මඬල

පිළිලය

ගස් අතු පතර පැළ­යක් ලෙස උප­දි­නවා
සාරය උරා­ගෙන ගස තුළ දැඩි වෙනවා
ගස වන­ස­මින් පර ගස පොහො­සත් වෙනවා
පිළි­ලය ලෙසින් ගැමියෝ මෙය හඳු­න­නවා

පාසල අතැර ගුණ­ම­කු­කම් පුරුදු වුණා
ගම­ගොඩ පුරා හොර මැර­කම් පතු­ර­වනා
ගස් ගෙඩි කෙසෙල් කැන් ගව­යන් වසන් වුණා
මේ වගෙ අයත් ගම­ටම පිළි­ල­යක් වුණා‍

මත්කුඩු මත් වතුර රට­ටම පතු­රන්නේ
විෂ­මා­චාර අප­යෝ­ජන කර­මින්නේ
මුද­ලට වහල් වී යුතු­කම් නැහැ දන්නේ
ඒ වැනි අයයි සමාජ පිළි­ලය වන්නේ

දහමේ නමින් පටු අද­හස් පෙරට ගෙන
මිස­දිටු දහම් පද පිරි­සට කියා දෙන
පිරි­සක් වෙසෙ­න­වලු නඩ­යක් හදා­ගෙන
මෙය පිළි­ල­යකි බුදු දහ­මට නිඟා දෙන

ජනයා මුළා­කර සුදු­පි­රු­වට අඳින
මහ­ජන සේව­යට කිසි ලෙස නො ගැල­පෙන
තම වාසිය බලා නිත­රම වැඩ කරන
පිරි­සක් වෙසෙයි රට­ටම පිළි­ල­යක් වුණ

තම ආග­මට පම­ණයි ලොව ඉඩ ඇත්තේ
‍අන් සැම වැන­සු­වොත් ස්වර්ගෙට යනු ඇත්තේ
මිස­දිටු අද­හ­සින් හිස පුරවා ගත්තේ‍
අලු­තින් හැදෙන පිළි­ලය හැඳි­නිය යුත්තේ

රට ගම වන­ස­මින් නිති අවැඩ ම කරන
ඇසු­දුටු දනන් බිය කර­වන නම් දරන
යහ­ගුණ දහම ගැන කිසි දින නොම සිතන
අද­මිටු දනෝ පිළි­ලය වෙයි වින කරන

ගහ­කොළ කපා පරි­ස­ර­යම වන­සන්නේ
වන සිව්පා සතුන් ගිනි බිඳ මස් කන්නේ
පස්පව් කර­ව­මින් මඩි තර කර­ගන්නේ
පිළි­ලය ලෙසින් පව්කම් රැස් කර ගන්නේ

ඇඟ­පත කොතැන හෝ එක් සෛල­යක් සැදී
වැඩෙ­මින් ගත පුරා මුල් අතු­ප­තර බෙදී
ජීවිත ඔරුව සිත් සේ පැද යන්න නොදී
දිවි­යම බිලි ගනී පිළි­ලය දුක ම දිදී

සෝම­දාස කන්දෙගේ



නුඹේ පෙම

ගනා­න්ධ­කාර
ආකා­ශ­යෙහි
සදි­සිය
විදු­ලිය
පසු­වය
ආයේ
හෙණ­හඬ

අජිත් ලිය­නගේ



අහස වගෙ මගෙ නෙතත්

වහින කලට කඳුළු ගඟක්
පෑවි­ල්ලට ඉඩෝ­ර­යක්
එක­ලට නැත කඳුළු බිඳක්
නිය‍ෙ­ඟෙට ඉරි තැළුණු බිමක්
වගේ නොමැත සොඳුරු හදක්

අහස් වතුර ඉවක් බවක්
නොමැත අවැසි කිසිම විටක්
පායන කල වතුර බිඳක්
දෙතො­ලය වෙයි පිරිත් පැනක්
වැස්සට පසු හිරු එළි­යක්

දුරු කර­ලයි ගං වතු­රක්
ඒ වගේද මගේ හිතත්
කියන්න ඉඩ දෙන්න ටිකක්
වැඩි වුණා ම ආද­ර­යත්
අහස වගේ අමුතු තැනක්

ආසිරි විජේ­සේ­කර


එබී බලාන කවු­ළු­වෙන්

දුර වැඩියි නොකි­යන්න...
හැඟු­ම්බර දෑස් දෙස
බලා­ගෙන නොම ඉන්න...
ආයෙ­මත් හමු­වන්න
පැතුම් නම් නොති­යන්න...
ජීවිතේ දුර ගමන්
ඉතින් තනි­වම යන්න‍‍‍...
ඉමක් නම් නොපෙ­නෙන
නිල් අහස වෙත යන්න
විසල් බව ලෝක­යම
කියා ගෙට නොම එන්න
ලෙහා බැඳි ජීවි­තය
පියා­පත් විහි­දන්න
පුතුනි නුඹ­වත් ඉතිං
ජීවි­තය විඳ­ගන්න

අගේෂා සේනා­නා­යක


 ඔවුහු වෙති නළුවෝ

ගතෙහි දූවිලි මඩත් තැව­රිණ
සිතෙහි දිරි­යත් ශ්‍රමය කැප විණ
නිදි වරා වේදිකා සර­සන
නුඹට හිමි නැත වේදිකා රඟ­දෙන

අගනා සළු පිළි­යෙන් සැර­සුණ
සුවඳ හමනා විල­වුන් ද ගැල්වුණ
වේදි­කාවේ දිගට හර­හට රඟ­දෙන
සිටිති නළු නිළි­යන් බොහෝ දෙන

සුපිරි නළු නිළි­යන් සිටින තැන
පහන දල්වන්න වත් ආරා­ධනා නොලැ­බිණ
රඟන හෝරාවේ වේදි­කා­වට එපා වුණ
නුඹයි නළුවා අගය නැති වුණ

වේදි­කාව සකස් කොට දී සොඳින
ඈතින් සිට ඔල්ව­ර­සන් දීම පම­ණක් ම උරුම වුණ
නුඹේ සිත හඬන හැටි එදා මට පෙනිණ
නොහ­ඬන්න නොතැ­වෙන්න සිත සිතා ඒ ගැන

පිය­සෝම රුද්‍රිගු
 


බුද්ධි ගල­නය

නැතිබැරි­කම් අගහිඟ­කම්
උදා­ගි­රින් නැඟ එන්නේ
සිතේ පැතුම් හදේ සුසුම්
අව­ර­ගි­රින් බැස යන්නේ

ළමා වියේ දුටු ලෝකය
අද සිහි­නෙන් දිස් වන්නේ
උග­තු­න්ගෙන් පිරි ලෝකය
අද උක­සට ගිල­ගන්නේ

වදන් පොතේ පිටු අත­රින්
කඳුළු කතා බොඳ වෙන්නේ
රුපි­යල සහ මිහි­දන් වී
කළු කාසිය රජ වෙන්නේ

නැතිබැරි­කම් අග­හි­ඟ­කම්
‍උදාගි­රින් නැග එන්නේ
උග­තු­න්ගෙන් පිරි ලෝකය
පිට­රැ­ටි­යට නතු වෙන්නේ

අශානි භාග්‍යා කරු­ණා­නා­යක


මර­ණයේ වරණය

ඉස්ස­ර­හම කැරම් පෙතකි
දෝරෙ ගලන සිනා වතකි
දාම් අදින තැන පොර­යකි
බොරු කර­තැයි ඝෝෂා­වකි

පිටි පස්සේ බූරු පොළකි
යටි අස්සේ දියර මතකි
වත්ත පුරා බැනර් රැසකි
නිවන් පුරට අරින දොරකි

කෑම කන්න මහ පිරි­සකි
බුෆේ පෝලිමේ වලි­යකි
ගෙදර අයට වැඩ තොග­යකි
නොන­වත්වා පිළි­ගැ­නු­මකි

හිසට උඩින් තෙල් පහ­නකි
සාලය මැද තනි මිනි­යකි
මිනිය අසල නිදන අයෙකි
නැත සෙල­වෙන, හේ බල්ලෙකි

පී.බී‍. ගුණ­රත්න
 


විකි­ණීම

“මහ­ත්තයා, වාස­නාව ගෙනාවා‍
ගනිමු ටිකට් එකක්...”
පෙට්‍රල් ටැංකියේ පියන වහ­න­කොට‍
පිටු­ප­සින් ඇසුණුු මිහිරි කට­හඬ‍
දනන් කෝටි­පති සිහි­න­යක තබා
බඩ­වි­යත රැක­ගන්න ළඳක්
දැන් ටිකට් විකු­ණ­නවා
ඉස්සර වික්කෙ ඇඟ...
තව කෙනෙක් පියන අරින ගමන් කියයි
‍රූ සපුව වැහැ­රුණු
නා දළු මෝරා වැඩුණු‍
ඉඟ­සුඟ පුළුල් වී
නිදි කිරන රණ තිසරු
සිටු මැදුරු දොර වැසුණු
අම්බ­පා­ලි­යකි ඈ
ඇතු­ගල පා මුල මහ­වීදි
වැව රවුම වටා සක්මන් මළුව
ඇත්කඳ විහා­රය - ගලේ­බ­ණ්ඩාර සංහිඳ
රජ­පි­හිල්ල - ගස්සෙ­වණ
වරක් දුටු ඇහැක්
යළි හැරී බැලූ දවස
සරාගී වත කමල මුදල් කළ රුසිරු කය
විය­පත්ව ‍සොයනවා ජීවි­තය
“මහ­ත්තයා ටිකට් එකක් ගන්න­වාද?”

වික්‍ර­ම­සිංහ අත­පත්තු
 


ඔවා

අනුන් හෙළා නොද­කින හද­ව­තක් ඇතී
උනුන් මතේ අවි නඟනා යුගත් නැතී
තමන් පිහිට තමන් මැ වග නිතර සිතී
පිනැ­ත්තන්ට දෙව් බඹු­නුත් හිස නමතී

ඇස පුරවා ගනු රිසි­යෙන් දවස’රින
බස දොඩලු බව මිස කය නොවෙ­හෙ­සන
රස මස­වු­ලට ගිජු සිත නොම සංසි­ඳුන
දොස අව­ගු­ණය තිරි­සන් ගති සිහි නඟන

සරණ වනු මැනවි සතුනී හැම සතට
කරන සියලු දෙය කළ මැන ලොව සෙතට
උරණ නොවෙන් ගුරු දෙගු­රුන්ගේ බසට
මර­ණය සින­හ­වෙන් පිළි­ගත හැක එවිට

විජිත කුමාර විජේ­රත්න

Comments